සෞඛ්‍යයට අහිතකරව බලපෑ හැකි එදිනෙදා ජීවිතයේ පුරුදු කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්න යන්නේ. හිතකර යැයි සිතුවත් ඇත්තටම එසේ නොවන ආකාරයේ පුරුදු කිහිපයක් යනුවෙන් ඒවා හැඳින්වීම වඩාත් නිවැරදි වේවි.
- කන් පිරිසිදු කිරීම

කන් කලාදුරු යනු අපද්‍රව්‍ය නොව කන ස්වභාවිකව පිරිසිදු වීම සඳහා ඇති යාන්ත්රණයකි. ඒවා මඟින් හානිකර බැක්ටීරියා, දිලීර සහ කෘමී ආසාදන ඇතිවීමෙන් කනට ආරක්ෂාව ලබාදේ. ආහාර ගන්නා විට හකු වල සිදුවන චලනයන් නිසා කන් මාර්ගයෙන් ඒවා ලිහිල්වී ස්වභාවිකව කනෙන් ඉවත් වී යාම සිදුවේ. ස්නානය කරන විට වොෂ්ක්ලෝත් එකකින් කන පිටු පස සහ කනේ පිටත කොටස් පිරිසිදුකරගන්න. ඒහැර කන තුලට කොටන් බඩ් දමා පිරිසිදු කරගැනීමට නොයන්න. ඉන් කන තුල ඇති අපද්‍රව්‍ය සහ කලාඳුරු කන ඇතුලට තල්ලු වී යයි. කන තුලට ද්‍රව්‍ය ඇතුල් කර පිරිසිදු කිරීමට යාමෙන් කලාඳුරු නිෂ්පාදනය වැඩිවීමට ද ඉඩ ඇත.
- මයික්‍රෝවේව් උඳුනෙන් ඈත්ව සිටගෙන සිටීම

මයික්‍රෝවේව් උඳුන් සිතන තරම්ම අනාරක්ෂිත නැත. X-ray මෙන් නොව මයික්‍රෝවේව් හරහා රසායනයන් නිෂ්පාදනය වීමක් හෝ DNA හානියට ලක්කෙරෙන හෝ ජාන විකෘතිතා හටගැනීමට බලපෑ හැකි ආකාරයේ අයණීකරණයට ලක්වූ විකිරණ නිකුත් වීමක් සිදු නොවේ. මෙම උපාංගය සකසා ඇත්තේ විද්‍යුත්චුම්භක විකිරණ තාක්ෂණයෙන් බලපෑමක් නොවන ආකාරයෙනි. එබැවින් මයික්‍රෝවේව් උඳුන ක්‍රියාත්මක කර තිබියදි ස්පර්ෂ කිරීම හැර ඉන් මිනිසුන්ට ඇති විය හැකි සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වෙනත් අවදානමක් නැත. ඒ නිස ඈත්වී සිටීම සුදුසුයි කියා අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත.
- වැසිකිළි බඳුනේ පියන විවෘත කර තිබියදී ෆ්ලෂ් කිරීම

වැසිකිළි භාවිතයෙන් පසු වැසිකිළිය පිරිසිදු කිරීමට ජලය භාවිතා කිරීම නැතිනම් ෆ්ලෂ් කිරීම සඳහා එහි පියන විවෘත කර තබන විට මල මූත්‍රා අපද්‍රව්‍ය බැක්ටීරියා සහිත කුඩා අංශු ලෙස මීට 2 ක් තරම් දුරට විහිදී යාමේ අවදානමක් ඇත. එය ඉතා අප්‍රසන්න මෙන්ම සෞඛ්‍යය අවදානමට පත්කරන දෙයකි. එබැවින් පියන වසා ෆ්ලෂ් කිරීමට මතක තබාගන්න.
- සෑම ආහාර වර්ගයක්ම සේදීම

රතු මස් සහ කුරුලු මස් ආදිය සේදීමේදි එහි ඇති බැක්ටිරියාවන් ඉවත්විම නොව මුලුතැන්ගෙය පුරා ව්‍යාප්ත වීමට ඉඩ ඇත. ඒවා අධික උෂ්ණත්වයකින් බේක් කිරීම හෝ තැම්බීම හරහා බැක්ටීරියා විනාශ කර දැමිය හැක. එළවළු , පලා වර්ග සහ පලතුරු වර්ග ආහාරයට ගැනීමට පෙර හා කපා සූදානම් කරගැනීමට පෙර හොඳින් ජලයෙන් සෝදන්න.
- නාසය පිරිසිදු කිරීම

අපිරිසිදු අතින් අවහිර වූ නාසය පිරිසිදු කරගැනීමට උත්සහ කිරීමෙන් ඇතැම් විට නාස් පුඬු හා සෛනස් (කෝටර)නාල පිටත බැක්ටීරියාවන් හේතුවෙන් ආසාදනයට ලක්වීමට ඉඩ ඇත. නාසය පිඹිමින් සොටු ඉවත්කිරීම හෝ නාසය ලුණු මිශ්‍ර වතුරෙන් පිරිසිදු කිරීම ආරක්ෂිතය.නාසය පිරිසිදු කිරිමට පෙර අත් හොඳින් සෝදාගැනීමට සැලකිලිමත්වන්න.
- කේතල් වල ඇතුලත බැඳෙන කැල්සියම් කාබනේට් (ලයිම් ස්කේල්) ඉතා හානිකර යැයි සිතීම

කැල්සියම් සහ මැග්නීසියම් කාබනේට් අවසාදිත ලෙස කේතලය ඇතුලත බිත්ති මත තැන්පත්වේ. මෙම රසායනයන් පපුවේ දැවීල්ල සහ වෙනත් වේදනා සඳහා භාවිතා කරන ඖෂධ වර්ග වල පවා මේවා අඩංගුය. කේතල් වල එම රසායනයන් විශාල ප්‍රමාණයෙන් අඩංගු නොවන නිසා පුද්ගලයින්ට ශරීර ගත වුවත් සෞඛ්‍යයට හානිකර බලපෑමක් ඇති නොවන තරම්ය. නමුත් කේතලයේ එවැනි අවසාදීත එක් රැස් වීමෙන් ඔබ පානය කරන ජලයේ කොතරම් රසායනික ද්‍රව්‍ය තිබේදැයි කියා ඔබට වැටහෙනු ඇත.
- ආහාර ගත් විගස දත් මැදීම

ආහාර ගත් වහාම දත් මැදීමට යාම අහිතකරය. ඒ සඳහා කෑම කෑ පසු මිනිත්තු 30-60 ක් පමණ ගත වන තුරු සිටීම උචිතය.දත් වල එනමලය සිරුරේ වඩාත්ම ඝනකම්ම කොටස වේ. නමුත් පලතුරු, එලවලු සහ කිරි නිෂ්පාදන ආහාරයට ගැනිමේදි දත් ආම්ලික ආහාර වලට නිරාවරණය වන විට එම දත් එනමලය මෘදු බවට පත්වීමට පටන්ගනියි. ආහාර ගත් පසුවත් එනමලය යම් වේලාවක් යන තුරු මෘදුව පවතින අතර ආහාර ගත් පසු වහාම ගොස් දත් මැදීමේ පුරුද්ද නිසා එනමලය දැඩි ලෙස හානියට ලක්වීමට ඉඩ ඇත. වඩාත් සුදුසු වන්නේ ජලයෙන් ඔබේ කට හොඳින් සෝදා ගැනීමයි. ඉන් ආම්ලිකතාව උදාසීන වී දත් වලට සිදුවන හානිය අවම කරගත හැක.
- කකුලක් පිට කකුලක් දමාගෙන සිටීම අහිතකර යැයි සිතීම

කකුලක් පිට කකුලක් දමා වාඩි වි සිටීම වෙරිකෝස් තත්වය හෙවත් නහර ගැටගැසී යාමේ රෝගය වර්ධනය වීමට හේතුසාධක වන්නක් බව බොහෝ කාලයක් තිස්සේ විශ්වාසයේ පවතියි. නමුත් මෑතකාලීන අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ වෙරිකෝස් නහර ඇතිවීමට කෙනෙකු මෙසේ වාඩි වී සිටීම හේතුවෙන් එවැනි තත්වයක් ඇති නොවන බවයි. නමුත් ඔබ මතක තබාගත යුතුයි එකම ඉරියව්වකින් බොහෝ වෙලාවක් එක දිගට රැඳී සිටීම සෞඛ්යාර්ඛ්ශිත නොමැති බව. එය මේ ඉරියව්වටත් අදාල වේ.
- පරිගණකය අධික වෙලාවක් භාවිතා කිරීම

දිගු වෙලාවක් පරිගණකය ඉදිරියේ වැඩකටයුතු සිදුකල පසු අවසානයේ ඇස් වලට දැඩි පීඩාවක් දැනීම සිදුවිය හැකියි. වෙහෙසවී වැඩ කිරීම ඔබේ ඇස් පෙනීම නරක අතට හැරීමට බලපාන හේතුවක් නොවේ. පරිගණකය භාවිතයෙන් රැකියා කරන බොහෝ අයට computer vision syndrome නම් තත්වය ඇතිවී තිබෙන බව විශේෂඥයින් පෙන්වාදේ. ඇස් වියළියාම, උරහිස් සහ බෙල්ලේ වේදනාව ආදිය එහි රෝග ලක්ෂණයි. එවැනි පීඩාකාරී තත්වයන්ට ගොදුරු වීමෙන් වැළකී සිටිමට නම් පහත උපදෙස් අනුගමනය කරන්න: brightness මට්ටම අඩු කරමින් තිරය ඇස් මට්ටමට පවතින සේ පරිගණකය ස්ථානගත කරගන්න, විටින් විට විරාම ගන්න, නිතර ඇසි පිය ගසමින් ඇස් වියළී යාමට නොදී තෙතමනය ඇතිකරවන්න.
- ’10 සහ 2′ ඉරියව්වෙන් සුක්කානම අල්ලාගෙන සිටීම

මෙම රියදුරු පුහුණු නීතිය මඟින් සුක්කානම මත නිවැරදිව අත ස්ථාන ගත කරගන්නා අයුරු උගන්වයි. අනපේක්ෂිත බාධකයකදී වාහනය වඩාත් හොඳින් පාලනය කිරීමට මෙම ඉරියව්ව උපකාරී වන බව විශ්වාස කරයි. නමුත් එය වැරදි මතයකි. විශේෂඥයින් විසින් වඩාත් සුදුසු යැයි අනුමත කරන්නේ ‘9 සහ 3 ඉරියව්ව’ වේ. සුක්කානම මත ඔරලෝසුවේ 9 සහ 3 ඉලක්කම් පිහිටා ඇති ආකාරයෙන් අත් දෙක සුක්කානම මත තබාගැනීමෙන් ඉහළ වේගයන් යටතේ පවා පහසුවෙන් වාහනය හැරවීමට හැකි කරවයි.