ඔබ දන්නවා වෙළඳ ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය තමයි දැන් ලෝකයේ ගොඩක් දේවල් වල වටිනාකම් තීරණය කරන්නේ කියලා. මේක පාරිභෝගික භාණ්ඩ වල සිට මිනිස් සම්බන්ධතා දක්වම පැතිරිලා තියෙන ඇත්තක්. සමහර අය ඉන්නවා කුණු රොඩු වුණත් සල්ලි වලට විකුණන්න පුලුවන් අය.
මේ ඔබ වෙත ගෙන එන භාණ්ඩ වල මිල ඇහුවාම ඔබ පුදුම වේවි, ඒවා සාමාන්‍ය භාණ්ඩ වුනත මොකක් හරි සාමාන්‍ය හේතුවක් නිසා ඒවායේ මිල අසාමාන්‍ය ලෙස වැඩියි.
01. රුපියල් 55,000ක් වටිනා දන්තාලේපය
මේ දන්තාලේපය පෙනුමෙන් වගේම ක්‍රියාවෙනුත් තරමක් වෙනස්. මෙයට එකතු කරල තියෙන රෙනූ නම් සංයෝගය නිසා එය මුල් වරට භාවිතා කිරීමෙන් පසු සිට ඒ මගින් දත් ශක්තිමත් වීමට සහ ආරක්සා වීමට පටන් ගන්නවා.
02. රුපියල් 55,000ක් වටිනා වැසිකිලි ආසනය
මෙම වැසිකිළි අසුන සාදා තිබෙන්නේ කාබන් ෆයිබර් වලින්. මෙය ස්වාභාවික දේවල් වලින් සාදා තිබෙන අතර බරින් ඉතාමත් අඩුයි. ඒ වගේම මෙහිතිබෙන්නේ සිමිත භාණ්ඩ ප්‍රමාණයක් පමණයි.
03. රුපියල් 117580.72ක් වටිනා හෙඩ් ෆෝන් එකක්
මෙම ෆෝන් එකේ විශේෂත්වය එයට ඇත්තම කැරට් 24 දියමන්ති අල්ලා තිබීමයි.
04. රුපියල් ලක්ෂ 2ක් වටිනා මේස් දෙකක්
මෙම මේස් වලින් ලෝකයේ තිබෙන්නේ ජෝඩු 10ක්පමණයි. එය නිශ්පාදනය කර ඇත්තේ ලෝකයේ මිල අඳිකම සහ දුර්ලභම වූල් වර්ගයක් වන ‘විකුනා’ වූල් යොදාගෙනයි.
05. රුපියල් ලක්ෂ 6ක් වටිනා විදුලි ලාම්පුව
මෙම නිර්මණය සුපතල නිර්මාන ශිල්පී කවුෆ්මාන් මර්කන්ටයිල්ගේ නිර්මාණයක්. මෙය ආලෝකය සැපයීමය අමතරව වැස්ස, කුණාටු, අකුණු ආදී ශබ්ධද ඇති කරනවා. මේ වළාකුලේ වර්ණයද වෙනස් කරන්න පුලුවන්.
06. ලක්ෂ 9 ක් වටිනා පිහිය
මෙම පිහිය සාදා තිබෙන්නේ කාබන් ලෝහයෙන්, මෙහි මිට බර්ච් කඳෙන් සාදා තිබෙන මිට සම්බන්ධ කරන තැන සාදා ඇත්තේ රිදියෙනුයි. මෙය ලැකර් ආලේපිත බහාලුම් පෙට්ටිය, ලෙදර් බහාලුමක්, විශේෂ මුවහත් තබන උපරණයක්, විශේස පිහිය සඳහාම වූ තෙල් වර්ගයක් සමඟයි එන්නේ.
07. රුපියල් ලක්ෂ 24ක් වටිනා පැන්සල
සුප්‍රකට ජර්මානු පැන්සල් නිශ්පාදන සමාගමක් වන ෆේබර් කාස්ල් සමාගම තම සංවත්සරය සඳහා නිර්මාණය කළ මේ පැන්සලේ එකම සාමාන්‍ය දේ මිනිරන් කුර පමණයි. එහි වැස්ම සිදු රත්‍රං වලින්ද, පැන්සල දේවදාර දැවයෙන් ද කර තිබෙනවා. මෙහි කොපුවේ දියමන්ති තුනක් ද ඔබ්බවා තියෙනවා.
08. ලක්ෂ 26ක් වටිනා මොනොපොලි බෝඩ් එකක්
මෙය නිර්මාණය කර ඇත්තේ ලෙදර් වලින් වන අතර මෙහි එබ්බවූ අකුරු රත්‍රං වලින් ද අනෙකුත් අංග රීදී වලින්ද නිර්මානය කර තිබෙනවා.
09. රුපියල් ලක්ෂ 47ක් වටිනා ජංගම දුරකතනය
ලිවර්පූල් වල රත්‍රං කරුවකු වන ස්‍ටුවර්ට් හියුස් සුප්‍රකට ඇපල් ජංගම දුරකතනයක් අතින්, රත්‍රං වලින් නිර්මාණය කළා. එහි බඳ සාදා තිබෙන්නේ කැරට් 24 රත්තරං වලින්.
10. රුපියල් එක්කෝටි අසූ හතර ලක්ෂයක් වටිනා රේසර් එක
මෙය සාදා ඇත්තේ උල්කාපාත අපද්‍රවය වලින් ලබාගන්නා පෘතුවියේ දක්නට නොලැබෙන අභ්‍යවකාශීය මූලද්‍රවයකින් වන අතර එහි තල සුදු මැණික් වලින් ද, කුඩා ඇණ සහ රිවට් ප්ලැටිනම් වලින් ද සාදා ඇත.
11. රුපියල් මිලියන 200 වටිනා ටොයිලට් පේපර්
මේක නම් පුදුමාකාරම වැඩක්! මෙම ටොයිලට් පේපර් එක සාදා තිබෙන්නේ තනිකරම කැරට් 24 රත්තරං වලින්. ඒක මිලදී ගන්න කෙනාට ෂැම්පේන් බෝතලයකුත් ලැබෙනවාලු.
12. රුපියල් මිලියන 550ක් වටිනා තේ පෝච්චියක්
මෙය සම්පූර්ණ රත්තරං වලින් නිර්මාණය කර ඇති අතර එහි දියමන්ති 1500ක් සහ රූබි 500ක් අල්ලා හැඩ දමා ඇත. සල්ලි වලට කරන්න දෙයක් නැති අයට ගන්න හොඳයි තමයි. මේ මිලියන් පන්සීය මේකේ අවසාන ගාණත් නෙවෙයි, මේක වෙන්දේසියකදී මිලදී ගන්න කැමති තුන් දෙනෙක් ඉන්නවාලු.
13. මිලියන 700ක් වටිනා අත් බෑගය
මෙය කැරට් 18 රත්‍රං වලින් සාදා වර්නවත් දියමන්ති 5000කට ආසන්න සංඛ්‍යාවක් අල්ලා අලංකාර කොට ඇත.
14. රුපියල් බිලියන 12ක් වටිනා මුදුව
ස්විස්ටර්ලන්තයේ නිර්මාණය කළ මෙම මුදුවට දියමන්ති අල්ලා නෑ. මෙය සාදා තිබෙන්නේ දියමන්තියකින්.
15. රුපියල් මිලියන 460ක් වටිනා වැසිකිළිය
මෙම වැසිකිළිය තිබෙන්නේ හොංකොං වලයි. මෙය සාදා තිබෙන්නේත් කැරට් 24 රත්තරං වලින්.
උපුටා ගැනීම: Ceylon journal