–හිත හැදුන තැනක්– (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුලින්ම කියන්නම්කෝ මේක මතක් වුනේම
මේ ලගදී ගෙදර කාමරේ අස් පස් කරද්දී හදීසියේ හමුවෙච්ච පරන ලියුම් දෙක තුනක් දැකලා,
මේ කතාව ලියන්න දහස් වරක් හිතුවා,
නොලියා ඉන්න එයින් හිතපු බහුතර වාරයක් හිතුනේම,
දෙයක් කරලා ඒ ගැන කියවන එක මගේ විදිය නොවුන නිසාමත් එය හිතට මහ මදිපුංචිකමක් කියලා දැනුනු නිසාමත්,
කෝමහරි ලියනවා කියලා හිත හදාගත්තේ මේක දැකලා ඒ වගේ පුංචි හරි දෙයක් තව කෙනෙක්,
තව කෙනෙක් වෙනුවෙන් කරයි කියන සිතුවිල්ල ආව නිසා,,
මුලින්ම කියන්නම් මේක කියවලා බනින්න එපා, ඒ මොහොතේ මට කරන්න පුලුවන් උපරිම දේ තමයි මම කලේ,,
ඒනම් මේකයි කතාව,,,,,
මම 2012 අග වගේ ඉදන් ඉදිකිරීම් අංශයේ රැකියාවල නිරතව ඉන්නවා,
ඒ අතරෙම මං බෙලිඅත්ත කාර්මික විද්යාලයේ සිවිල් ඉංජිනේරු එන්.වී.කිව් ලෙවල් 5 වෘතිය පුහුනුව ලැබුවා,
එය අව්රුදු 3ක පාඨමාලාවක්,
එය නිමවනවාත් සමගම වගේ මගේ පෙම්වතිය (දැං ආදරනීය සොදුරිය) මගේ cv එකක් හදලා කන්ස්ට්රක්ෂන් කම්පනි එකක වේකන්සි එකකට දාලා තිබ්බා,
දවසක් ඒ කම්පනි එකෙන් මට කතාකරලා ඉන්ටර්වීව් එන්න කිව්වා,
ඒ වෙද්දී වැඩ කර කර හිටිය තැනින් අයින් වෙන්න මා තුල අදහසක් ලොකුවට තිබු⁣නේ නැතත්,
පෙම්වතියගේ බලපෑම් කිරීම මතම එම සම්මුඛ පරීක්ෂණය සදහා මා ඉදිරිපත් වීමට කොළඹ ගියා,
ඉන්ටර්වීව් එකට ⁣ෆේස් කලා ඒක ගොඩ,
කෝමහරි එතනින් මට සිවිල් ඉංජිනේරු තාක්ෂනික නිලදාරිවරයකු වශයෙන් රැකියාව හමුවුනා,
ගම්පොල ප්රදේශයේ පිහිටි වැඩබිමක් වෙත, ෆික්ස් සැලරි එකක් එක්කම,
ඒක රෝඩ් ⁣ප්රොජෙක්ට් එකක්,
2017 ජනවාරි පලවෙනිදා මම ඒ කම්පනි එකේ වැඩ භාරගත්තා,
මුලින්ම කියන්නම්කෝ,,,
එතන, බහුතරය මගේ වයසෙම වගේ කොල්ලෝ සෙට් එකක් තමයි ස්ටාෆ් එක විදියට හිටියේ,
ඉතිං ඒක නිසාම වගේ ගෙදර ඉදන් කොච්චරක් දුරක උනත්, පට්ට සෆාන් එකේ හිත හදන් වැඩ ටික කරන් යන්න හිතුනා..
ප්රොජෙක්ට මැනේජර් මහත්තයා මට කරන්න කියලා දුන්නා රෝඩ්ස් 3ක්,
මට ඉහලින් සුපිරි කො⁣ල්ලෙක් ඉංජිනියර් වෙලා හිටියා, පොරත් සුපිරිම චරිතේ,,
ඒ පාරවල් තුන තමයි, නාරන්විට ගම්පොලවත්ත, උඩුදෙනිය වැවතැන්න, අනෙක් එකනම් හරියටම මතක නෑ,,
අපේ ඔෆිම් එක තිබ්බේ ගම්හත කියන ගමේ,
අපේ එකමඩේෂන් දීලා තිබ්බෙත් ඔෆිස් එකට ලගින්,
අර ඇම්බැක්කේ කිට්ටුව,
කොම්හරි අපේ ඔෆිස් එකේ ඉදන් ඒ පාරවල් 3ට ටිකක් දුරයි, ගම්හතින් ඇවිත් ගම්පොල ටව්න් එක පාස් කරලා ගම්පොල දොලුව පාරෙ යන්න ඕනේ 4, 5 km වගේ,
ඒ එන පාරේ මුස්ලිම් ඉස්කෝලයක් ලගින් කොච්චි පාරක් ක්රොස් කරන් තමයි එන්න තිබුනේ,
විනාඩි 20 ක වගේ ගමනක්,
මම ගොඩාක් දුරට සයිට් එකට ගියේ බයික් එකේ( මගේ ලේසියට),
වහින දවස් වලට වගේනම් කස්ටියත් එක්කම කැබ් එකේ,
මේ කියන දේත් සිද්දවුනේ අර කියපු කෝච්චි පාර ක්රොස් කරන තැන,
එතන රේල්වේ එකේ ගාඩ් රෑම් එකක් තියෙනවා,
ඊට මීටර් 10ක් 20ක් දුරින් වගේ ප්රධාන පාර අද්දරම තැනක තමයි මම මේ කියන තැන,
මේ කියන දවසේ පොඩි පොද වැස්සක් තිබ්බ නිසා අපි සයිට් යන්න සෙට් උනේ ටිකක් ලේට් වෙලා කැබ් එකේ,
එදා මමයි තව 3දෙනෙක් විතරයි, ඩ්රයිවර් මහත්තයයි තමයි හිටියේ කැබ් එකේ,
අපි ඔෆිස් එකෙන් පිටත්වෙලා විනාඩි 5ක් යන්නත් කලින් පාර ⁣නොපෙනෙන ගානටම තද කරලා වහින්න ගත්තා,
කස්ටිය සයිට් ගියත් වැඩක්නම් කරන්න බැරි බව දැන දැනත් ආතල් එකටත් එක්ක ඔන්න ඔහේ යමු කියලා කතාවුනා,
කෝමහරි අපි අර කියපු තැනට ඒ කිව්වේ කෝච්චි පාර ක්රොස් වෙන තැනට එන්න විනාඩි 15 ක් විතර ගියා තද වැස්ස නිසාම,
හරියටම අපි එතනටට එන්න විනාඩියකට විතර කලින් ගේට් එක වහලා,,,
ලග ලගම කෝච්චියක් එනකම් අපි බලන් හිටියා,
ඒ වෙද්දිත් නා කපන වැස්ස, විදුරුවෙන් එලිය පෙනුනෙත් නෑ දැල්ල වගේ වීදුරුවේ බැදිලා,
මට ඒම ඉන්න ගමන් නිකමට වගේ පැත්තේ වීදුරුවෙන් එලිය බලන්න හිතුනා,
වීදුරුව අතින් පිහදාලා තත්පර පහක් යන්නත් කලින් ආයෙම දැල්ලක් වගේ බැදුනා වීදුරුවේ,
ආයේ මේක පිහදදා එලිය බලන්නත් කම්මැලි හිතුනත්,
අර එලිය බලපු තත්පර පහේ අමුතුම දෙයක් දැක්කා නේද කියන හැගීමක් දැනුනු නිසා ආයෙම වීදුරුව අතින් පිහදදාම ඒ දැකපු දේ ඇත්තක්මද කියලා බැලුවා,
මට “අනේ දෙයියනේ”….
කියලා කියවුනේ ඉබේටම වගේ,
දෙයියො බුදුන් සිහිවුනා එක තත්පරේට,
පොඩි කැඩිච්ච කුඩයක් අත් දෙකෙන්ම බදාගෙන,
පාර අයිනේ බිම එලාගත්ත ⁣හොදටම තෙමුනු කාඩ්බෝඩ් කෑල්ලක් උඩ රෙදි කෑලි ටිකක් දාපු පරනම පරන ටියුලිප් බෑග් එකක් උකුලේ තියාගෙන,
නැගිටගන්නවත් වාරු නැති, හම ඇටකටුවලටම ඇලුනු වගේ, අව්රුදු 85 ක විතර අම්මා කෙනෙක්,
හොදටම වහින වැස්සේ හෙලවෙන්නවත් බැරුව හොදටම තෙමී තෙමී හිටියා…
පපුවම කඩන් බිම වැටුනා වගේ දැනුනා,,,
ඒ වෙලාවේ කරන්න කියලා කිසිම දෙයක් හිතාගන්න බැරිවුනා,
ගේට්ටුව ඇරුන නිසා වාහනෙත් ඉස්සරහට යන ගමන් තිබුනේ, ඇතුලේ හිටිය අයට විස්තරේ කිව්වත් ඒ අයටත් පැහැදිලි අදහසක් තිබුනේ නෑ කරන්න ඕන දෙයක් ගැන,
කෝමහරි සයිට් ඔෆිස් එකට ඇවිල්ලත් ⁣මට මේක අමතක කරන්නම බැරිවුනා,
මට මේම හිත හිත ඉද්දිම පොඩි අදහසක් ආවා,
දැන්නම් තියේද දන්නේ නෑ,ඒ දවස්වල තිබ්බා
“ජනපතිට කියන්න”
කියලා ෆෝන් එකෙන්ම ජනාධිපති මාධ්යය අංශයට කෙලින්ම අපේ පැමිනිලි, යෝජනා ඉදිරිපත් කරන්න ක්රමයක්,
මම ඒකට ගත්තා කොල් එකක්,
අර අම්මා ගැන විස්තරයි ඉන්න තැන විස්තරයි මම කිව්වා
ඒ අය ඇහුවා දැන් මොනාද අපි කරන්න ඕන කියලා,
මම කිව්වා මම මාසෙකට ඒ අම්මට ජීවත් වෙන්න පුලුවන් තරමේ ගානක් මගේ පඩියෙන් වෙන් කරන්නම් ඔයාලට පුලුවන්නම් ඒ අම්මව හොදින් බලාගන්න පුලුවන් තැනකට යොමු කරන්න කියලා,
ඒ අය කම්ප්ලේන් එක ගත්තා,
එදා ටිකක් දවල් වෙද්දි වැස්ස නැවතුන නිසා සයිට් එකේ වැඩ ටිකක් කරන්න උනා,
පොඩි කොන්ක්රීට් කෑලි දෙක තුනකුත් සෙට් උන නිසා ආයේ එකමඩේෂන් එකට යන්න වාහනේට නිගිද්දිත් රෑ 8 පහුවෙලා,.
කෝමහරි අර අම්මා ගැන විස්තරයක් බලාගෙනම යන්න ඕනේ කියලමයි හිත කිව්වේ,
අපි එතනට යද්දි ඒ අම්මා එතන හිටියේ නෑ,
අහන්න කියලා ලග පාතක කව්රුවත් හිටියෙත් නෑ, අපි ටිකක් බලලා එන්න ආවා,
ඊට පහුවෙනදා බයික් එකෙන් උදෙන්ම සයිට් එකට එන්න මං ආවා,
ඒ අර අම්මා ගැන විස්තරයක් දැනගන්නේ නැතිව ආයේ නින්ද යන එකක් නෑ කියලා හිත වද දුන්නු නිසාමයි,
එතනට එද්දි මම උදේ 7.30 උනෙත් නෑ,
ඒ අම්මා එතන හිටියේ නෑ,
ගාඩ් රූම් එකේ ඉදපු මාමාගෙන් ඇහුවත්
“ඊයේ ඩියුටි හිටියේ වෙන කෙනෙක් මහත්තයා ඒක නිසා ඒ ගැන කියන්න දන්නේ නෑ”
කිව්වා,
එතනට ටිකක් උඩින් ත්රීවීල් එකක කෙනෙක්ගෙන් ඇහුවමයි කිව්වේ,
“පව් මහත්තයෝ අසරණ මනුස්සයෙක්, මාත් පුලුවන් විදයට කන්න ටිකක් අරන් දුන්නා, එකපාරටම ඊයේ හවස ඇම්බියුලන්ස් එකක් ඇවිත් ඒ අම්මව දාගෙන යනවා දැක්කා”
කියලා…
අම්මාහ්….
එතකොටයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ, මගේ උත්සාහය සාර්ථක වෙලා කියලා හිතුනා, හිතට මාරම ෆිට්,
ඒ ගැම්මෙන්ම සයිට් එකට ගියා,,
—————————————————-
ඒ මාසේ නිවාඩුවට මම ගෙදර ආවා මාසේ අන්තිමම දවස් 5 සෙනසුරාදා ඉරිදා අහුනොවෙන විදියට නිවාඩු දාලා,
කාමරේට ගියාම අම්ම කියනවා ඇහුනා
“පුතේ ලියුම් වගයක් ආවා ඔන්න මම කම්පියුටර් ටේබල් එක උඩින් තිබ්බා”
කියලා,
එකක් රව්ටර් එකේ බිල් එක,
ඒක බලන්නෙම නැතිව ගුලිකරලා ඩස්ට් බින් දැම්මා,
ඒ, ඒ වෙද්දිත් ඒක මම ගෙවලා තිබ්බ නිසා,
තව එකක් බැංකුවෙ එකෙන්,
ඒකට යටින් තිබ්බ එකේ ලිපි ශීර්ෂය, එක දැක්කම බැංකුවේ ලියුම ඉබේම බිම තියවුනා,
ඒක ජනාධිපති කාර්යාලයෙන් කියලා එකක්,
මම හිතාගත්තා හරි මගේ මොකක් හරි දෙයක් දැනගෙන මට ⁣හොද සෙටක් සෙට් වෙන්නයි යන්නේ කියලා,,
ලියුම කඩලා බැලුවා
හිතුවටත් වඩා හිත සනහපු ආරන්චියක් තිබ්බේ ඒකේ,
අර අම්මා ඉන්න තැන, අම්මගේ විස්තර එක්ක මට ස්තුති කරලා තිබ්බා දැනුමිදීම ගැන,
තව අර මම වුන පොරොන්දුව පුලුවන්නම් ඉටුකරන්න කියලත් එකවුන්ට් නම්බර් එකක් එක්කම දැනුම්දීලා තිබුනා,
මගේ පඩිය ඒ වෙද්දි මහාලොකු ගානක් තිබ්බේ ණැ,
තිබ්බේ පනස්දායකට කිට්ටු ගානක්, මම ඒකෙන් මට යන වියදම් අතෑරලා ඉතිරියෙන් කොටසක් මාසිකව ඒ අම්මා වෙනුවෙන්
එකවුන්ට් එකට දැම්මා,
ඒම කරන්න හිතුනු එක ගැනම
තාම මතක් වෙද්දිත් සතුටුයි..
⁣ඒ ලියුම විදියටම,
හැම මාසෙකම වගේ ලියුමක් ඇවිත් තිබ්බා විස්තර දැනුම් දීලා ඒ අම්මා ගැන,
ඒත් කවදාවත් මට ඒ අම්මව බලන්න යන්නනම් ඉඩක් වෙන්කරගන්න බැරිවුනා,,
ආයේ මාස කීපයකට පස්සේ මම නිවාඩු ආපුවම අම්මා තව ලියුමක් ආවා කියලා මට දුන්නා,
ඒක කඩලා බලනකම් මට ඉස්පාසුවක් තිබ්බේ නෑ,
ඒත්…..
ඒකේ කියලා තිබ්බේ තවදුරටත් ඒ අම්මා වෙනුවෙන් මුදල් බැර කරන්න එපා කියලා.
ඒක දැකලා දුකක් දැනුනත්,
මගේම අම්මා නොවුනත්,
අදටත් මම ගොඩාක් සතුටු වෙනවා මට ඒ ටික කාලේ හරි ඒ අම්මව පාරේ මැරෙන්න නොදී බලාකියාගන්න පුලුවන් උන එක ගැන..
(ලගදී කාමරේ අස් කරද්දි ආයේම ඒ ලියුම් ටික දැකපු නිසයි මේ කතාව ආයේම මුලු ඉදලම මතක් වුනේ)
✍︎
උපුටා ගැනීම:  -ɴᴇsʜ Kʀɪsʜᴀɴᴛʜa-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!