හිස නිදහස් කරන්නට සක්‍රීය කාබන්වලින් ලැබෙන ප්‍රතිලාභ 5ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සක්‍රිය කාබන් යනු සඡිද්‍ර (සිදුරු සහිත) අධිශෝෂක (adsorptive) මාධ්‍යයකි. ලිපෙහි ඉතිරි වන දර අඟුරුවලින් මෙය වෙනස් වන්නේ ඒවා “සක්‍රීය කළ” ඒවා නිසා ය.

සක්‍රීය කරලීම සඳහා අඟුරු අධික උෂ්ණත්වයන්ට පත් කරන අතර, එවිට එයට අධිශෝෂණ හැකියාවන් ලැබේ. අවශෝෂණය (absorption) යනු, රෙදි කැබැල්ලකට ජලය උරා ගැනීම යි. නමුත් අධිශෝෂණය යනු රසායනික බන්ධන මඟින් පරමාණු හෝ අයන ආසක්ත කර ගැනීම යි. මේ නිසා සක්‍රීය කාබන්වලට ඉතා හොඳ පිරිසිදුකාරක ගුණයන් ලැබී ඇත.

හොඳ විෂහාරකයක්

සක්‍රීය කාබන් පෙති (medium.com)

පාරිසරික දූෂණයෙන් මෙන්ම අඩු ගුණාත්මක බවින් යුතු, පෙර-සැකසූ ආහාර ආදියෙන් අපගේ සම සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු සඳහා දායක වේ. මෙම විෂවලට නිරන්තරව නිරාවරණය වීමෙන් සෛලීය හානි, අසාත්මිකතා ප්‍රතික්‍රියා, ප්‍රතිශක්තිය අඩපණ වීම සහ වයස්ගත වීම වේගවත් වීම සිදු වේ.

සක්‍රීය කාබන් නිතිපතා භාවිතා කිරීමෙන් ඔබේ ශරීරයෙන් මෙම අනවශ්‍ය විෂ ඉවත් කළ හැකිය. චර්ම ආලේපනවලටත් වඩා, සක්‍රීය කාබන් සහිත ෂැම්පු එකක් වඩාත් ආරක්ෂිතව හිසකෙස් සඳහා භාවිතා කළ හැකි වේ.

හිසකෙස්වල පරිමාව වැඩි කරයි

පිරුණු කෙස් කළඹක් (bustle.com)

වාහන තදබදය නිසා වාහනවල දුමාරය, කුණු දූවිලි වැනි පරිසර දූෂණයන් නිසා අපේ හිසකෙස් ඉතා ඉක්මනින් ම අපිරිසිදු බවට පත් වෙයි. මෙම කුණු දූවිලි හිසකෙස් අතර රැඳී, හිසේ ඇති තෙල් වර්ග හා මුසුවී තවත් ආසක්ත වූ විට හිසකෙස්වල පෙනුම නැති වී යයි. තෙල් නිසා කෙස් තැළුණු ස්වභාවයක් ගැන‍ීමෙන් එහි පරිමාව අඩු වී බාහිරයට පෙනෙන්නට පටන් ගනියි.

හිසකෙස්වල සෞඛ්‍යය වඩාත් හොඳින් පවත්වා ගන්නට නම්, ගෙදර එනවිට ඔෆිස් එකෙන් හිසේ පුරවාගෙන එන ප්‍රශ්නවලට අමතරව, කුණු දූවිලිත් හොඳින් සෝදා ඉවත් කරගත යුතු යි. ප්‍රශ්න හිතින් අමතක කරනවාටත් වඩා පහසුවෙන් සක්‍රීය කාබන් අඩංගු ෂැම්පු මඟින් හිස මතුපිට සම සහ හිසකෙස් සුපිරිසිදු කරගත හැකියි.

එවිට, ඔබට පිරිපුන් කෙස් කළඹක පෙනුම සමඟ හිස නිදහසින් හෙට දවස ආරම්භ කළ හැකියි.

ඉස්හොරි සඳහා හොඳ විසඳුමක්

සමකාසන්න අපේ රටේ හිසෙන් වැටෙයි හිම! (gq-magazine.co.uk)

කැසීම් සහිත, තෙල් සහිත සම සහ දිලීර ආසාදන නිසා ඉස්හොරි ඇතිවිය හැකි ය. විශේෂයෙන් පුරුෂයන්ට ඉස්හොරි ඇතිවීමට ඇති අවදානම වැඩි ය. හිස පීරන විට, කසන විට වියළි සම් පතුරු ගැලවී කෙස් අතර රැඳීමෙන් ඔබට අප්‍රසන්න පෙනුමක් ගෙන දීමට ඊට හැකි බැවින් ඉතා හොඳින් හිස පිරිසිදු කරමින් ඉන් මිදීමට කටයුතු කළ යුතු වේ.

සක්‍රීය කාබන් මඟින් දවස පුරා එක්රැස් වුණු තෙල්, කුණු, සහ විෂබීජ ඉවත් කරමින් හිසකෙස්වලට මනා පෙනුමක් ගෙන දෙයි. අඟුරුවලින් හිස්කබල සමනය වන අතර, වියළි බව නැති කර දමයි. එවිට කැසීම් හෝ පතුරු ගැලවීම වළකියි. Dandex Deep Clean වැනි සක්‍රීය කාබන් අඩංගු ෂැම්පු හිස ඇතුලතින්ම පිරිසිදු කරන බැවින් මේ ගැටළු පහසුවෙන්ම සමනය වේ.

හිසකෙස් හොඳින් වර්ධනය වීම

අකලට හිසකෙස් යාමට හිස්කබල මතුපිට අපිරිසිදු බව බලපායි (lorealparisusa.com)

ඔබේ හිස්කබල මතුපිට ඇත්තේ ද සම වන අතර එයින් අදහස් කරන්නේ ඔබේ ශරීරයේ සෙසු කොටස් මෙන්ම ඔබේ හිස්කබල ද තෙල්, අපිරිසිදු හා අතිරික්ත දහදිය අවශෝෂණය කර ගන්නා බව ය. ඉන් සමේ ගුණාත්මක භාවයට බාධා එල්ල වන අතර හිසකෙස් වර්ධනයට බෙහෙවින් බලපායි.

එහෙත්, සක්‍රීය කාබන් සමග වඩාත් හොඳින් පිරිසිදු කළ හිස් කබලකට ස්වභාව ධර්මය තුති පුද කරන්නේ දිදුලන කෙස් කළඹක් උරුම කරලමිනි.

එය සම හොඳින් පිරිසිදු කරයි. දහදිය සහ ඒ හා මුසුවුණු කුණු දූවිලි ඉවත් කර ඔබේ හිසකෙස් වාතනය කරයි. සමේ ඇති සිදුරු පිරිසිදු කොට, විෂබීජහරණය කර හිසකෙස් වර්ධනයට ඉඩ සලසයි.

ඕනෑම කෙනෙක්ට භාවිතා කළ හැකිවීම

ෆැෂන් නිසා හිසකේ පටලවා ගත යුතු නොවේ (vox-cdn.com)

ෆැෂන් කිරීමත්, හිසකෙස්වල පෝෂණය සඳහා සත්කාර කිරීමත් බොහෝ විට රැවුල සහ කැඳ බවට පත්වන කාරණා දෙකකි. වෙළඳපොළ ඇති බොහෝ රසායනිකමය නිෂ්පාදන හිස ගැල්වූ විට එය ඇතැම් අයට අහිතකර වීම, ටින්ට් කර ඇත්නම් ඒවාට හානිවීම වැනි ගැටළු රැසක් ගෙන දෙයි.

ස්වභාව ධර්මය නිසා ගොඩනැගුණු අපේ සම සහ හිසකෙස්වලට සත්කාර කිරීමට වඩාත් ම සුදුසු අන් කවර දෙයක්වත් නොව, ස්වභාව ධර්මයේ ම විසඳුමකි. දවස පුරා වදදෙන හිස කැසීම, උරහිස් මත ඉස්හොරි කැබලි පතිත වීම, ඒවා නිසා මුහුණේ සම කැසීමට පටන් ගැනීම වැනි සෑම ගැටළුවකින් ම පහසුවෙන් නිදහස් වන්නට සක්‍රීය කාබන් අඩංගු ෂැම්පු දායක වෙයි.

එනිසා, ඕනෑම කෙනෙක්ට බය නැතිව හිස පිරිසිදු කරගන්නත්, තවදුරටත් හිසකෙස් ගැන වද නොවී හිත පිරිසිදු කරගන්නටත් සක්‍රීය කාබන් අඩංගු shampoo භාවිතා කරන්න පුලුවන්. එතකොට හිසත් නිදහස්, හිතත් නිදහස්.

 

උපුටා ගැනීම: Team Roar

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!