කාලයක් යද්දි ආදරය අඩු වෙනව වගේ දැනිලා තියෙනවද? හිත කීරි ගැහෙන තරම් වේදනාවල් දැනිලා තියෙනවද? මොන දේ කිව්වත් එයාගෙන් රිප්ලයි එකක් නැති වෙලා තියෙනවද? ඒ අමුතු වේදනාවට වචන නෑ කොහෙවත්…මේ ලෝකේ දරාගන්නම අමාරු වේදනාවල් වලින් එකක්..සමහරක් විට ඔයාටත් මෙහෙම වෙලා ඇති..එයා වෙනස් වෙලා වගේ හිතෙන…එයාගේ ආදරේ අඩු වෙලා වගේ දැනෙන….ජීවිතේ හැමදාම එකම වගේ නෑ,කලින් තිබුණු හැමදේම වෙනස් වෙලා වගේ හිතෙන… කාලයත් එක්ක හැමෝම වෙනස් වෙනවා.බාහිර ස්වරූපය වගේම ගතිගුණ වලිනුත්.
“තාත්තේ අලුත් ගෙදරටනම් මේ වගේ කාමරයක් හදන්නෙපා”මේ වාක්ය ඕනි තරම් ඔයාලා අහල ඇති..ඒක වෙළද දැන්වීමක්…තාත්තා draftman කෙනෙක්…එයා අලුත් ගෙදරක plan එකක් අදිනවා…තමන්ගෙ චූටි දූ තනියෙන් පෑනක් එක්ක සෙල්ලමක්…තාත්ගෙන් අහනවා චූටි දූ තාත්තේ මොකද කරන්නේ කියලා…තාත්තා කියනවා අලුත් ගෙදරක plan එකක් අදිනවා කියලා…චූටි දූ පුංචි හිතෙන් හිතල තාත්තට කියනවා තාත්තේ ඒ ගෙදරටනම් මේ වගේ කාමරයක් හදන්නෙපා කියලා…තාත්තා අහනවා ඇයි කියලා…ඒ තාත්තත් ඒ ළමයා දිහා බලන එනන් නෑ කියලා…….අවසානෙටම කියනවා….”ඔබේ ආදරණීයන් ඔබේ ප්රථම රාජකාරිය කරගන්න”කියලා… ඒ කතාව ඇත්ත කියල ඔයා මොහොතකටවත් හිතලා තියෙනවද? ඔයා කියයි එතකොට ජීවත් වෙන්න සල්ලි ඕනි,සල්ලි නැතුන් ඔය කවුරුත් ළග ඉන් නෑ කියලා…ආදරණීයන් ප්රථම රාජකාරිය කරගත්තම අනිත් ඒවට කවුද වගකියන්නේ කියලා..අනිත් දේවල් කවුද කරන්නේ කියලා…
හ්ම්ම්ම්ම්ම්…
ඉස්සර හිනාවෙලා විහිලු කරලා ආදරෙන් හිටපු අය,කෝලම් ගොඩක් එක්ක හරිම හුරතල් විදිහට ජීවත් වුණු අය , මැණිකෙ..මහත්තයො කියන තරමටම ලං වුණු අය.ඔයා මහේ විතරයි කියපු අය ,ඉක්මනටම මගේ ළගට එන්න කියපු අය,අද දෙපැත්තක හූල්ලනවා ඇති. එයා වෙනස් වෙලා ,එයාට මාව ඕනි නෑ දැන්…එහෙම හිතනවා ඇති.ඒත් ඒ කවුරුත් එහෙම වෙන්න හේතුවක් දන්නෙත් නැතුව ඇති…
කාලයත් එක්ක මිනිස්සුන්ට වගකීම් වැඩි වෙද්දි..ඒ මිනිස්සුන්ගෙ යුතුකම් කොටස වැඩි වෙද්දි ,ජීවිතේ බිසී වෙද්දි, මිනිස්සුන්ට තමන්ගේම ආදරණීයන් මගහැරෙනවා…හුගාක් වේදනාවන්ට හේතුව ඒක…එයාව සතුටෙන් තියන්න හුගක් සල්ලි ඕනි ලසස්න ගෙදරක් ඕනි..මටම කියල වාහනයක් තිබුණානම් එයා එක්ක එහෙ මෙහෙ යන්න පුලුවන් …මිනිස්සු හීන ගොඩ ගහනවා…ඒත් ඒ හැමදේම කරන්න කාලය වෙන් කරද්දි එයාලට එක දෙයක් මගහැරෙනවා…ඒ එයාව…සමහර විට ඒ ලෙඩ ඇදේ ඉන්න ඔයාගෙ අම්මා තාත්තා වෙන්න පුලුවන් ..පණ වගේ ආදරේ කරන පෙම්වතා පෙම්වතිය වෙන්න පුලුවන් …ඔයාගෙම ලෙයින් ඉපදුනෙ චූටිම චූටි පැටියෙක් වෙන්න පුලුවන්…ඔබේ පවුලේ ඔබේ ආදරණීයෙක් වෙන්න පුලුවන්…ඒත් ඔබ හිතන්නේ එයා මගෙනෙ…මොනා කලත් මෙයා දැන් මගේනෙ කියල ,මෙයා මගෙ විතරයිනෙ ,මෙගෙ අම්මනෙ,මහෙ පුතානෙ,මගෙ දරුවන්ගෙ අම්මනෙ…….එහෙම හිතලා මිනිස්සු ඒ ආදරේට කරන බර තැබීම අඩු කරනවා…අන්න එතනයි හුගක් මිනිස්සුන්ට වැරදුණු තැන…
ඒත් ඔය හැමදේම දරන් ඉන්න ඔබේම ආදරණීයන්…ඒක දරන් ඉන්න මනුස්සයා ගැහැණිය හෝ පිරිමියා ඒ වෙනස් මැදිහත් හිතින් දරා ගන්න ලොකු වෙහෙසක් ගන්නවා.ඒ දුක…වචන වලට පෙරලන්න කාටවත් බෑ…ඒ දුක වේදනාව කදුලක් උනාම ඒක තේරුම් ගන්න බැරි තරම් නපුරුවෙන්නෙපා කවුරුත්.. හැමදාම අඩාගෙන එනවා…හැමදාම කරච්චලේ අහන් ඉන්න වෙලා කියලා කවදාවත් කාටවත් කියන්න එපා. මොකද ඒ දුක කියන්න ඔහුට හෝ ඇයට ඔබ විතරක් වෙන්න ඇති ඉන්නේ…ඔබට නොකියා ඔහු හෝ ඇය වෙන කාට කියන්නද?
ජීවිතේ කෙටිම කෙටී..මොකද.මේ ගෙවෙන මොහොත විතරයි අපිට ඉතුරු.මොකද අදද හෙට රෑ වෙද්දිද ඔයත් මමත් මේ ලෝකේ නොයිදින්න පුලුවන් …ආදරණීයන්ට උපරිමයෙන් ආදරේ දෙන්න. පණ වගේ රැකගන්න…මේ අවස්ථාව මග හැරුණොත් ඔබත් මමත් ජීවිත කාලයම දුක් විදීවි..මග හැරුණු එක මොහොමතක් වෙනුවෙන්.
උපුටා ගැනීම: Hansani Sepala