Arachis hypogaea යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රටකජු දකුණු ඇමෙරිකාවට ආවේණික ශාක ප්‍රභේදයකි. ලොකු කුඩා කවුරුත් රටකජු ආහාරයට ගැනීමට ඉතා ප්‍රිය කරති.රටකජු වල විටමින් ඊ, විටමින් බී, ප්‍රෝටින්, ගුණාත්මක මේද, යකඩ, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම් හ අෆ්කැවනොයිඩ ආදි පෝෂක ගණනාවන් අන්තර්ගත වන නිසා අප සිතනාවට වඩා පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයකි.රටකජු වල හිතකර කොලෙස්ටරෝල් වැඩිය. එබැවින් ඒවා අධි රුධිර හෝ අව රුධිර පීඩන ඇතුළු රෝග ගණනාවක් මැඩලීමේ විභවයකින් යුක්තයි. රටකජු ප්‍රෝටීන් හදවත් රෝග වලට හේතුවන රුධිර නාල ඝනවීම් දුරුකර ඒවා නම්‍යශීලිව වඩාත් ශක්තිමත් කරවමින් රුධිර ප්‍රවාහය වඩාත් ක්‍රමවත් කරන බව පැවසේ. රටකජු කෝප්පයක අඩංගු කැලරි අගය දැක්වෙන්නේ කිලෝකැලරි 828 ක් ලෙසයි.
ඉංග්‍රීසි බසින් පීනට් ලෙස හැඳින්වුව ද මේවා නට් වර්ගයක් නොව රනිල කුලයට අයත් විශේෂයක් බවයි කියවෙන්නේ. ඇට කරල් මෝරන්නේ පස තුලදියි. රටකජු වලින් විවිධ ආහාර වර්ග පිසිනු ලබයි. අපේ රටේ රටකජු තම්බා හෝ වෑංජන ලෙස සකසන ක්‍රම ඇත. කබලේ බැද හෝ තෙලේ බැදගත් විට රටකජු වඩාත් රසවත්ය.’පීනට් බටර්’ හෙවත් රටකජු වලින් සකසන බටර් විශේෂය සහ රටකජු තෙල් ද ලෝකයේ ජනප්‍රියව ඇත.රටකජු ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනගනිමු

1.හෘද සෞඛ්‍යයට ඉතා හිතකරය-රටකජු යනු විටමින් ඊ, නියාසින්, ෆෝලේට්, ප්‍රෝටීන් මෙන්ම මැන්ගනීස් යන පෝෂක වල අපූරු ප්‍රභවයකි. මේ සියල්ලම හෘද සෞඛ්‍යය වැඩිදියුණුවීම සඳහා ප්‍රතිලාභ ගෙන දෙන බව හඳුනාගෙන ඇත. රටකජු හෘදයට හිතකර මේද ප්‍රභේදයක් වන ඒක අසංතෘප්ත මේද වලින් පිරී ඇත.එබැවින් හෘද සෞඛ්‍ය සඳහා හෘද ආරක්ෂණ ආහාර වේලක් අනුගමනය කරන අයට රටකජු තම ආහාර වේලට එක්කර ගත හැකිය. රටකජු සහ රටකජු බටර් පරිභෝජනය කිරීටක රෝග අවදානම ආසන්න වශයෙන් 21% කින් අඩු කිරීමට සමත් වි තිබූ බව එක්තරා පර්යේෂණයකදී අනාවරණය විය.
2.පිත්තාශයේ ගල් සෑදීම වළකයි-පිත්තාශයේ ගල් යනු බොහෝ විට කාන්තාවන්ගේ සිරුරේ වර්ධනය වන රෝගයකි. එයට ප්‍රතිකාර ක්‍රම මෙන්ම ආරක්ෂා වීමට අනුගමනය කල යුතු උපදෙස් රැසක් ද තිබෙන නමුත් ඉන් වඩාත් රසවත්ම ක්‍රමය වන්නේ රටකජු ආහාරයට ගනිමින් එම අවදානම වළක්වාගැනීමය. කාන්තාවන් අසූ දහසකට අධික සංඛ්‍යාවක් විසින් කරන ලද සමීක්ෂණයක් මඟින් දිනපතා රටකජු හෝ රටකජු බටර් පරිභෝජනය කල කාන්තාවන් අතුරින් පිත්තාශ ගල් රෝගයට ලක්වීමේ අවදානම 25% ක පමණ අඩුවීමක් හඳුනාගත හැකිව තිබු බව සඳහන් වේ. පිත්තාශයේ රෝග වළක්වා ගැනීම සඳහා රටකජු අවුන්සයක් පමණක් දිනපතා අවශ්‍ය වීම ඇත්තෙන්ම පුදුම සහගතය.
3.පිළිකා වළක්වයි-රටකජු වල බීටා- සිස්ටොස්ටෙරෝල් (SIT) නමින් හැඳින්වෙන ෆයිටොස්ටෙරෝල් වර්ගයක සුපිරි බලයක් ඇත. මෙම වර්ගයේ ෆයිටොස්ටෙරෝල් පිළිකා වළක්වන්නේ හුදෙක් ගැටිති/ගෙඩි වර්ධනය වීම වළකමිනි. එක්සත් ජනපදයේ සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ අවම වශයෙන් සතියකට දෙවරක් රටකජු පරිභෝජනය කරන පිරිමින්ට හා කාන්තාවන්ට අනුරූපව පිළිවෙලින් 27% කින් සහ 58% කින් පමණ මහා බඩවැලේ පිළිකා වැළඳීමේ අවදානම අඩුවීමක් පෙන්නුම් කල බවයි.
4.මතකය වැඩි දියුණු කරයි-රටකජු සාමාන්‍යයෙන් “මොළයේ ආහාරය (brain food)” ලෙස හඳුන්වන්නේ එහි අන්තර්ගත විටමින් බී 3 හෝ නියාසින් පවා මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කර මතකය වැඩි දියුණු කරන බැවිනි. මීට අමතරව ඒවාට රෙස්වෙටරෝල් නමින් හැඳින්වෙන ෆ්ලේවනොයිඩ් ඇතුළත් වන අතර එය මොළය දෙසට ඇති රුධිර සංසරණය 30% කින් ඉහළ නැංවීමට උපකාරී වේ.

5.මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උදව් කරයි-මනෝභාවය නියාමනය කිරීම හා සම්බන්ධ ප්‍රධාන මොළයේ රසායනික ද්‍රව්‍ය සෙරොටොනින් ය. මොළය තුළ ඇති ස්නායු සෛල මගින් සෙරොටොනින් ප්‍රමාණවත් ලෙස මුදා නොහැරීම මානසික අවපීඩනයට හේතු වේ. රටකජු වල ට්‍රිප්ටෝෆාන් ලෙස හඳුන්වන ඇමයිනෝ අම්ලයකින් සමන්විත වන අතර එය සෙරොටොනින් මුදා හැරීමට උපකාරී වන අතර එම නිසා මානසික අවපීඩන රෝග ලක්ෂණ සමඟ සටන් කිරීමට උපකාරී වේ. රුධිරය තුළ ඉහළ සෙරොටොනින් වර්ධනයක් ඇති විට එය විශාදනාශක බලපෑම් ඇතිකරවයි.
6.දරුවන්ට පෝෂණය සඳහා ඉහල මට්ටමේ ගුණදෙන සුපිරි ආහාරයකි-සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා දරුවන්ට වැඩෙන වයස තුළ අමතර පෝෂණය අවශ්‍ය වේ. රටකජු යනු වර්ධනයට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය වන හොඳ තත්ත්වයේ ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇති ආහාරමය ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා කදිම ක්‍රමයකි.
7.බර පාලනය කිරීමට උදව් කරයි-රටකජු වල තන්තු, මේදය මෙන්ම ප්‍රෝටීන් අන්තර්ගතය මිශ්‍ර වීමෙන් ඒවා ඉහළ තෘප්තිමත් ආහාරයක් බවට පත්වේ (එනම් ඉක්මනින් බඩ පිරුණු ගතියක් දනවයි). එමනිසා, ඔවුන් ඔබට දීර්ඝ කාලයක් ක්‍රියාශීලීව සිටිමට හැකි වන අතර එම නිසා නිතර නිතර ඇතිවන ඔබේ කුසගින්න අඩු කරයි. එසේම, පරිවෘත්තීය වේගය ඉහළ නැංවීමට උපකාරී වන විශිෂ්ට ශක්ති ප්‍රභවයන් රටකජු වල අන්තර්ගත වේ. මෙම ගුණාංග බර අඩු කර ගැනීමේ ඔබේ ඉලක්කට යාමට හොඳ සහයක් ලබාදේ.
8.ඇල්සයිමර්ස් රෝගය වළක්වයි-රටකජු මෙන් නියාසින් පොහොසත් ආහාර භාවිතය ඇල්සයිමර්ස් රෝගය වැළඳීමේ අවස්ථාව 70% කින් අඩු කරන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. රටකජු කෝප්ප හතරෙන් එකක යෝජිත දෛනික නියාසින් වටිනාකමින් හතරෙන් එකක් පමණ අන්තර්ගත වේ.
9.සාරවත් බව වැඩි දියුණු කරයි-රටකජු වල සරුබව වැඩි කරන ද්‍රව්‍යයක් වන ෆෝලේට් අඩංගු වීම නිසා කාන්තාවන්ට ඉතා ගුණදායකයි. රටකජු වල ප්‍රමාණවත් ෆෝලේට් ප්‍රමාණයක් අඩංගු වන අතර පර්යේෂණ හා සැලකිය යුතු අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ෆෝලික් අම්ලය මයික්‍රො ග්‍රෑම් 400 ක් (ෆෝලේට් වල අඩංගු) දිනපතා පරිභෝජනය කිරීමෙන් සරුබව වර්ධනය වන බවත් ලැබෙන්නට සිටින දරුවා හට හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බවත්ය. ගබ්සා වීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩු වේ. එසේම අසාමාන්‍යතාව සහ ස්නායුක හෝ කායික ගැටලු තත්ත්වයන් ඇතිවීමේ අවදානම බෙහෙවින් අඩු වේ. එබැවින් ගැබ්ගැනීමට සැලසුම් කරන කාන්තාවක් විශේෂයෙන් රටකජු ආහාරයට ගත යුතුය.

10.හිසකෙස් ගැලවීම වළක්වයි-රටකජු වල අඩංගු විටමින් සී කොලජන් නිපදවීමට උපකාරී වන අතර එමඟින් අපගේ හිසකෙස් තුළ ඇති පටක එකට තබා ගනී. පුරුෂයින්ගේ රටාවට හිසමුඩුවීමට (male-pattern baldness) ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ විට භාවිතා කරන එල්-ආර්ජිනින් මෙන්ම ඔමේගා 3 මේද අම්ලද අපගේ කෙස් ශක්තිමත් කරන අතර හිසකෙස් වර්ධනයට දායක වේ.
12.වයස්ගත වීම සම්බන්ධ සංජානන පරිහානියට එරෙහිව ආරක්ෂා කරයි (විටමින් බී 2)
රටකජු මෙන් නියාසින් බහුල ආහාර පරිභෝජනය කරන අය ඇල්සයිමර් රෝගයට ගොදුරුවීමේ අවදානම 70% අඩු නැඹුරුවක් ඇති බව පර්යේෂණ මඟින් පෙන්වාදී ඇත . රටකජු කෝප්ප හතරෙන් එකක් දිනපතා ආහාරයට ගන්නේ නම් දෛනික නියාසින් අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් ආසන්න වශයෙන් සපුරාගත හැකි බව පැවසේ.
රටකජු අතුරු ආබාධ-රටකජු අධික ලෙස පරිභෝජනය කිරීමෙන් ගෑස්, අජීර්ණ මෙන්ම හදිසියේම වර්ධනය වූ ආහාර රටකජු වලට සංවේදීතාව (hypersensitivity to peanuts) ඇති විය හැකිය.රටකජු ආසාත්මිකතාවයක් යනු වර්ධනය විය හැකි ආහාර ආසාත්මිකතාවකි. රටකජු ආසාත්මිකතාවයෙන් පෙළෙන අයට සැලකිය යුතු ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් ඇත, , රටකජු සංවේදීතාවයේ පළමු රෝග ලක්ෂණ මතුකිරීම් බරපතල නොවූවත් එය ඇත්ත වශයෙන්ම ජීවිතයට තර්ජනයක් විය හැකිය. ඔබට රටකජු ආසාත්මිකතාවයක් ඇති බව ඔබ සිතන්නේ නම්, රටකජු ආහාරයට ගැනීමෙන් වළකින්න.
උපුටා ගැනීම: The Lanka Post