හිසකෙස් වලින් ඔබේ සෞඛ්‍යය ගැන කියවෙන කරුණු 8ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ හිසකෙස් වල පෙනුම රඳා පවතින්නේ අපි හිසකෙස් බලාගන්නා විදියට හා වෙනත් බාහිර සාධක නිසා කියලයි. ඒත් හිසකෙස්වලින් අපේ ශරීරයේ තියන ලෙඩ රෝග ගැනත් කියන්න පුලුවන් කියලා ඔයා දන්නවාද?

ගොඩක් අයට තියන හිසකෙස් ප්‍රශ්නවලින් කියන්නේ එයාලට මොන ලෙඩේ තියන බවද කියලා අපි හොයලා බැලුවා.

1. අඳුරු හා ශක්තිමත් නැති හිසකෙස්

අඳුරු හා ශක්තිමත් නැති හිසකෙස් කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ නිතරම කර්ල් හෝ අයන් කරන, ඩයි කරන, හොඳට බලාගන්නෙ නැති කොණ්ඩයක්.

ශීත කාලෙදිත්, අපේ ඇඟට විටමින් අඩු වුණාමත් කොණ්ඩය මේ විදියට අඳුරු වෙන්න පුලුවන්. මේකෙන් කියන්නේ අපේ ශරීරයට සෙලනියම්, සල්ෆර් හා පොස්පරස් අවශ්‍ය බවයි.

2. ඉස්සොරි

ඉස්සොරි භයානක නැතත් අප්පිරියා සහගතයි. ඒ වගේම නිතර ඔලුව කසන නිසා ඔලුවේ තුවාල හැදෙන්නත් පුලුවන්. මේකට හේතු වන්නේ ඔයා ඔයාගෙ හිසට එක එක වර්ගයේ ආලේපන, ශැම්පු වගේ දේවල් පාවිච්චි කිරීමයි.

තවත් හේතුවක් වන්නේ ආතතිය, ආමාශයේ අන්ත්‍ර ආශ්‍රිත ගැටලු හා ප්‍රතිශක්තිය අඩු වීමයි. කහ ඉස්සොරි ඇති වන්නේ සෙබෝර්හයික් ඩර්මැටිටිස් තිබීම නිසයි. ඒක ටිකක් සුව කරන්න අමාරු වුණත් සම සම්බන්ධ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවුණොත් ප්‍රතිකාර ලබාගන්න පුලුවන්.

3. සිහින් හා කැඩෙන සුළු හිසකෙස්

ඔයාට ප්‍රෝටීන් ඌනතාවයක් තියනවනම් තමයි මෙහෙම වෙන්නෙ. ප්‍රෝටීන්වලින් අපේ ශරීරය ගොඩනගනවා. ශරීරයේ ප්‍රෝටීන් අඩු වුණොත් අපේ සමට, හිසකෙස්වලට හා නියපොතුවලට අහිතකර විදියට බලපානවා. මේ සඳහා වැඩිපුර පලතුරු කෑම හා ඔමේගා-3 අඩංගු ආහාර ගැනීමට වෛද්‍යවරු උපදෙස් දෙනවා.

සමහරවිට මේ තුනී හිසකෙස් කුෂින්ස් ඩිසීස් හි රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්. නින්ද නොයාම, අධි රුධිර පීඩනය හා කොන්දේ වේදනාව මේ රෝගයේ තවත් ලක්ෂණ කියලා හඳුනගෙන තියනවා.

4. හිසකෙස් යාම

ගර්භනී කාලයේදී, වයසට යනවිට හෝ වෙනත් ස්වාභාවික හේතුවක් නිසා හැරෙන්න දවසකට හිසකෙස් 100 ක් විතර යන එක සාමාන්‍ය දෙයක්. මේක පරීක්ෂා කරන්න ඔයාටම පුලුවන්. ඔයාගෙ ඇඟිලි කොණ්ඩය දිගේ පහලට ගෙනියන්න. එතකොට කෙස්ගස් 5කට වඩා ගැලවිලා එනවා නම් වෛද්‍යවරයෙක් හමුවීම සුදුසුයි.

කොණ්ඩය යන එක අන්තරාසර්ග පද්ධතියේ හෝ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රශ්නයක් නිසා ඇති වෙන්න ඉඩ තියනවා. සමහර විට දියවැඩියාවේ රෝග ලක්ෂණයක් වෙන්නත් පුලුවන්. කලබල නොවී වෛද්‍යවරයෙක් හමුවුණොත් ඔයාට හරියටම දැනගන්න පුලුවන් රෝගී තත්වයක් නිසාද ඔයාගෙ කොණ්ඩෙ යන්නෙ කියලා.

5. හිසකෙස්වල තෙල් ගතිය

ඔයාගෙ ආහාර වේලේ අඩුපාඩු නිසාත් වැඩිපුර තෙල් සහිත ආහාර ගන්න නිසාත් ඔයාගෙ හිසකෙස්වල තෙල් ගතිය ඇඩි වෙනවා. රසකැවිලි කෑම, මත්පැන්, කෝපි නොබී සිටීම මගින් ඔයාට කෙස් සුදු වීම වළක්වාගන්න පුලුවන්. ඒ වගේම ඔයා පාවිච්චි කරන ශැම්පු එකට ටී ට්‍රී ඔයිල් බිංදු කීපයක් එකතු කරලා පාවිච්චි කලොත් මේ තත්වයෙන් බේරෙන්න පුලුවන්.

මේ ක්‍රමවලිනුත් ඔයාගෙ හිසකෙස් වල තෙල් ගතිය නැති වෙන්නේ නැත්නම් ඔයාගෙ ශරීරයේ පරිවෘත්තිය ගැටලු, හෝමෝන අසමතුලිතතා හෝ අක්මාවේ ගැටලුවක් තියෙනවද කියලා වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂා කරගන්න.

6. අකලට හිසකෙස් සුදුවීම

ගොඩක් වෙලාවට ජානවල සම්බන්ධතාවයක් නිසා අපේ හිසකෙස් සුදු වෙනවා. අපි වයසට යනකොට අපේ හිසකෙස් කළුපාට කරන මෙලනොසයිට් වර්ණකය අඩු වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවකගේ වයස අවුරුදු 30-40 වෙනකොට හිසකෙස් සුදු වෙන්න පටන් ගන්නවා. ඒත් තරුණ අයගෙත් හිසකෙස් සුදු වෙන්න පුලුවන්.

ගොඩක් වෙලාවට වයසට යන්න කලින් හිසකෙස් සුදු වෙන්නේ මානසික ආතතිය, තෙහෙට්ටුව හෝ ආහාර රටාව දුර්වල නිසයි. මෙලනින් නිෂ්පාදනයට මේවා බලපාන නිසා හිසකෙස් ඉක්මනට සුදු පාට වෙනවා.

7. හිස්කබල කැසීම

කුරුලෑ , උගුරේ ප්‍රශ්න, හිසේ සම ගැලවී යාම හා වෙනත් සමේ ආසාදන වගේ හේතු නිසා හිස්කබල කැසීම ඇති වෙනවා. ඔයාට මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් සමේ රෝග වෛද්‍යවරයෙකු හමුවෙන එක හොඳයි.

හිස්කබල කැසීම වෙනත් රෝග ලක්ෂණ සමග ගැලපෙන්නේ නැත්නම් එය මානසික ආතතිය නිසා ඇතිවන ස්නායු පද්ධතියේ ආබාධයක් වෙන්න පුලුවන්. ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවුණොත් ඔයාට රෝගයක් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න පුලුවන්.

8. වියළි හිසකෙස් හා හිසකෙස් අග පැලීම

පර්ම් කිරීම හා හැම විටම හෙයා ඩ්‍රයර් එක භාවිත කිරීම නිසා හිසකෙස් වියලීම හා අග පැලීම සිදු වෙනවා. එහෙමත් නැත්නම් ප්‍රෝටීන් නොමැතිකම නිසාත් මෙහෙම වෙන්න පුලුවන්#

ඔයාගේ ආහාර වේලෙහි අඩුපාඩු වගේම අන්තරාසර්ග පද්ධතියේ ගැටලු මේකට තවත් හේතුවක් වෙනවා. ඒ නිසා නිතරම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න. රතු මාළු හා කැරට් වැඩිපුර කන්න. යකඩ අවශෝෂණයට උදව් වෙන නිසා තැඹිලි බොන එකත් හොඳයි. ඒ වගේම විජලනය වීම වළක්වා ගැනීමට නිතරම වතුර බොන්න.

හිසකෙස් අග පැලීම වගේම වියළි හිසකෙස් ඇතිවීම රසායනික බලපෑමක් නිසා සිදුවෙනවා. අගින් පැළුණු කෙස් වර්ග ගොඩක් තියනවා. ඒ වගේම ඒවාට සාත්තු කරන්න ඕන විදියත් එකින් එකට වෙනස් වෙනවා.
හිසකෙස් අග පැලෙන්න පුලුවන් ප්‍රධානම විධි තුන තමයි,
•Y ආකාරයට පැලීම-ගොඩක්ම ප්‍රසිද්ධ විදිය තමයි මේ Y හැඩයට පැලෙන එක. මේ තත්වෙදි ඔයාට කොණ්ඩෙ කපන්න ඕන වෙන්නෙ නෑ. විටමින් අඩංගු තෙල් වර්ග හා මොයිස්චරයිසින් මාස්ක් භාවිත කරලා ඔයාට පුලුවන් ඔයාගෙ කොණ්ඩෙ මේ තත්වෙන් බේරගන්න.

•ඉටිපන්දම් ආකාරය-මේ විදියට කොණ්ඩෙ පැලෙන්න ගත්තොත් නම් ඔයාට කොණ්ඩෙ අගින් කපන්නම වෙනවා. ආයෙත් මෙහෙම වෙන එක වළක්වන්න නම් සගන්ධ තෙල් වලින් කොණ්ඩෙට සාත්තු කරන්න වෙනවා. ඒ වගේම ක්ලෝරීන් වතුරෙන් නාන්නෙ නැතුව මිනරල් ශවර් එකක් පාවිච්චි කරන්නත් ඕන.

•පිහාටුවක ආකාරය-ටිකක් තදින් හානි වුණු කොණ්ඩයක මේ පිහාටුවක හැඩයට කෙස් අග පැලිලා තියෙනවා දකින්න පුලුවන්. මෙහෙම වුණාම කොන්ඩෙ කිසිම පෝෂණීය බවක් පේන්නෙ නෑ. ගොඩක් වෙලාවට කොණ්ඩෙ බ්ලීච් කරන හෝ කලර් කරන අයගෙ තමයි මේ තත්වය ඇතිවෙන්නෙ. ඒ නිසා ඔයාට කොණ්ඩෙ බ්ලීච් කරන හෝ පාට කරන එක නවත්තන්න වෙනවා. ඒ වගේම හෙයා ඩ්‍රයර් එකයි කර්ලිං අයන් එකයි පාවිච්චිය අඩු කරන්නත් ඕනෙ. ඔයාගෙ හිසකෙස් ආරක්ෂා කරන OFPMA අඩංගු ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නත් වෙනවා.

අපි මේ තොරතුරු ගෙන එන්නේ ඔයාගෙ දැනගැනීමටයි. ඔයාට මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!