” මේ අන්න බැරල් එක එනවා. අපෝ දැක්කද එදා පාටි එකට ඇඳන් ආපු ඇඳුම , වස කැතයි අනේ “
” ඒ බලහන්කෝ බන් ඔය ඇගේ හැටි හාල්මැස්සෙක් වගේ, මූණත් ගන්ඩ දෙයක් නෑ. පිම්පල්ස් ගොඩ. “
” අපෝ නිමා වෙඩින් එකට කැන්ඩියන්ද අඳින්න ඉන්නේ , ලෑල්ලක් වගේනේ අනේ කිසිම හැඩයක් නෑ “
” අර ඔෆිස් එකට අළුතෙන් ආපු ගර්ල් අඟුරු කෑල්ලක් වගේ නේහ් “
” අනේ මන්දා මෙයා අඳින ඇදුම් , හෙනම ගොඩේ පාටයි “
” සුලා ප්රෙග්නන්ට් උනාට පස්සේ කළු වෙලා කැත වෙලා නේහ් “
” ජිම් පප්පා වගේ බතලයි, තව කොටයි අනේ මන්දා බන් උඹනම් “
” කාංචනා, බබා හම්බුනාට පස්සේ සෑහෙන්න මහත් වෙලා. ඉස්සර තිබ්බ ලස්සන නෑ නෙහ් “
” මචං බලහන්කෝ අවුරුදු තිහ වෙන්නත් කලින් මුගෙ තට්ටෙත් ඇවිත් “
මේ වගේ දේවල් කවදාහරි කාටහරි කියලා තියෙනවද ? නැත්නම් අහන්න ලැබිලා තියෙනවද ? අපි කෙනෙක්ගේ බාහිර ස්වරූපය , ශරීර ලක්ෂණ සමාජයක් ඉදිරියේ විවේචනය කරන එක හරිද? ඒකෙන් ඒ පුද්ගලයාට මොනවගේ තත්වයක් ඇති වෙයිද කියලා හිතලා තියෙනවද?
” අයියෝ ඕවත් ප්රශ්නද ? විහිළුවට කියන දේවල් සීරියස් ගන්නවද අනේ , ඔය කියන ඒවට තමනුත් විහිළුවක් කරලා හිටියනම් හරිනේ ” කියලා හිතෙනවා ඇති නේහ්.
ඔව් විහිළුවක් විදියට කියන අයත් ඇති, ඒ අතර තව කෙනෙක්ට රිද්දන්නම ඒ දේවල් කියන අයත් ඇති. ඔය මොන විදියට කිව්වත් ඒ දේවල් අහගෙන ඒවා විහිළුවෙන් බාරගෙන අමතක කරන අය අතරේ කීප දෙනෙක් ඉන්නවා එවලෙට හිනාවෙලා පස්සේ තනියම ඒ ගැන හිත හිත විඳවන.
” මෙහෙමයි , ඔය කියන දේවල්ම ශක්තියක් කරගෙන ඒවා වෙනස් කරගන්න අයත් ඉන්නවනේ.” කියලා කියන්නත් පුළුවන් නේහ්.
ඔව් එහෙම අය ඉන්නවා. ඒ අතරේ ඉන්නවා සමාජයෙන් එන ඔය වගේ විහිළු නිසාම තමන්ගේ ආත්ම විශ්වාසය අඩුවෙන අය, සමාජයක් ඉස්සරහට යන්න බැරිව ඉන්න අය, ඒ වගේම ඔය දේවල් නිසා ඩිප්රෙස් වෙන අය කොච්චර ඉන්නවද අපි අතරේ. මේ දේවල් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි.
ඉතින් තවකෙනෙක්ගේ බාහිර ස්වරූපය , ශරීර ලක්ෂණ ගැන දෙයක් කියන්න කලින් තවපාරක් හිතන්න. අපිට ඒ වගේ දේවල් අහන්න ලැබුනොත් සතුටු හිතෙයිද ? ඒ වගේම හැමෝටම එක වගේ දරා ගැනීමේ හැකියාවන් නෑ කියලත් මතක තියා ගන්න.
උපුටා ගැනීම: Buddhi Jayaweera