හිතුවක්කාර සැඩ සුළගට හසු වූ දඩබ්බර ප්‍රේමයේ අහිංසකාවී (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ජීවිතවලට හමු වෙන මිනිස්සු එකිනෙකාට හරි වෙනස් එක් කෙනෙක් අහිංසක වෙද්දි තවත් කෙනෙක් හරි දඩබ්බර හිතුවක්කාර කෙනෙක් වෙන්න පුළුවන් ඒකයි මේ ලෝකේ හැමෝම එක වගේ නැත්තෙ ඒත් ඒ හැමෝගෙම හිත් වල කවුරුන් හෝ වෙනුවෙන් මහමෙරක තරම් ආදරයක් හිතේ කොහේ හෝ තැනක සැගවිලා ඇති
කොහොම හරි ඉතින් ඔය අහිංසකයි කියන කොල්ලෙක්ව නම් මට හම්බුනේ නෑ මට හම්බුනු කොල්ලා නම් ඉතින් පට්ට දඩබ්බර කියන දේ නාහන එකෙක් ඒත් මට නම් ගොඩාක් ආදරෙයි
මටත් ඒ දඩබ්බර ආදරේ නැතුව එක මොහොතක් ඉන්න බෑ ඒ තරමට මගෙ ඒ දඩබ්බරයට ගොඩාක් ආදරෙයි එයා ඉතින් මගෙ පණනෙ
මේ මගේ ආදර කතාවයි
මගෙ නම සෙනුලි පෙරේරා මට ඉතින් යාලුවෝ කියන්නෙ නම් සෙනූ කියලා ඒ ඉතින් උන්ගෙ තියෙන ආදරේටනෙ එහෙම කියන්නෙ
මං මේ පාර ඒලෙවල් කරන්න බලන් ඉන්න තාම චූටි කෙල්ලෙක් ගෙදර හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව ලැබුන මට මාව දකින හැමෝම කියන්නෙ මං හරි අහිංසකයි කියලා හැබැයි ඉතින් ඒක නම් ඇත්ත ඇති
මොක ද මං පුංචි දේත් ලොකු කරන් අඩන්නමයි බලන් ඉන්නෙ කවුරු හරි ටිකක් සැරෙන් කතා කරත් මට ඇඩෙනවා ඒ තරම් මං හරි අහිංසක සංවේදී කෙල්ලෙක්නෙ
මං හරි ආසයි ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න විහිළු කරලා හිනා වෙලා සතුටින් ඉන්න එක තමයි මගෙ ජීවිතේ කියන්නෙ හැමෝගෙම ආදරේ එක්ක හුරතල් වෙච්චි මං ජීවිතේ හරි සතුටින් ගෙවනවා
මෙහෙම කාලය ගෙවිලා යද්දි අපේ ටියුෂන් පන්තියේ වාර පරීක්ෂණ විභාගය තිබ්බා කොහොම හරි ඉතින් එදාට නම් අපිට අපේ යාලුවෝ එක්ක නම් ඉන්න බෑ මොක ද විභාගය වෙලෙත් කොපි කරයි කියලා බයට එහෙම කරනවා ඇති ඒක නිසා එදාට කොල්ලෙක් ලග තමයි වාඩි වෙලා විභාගය ලියන්න ඕනි
මාත් ඉතින් උදෙන්ම නැගිටිලා පෑන් පැන්සල් ඕනි කරන ඔක්කොම ඇරන් ගිහින් විභාගය ලියන්න පන්තියට ගියා පන්තිය ඇතුලට යද්දිම අංකයක් දීලා ඒකට අදාල තැන හොයා ගෙන වාඩි වෙන්න කීවා
මාත් ඉතින් මට හම්බුන අංකයට අදාල තැන හොය හොයා ගිහින් කොහොම හරි ඒ තැන හොයා ගෙන එතනම වාඩි වුනා මෙහෙම වාඩි වෙච්චි මට එක පාරටම කල්පනා වුනා මට එහා පැත්තෙ ඉද ගන්නෙ කොල්ලෙක් නේද අනෙ අම්මේ මට මොනවා වෙයි ද මන්දා කියලා මං අත දෙකේ ඔළුව ගහගෙන බර කල්පනාවකට වැටුනා
“ආ කෙල්ලේ කොහොමද ඉතින් ඔයා ද මෙතන ඉන්නෙ මොකක් ද ඔයාගෙ නම” කියලා මාව ගැස්සිලාම යන්නත් එක්කම උස් හඩින්ම කතා කරන්න පටන් ගත්තා මං එක පාරටම බය වෙලා වගේ ඒ කතා කරපු කොල්ලා දිහා බැලුවා
ඒ උස් හඩට මගෙ පපුව ගැහෙන්න පටන් ගත්තා හෙමින් හෙමින් සැරේ ඔළුව උස්සලා කවුද කියලා බලද්දි මට කර කියා ගන්න දෙයක් නැති වුනා මේ අර හැමදාම පන්තියේ සර් ගෙන් බැනුම් අහන පිස්සු වැඩ කරන මහම මහ හිතුවක්කාර දඩබ්බර කොල්ලා නේද කියලා හිතෙද්දි මට ගොඩාක් බය හිතුනා අනේ ඉක්මනට විභාග ඉවර වෙන්න කියලා මං හිතින් ප්රාර්ථනා කරලා
මොක ද ඒ තරම් ඒ කොල්ලා හරි දඩබ්බරයි පන්ති ආවත් ඉගන ගන්නෙ නෑ කනවා බොනවා පිස්සු වැඩමයි කරන්නෙ කෙල්ලන්ටත් විහිලු කර කර ඔහේ කාලෙ ගෙවනවා ඉතින් දවසක් කොහොම හරි බීලා පන්තියට ඇවිත් සර් ට මාට්ටු උනා එදානම් සර් ගෙන් අමතක නොවෙන්නම ගුටි කෑවා ඒත් ඉතින් තාම හැදිලා නෑනේ ඒ තරම් හිතුවක්කාර කියන දේ අහන්නෙ නැති දඩබ්බර කොල්ලෙක් තමයි ඉතින් මං ගාව ඉද ගත්තේ ඒ තරමට ඒ කොල්ලා ගැන ගුණ වයන්න පුළුවන්
ඒ කොල්ලගෙ දඩබ්බර වැඩ දැකලා බය වෙච්චි මං ඒ බය හිතේ තියා ගෙනම අයියෙ මං සෙනුලි කියලා නම කීවා විතරයි “ආ ලස්සන නමක් නේද මේ කෙල්ලට තියෙන්නෙ නමත් ලස්සනයි ,කෙල්ලත් ලස්සනයි මේ කෙල්ලෙ මං නම් ඔය කෙහෙල්මල් විභාග ලියන්න දන්නෙ නෑ බං මට මේක ලියන්න උදව් කරපන් නැත්නම් ඉතින් ආයෙ උබටත් කෙල්ලෙ ලියන්න නම් දෙන්නෙ නෑ ඒක මතක තියා ගනින් හොද ද ” කියලා මං ලගම වාඩි වුනා
වෙවුල වෙවුල පේපර් එක අතට ගත්තා මං ගොඩාක් බයෙන් ඒ කොල්ලා ලගම ඉද ගත්තා කොල්ලා මං දිහා බලන කොට මට හිතෙන්නෙම මාව මරන් කන්න ආපු යකෙක් කියලයි ඒ තරමට මං බයෙන් හිටියෙ
“මේ කෙල්ලෙ මොකෝ නිකන් බය වෙලා වගේ මං උබව කන්නෙ නෑ බං ඔය පේපර් එකේ තියෙන ඒවට උත්තර ටික කියකෝ මට මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ” එහෙම කියපු නිසා මගෙ හිතේ තිබ්බ බය ගතිය චුට්ටකට විතර නැතුව ගියා
මාත් ඉතින් ඉක්මනට පේපර් එක අතට ඇරන් කියවගෙන කියවගෙන ගිහින් ලේසිම ප්රශ්න ටික තෝරා ගෙන ඉක්මනට ඒවට උත්තර ලීවා ඒත් මං ලග ඉන්න අර නොසන්ඩාල කොල්ලා මේසෙට තට්ටු කර කර ඔහේ ආතල් එකේ සින්දු කිය කිය කොල කෑලි ගුලි කර කර අහල පහල ඉන්න අයට කරදර කර කර ඉන්නවා මං කියලා ඉතින් මොනවා කරන්න ද මාත් මගේ පාඩුවේ පේපර් එකට උත්තර ලියනවා
“කෙල්ලෙ කෝ බං උබේ උත්තර ටික ඕක ඉක්මනට ලියලා දීකෝ” කියලා මාවත් බය කර කර මං උත්තර ලියපු කොලේ ඉල්ලගෙන මගෙ ඒවා එයාගෙ ඒවා වගෙ ලග තියාගෙනම හිනා වෙවී ලියනවා
මටත් ඉතින් හොදටම කේන්ති ඒත් ඉතින් මං කියලා දැන් මොනවා කරන්න ද මොනවා උනත් ඉතින් නොදන්න කමට හරි පේපර් එක ලියන්න ආවනෙ කියලා හිතලා මාත් ඉතින් උත්තර ටික ලියා ගන්න කියලා දුන්නා
“මේ කෙල්ලෙ මං උබ ලියපු ඔක්කොම ලියන්නෙ නෑ මොක ද ඉතින් උබ මහන්සි වෙලා පාඩම් කරලනෙ මේවට උත්තර ලියන්නෙ මං ඉතින් පිස්සු කෙල කෙල නොසන්ඩාල වැඩ කර කර ඉදලනෙ මේවා ලියන්නෙ නැත්නම් ඉතින් උබෙයි මගෙයි දෙන්නගෙම ලකුණු එක සමාන වුනොත් උබේ මහන්සියට වටිනාමකුත් නෑනේ ඒක හින්දා මට මේ දැන් ලියපු ටික හොදටම ඇති බං ආ මේ ටික උබ ලගම තියා ගනින්”
එහෙම කියලා මං ලියපු උත්තර කොල ටික මට ආයෙම දුන්නා ඒත් මොනවා උනත් කොල්ලා හරි හොද කොල්ලෙක් නේද කියලා මගෙ යටි සිතේ යාන්තමට වගේ කා වැදුණා නැත්නම් ඉතින් මගෙ ඒවා ඔක්කොම ටික කොපි කරලා ලියලා නිකන් ඉදලා ලකුණු දා ගන්න තිබ්බනෙ ඒත් ඉතින් එහෙම නොකරපු ඒ කොල්ලා ගැන මගෙ හිතේ තිබ්බ බයත් එහෙන්ම නැති වෙලා ගියා වගේ කියලයි මට දැනුනා
ඒ නැති වෙච්චි බයත් එක්ක මං හරි සැහැල්ලුවෙන් ප්රශ්න වලට උත්තර ලියලා එතනින් එන්න ඉක්මනට නැගිට්න කොටම “මේ කෙල්ල ගොඩාක් පිං හොදද උත්තර ටික කියලා දුන්නට ආයෙත් දවසක් අපි හම්බෙමුකෝ එහෙනම් කෙල්ලෙ මං ගියා බුදු සරණයි”කියලා ඒ දඩම්බර කොල්ලා එතනින් යන්න ගියා
මං ඉක්මනට නැගිටිලා දුවගෙන දුවගෙන ගිහින් මගෙ යාලුවෝ වෙන හංසි,නදීෂා හම්බෙන්න ගියා “මචෝ අද මාර වැඩක්නෙ වුනේ බං උබලා දන්නව ද අර අපෙ ටියුෂන් පන්තියේ හැමදාම සර්ගෙන් බැනුම් අහන කියන දේ නාහන එක දවසක් පන්තියේ බීලා සර්ට මාට්ටු වුනු දඩබ්බර කොල්ලා ඒකා මං ගාව ඉදගෙන මගෙන්ම උත්තර අහගෙන පේපර් එක ලීවා කියකො”
“ඉතින් සෙනුලි උබ මොක ද කරේ උත්තර ටික කියලා දුන්න ද “
ඔව් බං මං මගෙ පේපර් එකම බලා ගන්න කියලා දුන්නා බං ඒත් මාර වැඩේ කියන්නෙ මට කියනවා මං මහන්සි වෙලා පාඩම් කරපු හින්දා ඔක්කොම කොපි කරන එක හරි නෑලු ඒ අතින් බලද්දි බීලා පිස්සු කෙලියත් මනුස්සකම දන්න හොද එකෙක් වගේ නේද බං පේන්නෙ
“පිස්සු ද සෙනුලි මොන හොදක් ද බං බලකො පන්තියේ ඉන්න විදිය කිසිම හැදියාවක් නෑ වගේනෙ බං සර් කියන දේත් අහන්නෙ නැති මහ දඩබ්බර කොල්ලෙක් බං මේ උබ එහෙම ඕවාට අහුවෙනවා එහෙම නෙවේ හොද ද ” කියලා හංසි මට උපදෙස් දුන්නා
හරි හරි බං මං ඒවා ගැන හිතන්නෙ නෑ කියලා මගෙ යාලුවන්ට කීවත් මගෙ හිතට නම් දැනුනෙ ඔය මොනවා කීවත් දඩබ්බර හිත් ලග මනුස්සකම වගේම ආදරෙත් ගොඩාක් ඇති නේද කියලා
කොහොම හරි ඉතින් පුළුවන් හොදට වාර පරීක්ෂණ ලියලා ඉවර කරපු අපි හැමෝම වේලාසනින්ම ගෙදර ගියා ඒත් ඉතින් ඉක්මනින් ගෙදර ගිය මට නිතරම කල්පනා වුනේ අද දවස ගැනමයි
කිසිම බයක් සැකක් නැතුව කිසිම ලැජ්ජාවකුත් නැතුව මගෙන් උත්තර ටිකත් ඉල්ලගෙන ලීවානෙ ඉතින් මොනවා උනත් ලැජ්ජා බය නැති ඇට්ටර කොල්ලෙක් නේද කියලා මටම හිතුනා
කොහොම හරි ඉතින් බයෙන් බයෙන් පේපර් එක ලියපු මට ඉක්මනට එකේ ලකුණු ටික එනකන් ඉවසිල්ලක් නෑ
ඔහොම හිත හිතා ඉද්දි කොහොම කොහොම හරි පේපර් එකේ ලකුණු දෙන දවසත් ඉක්මනට උදා වුනා මාත් ඉතින් පන්ති යන්න උදෙන්ම නැගිටිලා පාරට යද්දිම “හෙලෝ සෙනූ උබ කොහෙද ඉන්නෙ මේ අද පේපර් එකේ ලකුණු දෙනවා නේද බං මට නම් ආරංචියකුත් ආවා වැඩිම ලකුණු ගත්ත දහදෙනෙකුට තෑගිත් දෙනවා කියලා බං”
මාත් ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක හරි ආසාවෙන් සතුටින් පන්තියට ගියා
“දැන් ඉතින් එහෙනම් ලකුණු කියන්න යන්නෙ ඔන්න ළමයි අහ ගන්න වැඩිම ලකුණු ගත්තු ළමයි දහ දෙනා නම් කියද්දි වේදිකාවට එන්න කියලම ලකුණු කියන්න පටන් ගත්තා”
“සර් එක පාරටම ගොලු වෙලා බලන් ඉදලා ළමයි මං මේ නම කියද්දි ඔයාලා කවුරුත් විශ්වාස කරයි ද මන්දා ඒ තරමට මේ නමින් ඉන්න කෙනා හරි හිතුවක්කාර කෙනෙක් ඒත් හැබැයි එච්චර හිතුවක්කාර දඩබ්බර කොල්ලා උනත් මෙහෙම ඉගන ගන්නවා කියද්දිත් ගුරුවරයෙක් වශයෙන් මට ගොඩාක් සතුටුයි ළමයි”
“එහෙනම් පිලි ගන්න වැඩිම ලකුණු ලාභීන් අතර දහ වෙනි ස්ථානය ලබා ගන්නේ අපි කවුරුත් දන්න හිතුවක්කාර දඩබ්බර කොල්ලෙක් වෙන අපේ මිලින්දයි ඇත්තටම අපි කාටත් ආඩම්බරයක් වෙමින් ලකුණු හැත්තෑ පහක් ලබා ගනිමින් පන්තියේ දස වෙනියා බවට පත් වෙනවා”
ඒක අහපු මට මුකුත් හිතා ගන්න බැරුව ගියා “සෙනූ අර බලකො අර කොල්ලා ගිය උඩ උබට පිං සිද්ධ වෙන්න හොදයි නේද බං” කියලා හංසි මට කියද්දි මං මුකුත් නොකියම ගොලු වුනා
වේදිකාවට නැගපු මිලින්ද මං දිහා බලලා ඇහකුත් ගහලා අත් දෙක එකට කරලා වදිනවා වගේ ඉදලා ගොඩාක් පිං කීවා
කාටත් ආදර්ශයක් වෙමින් දහ වෙනියට වැඩිම ලකුණු ගත්ත මිලින්ද වේදිකාවෙන් බැහැලා යද්දි සර් අනිත් අයගෙ ලකුණු කියන්න පටන් ගත්තා ඒ හැමෝගෙම ලකුණු කියපු සර් අන්තිම තුන් දෙනාගෙ ලකුණු කියන්න කලින් මෙහෙම කතාවකුත් කීවා “හොදම යාලුවෝ වෙන්න අපි හැමෝටම බෑ ඒත් එහෙම යාලුවෝ හැමදාම හැමදේකටම එකට ඉන්නවා නම් ඒක කොච්චර වටිනව ද ඉතින්” කියලා පිලිවෙලින් තුන්වෙනියා දෙවෙනියා වශයෙන් මගෙ හොදම යාලුවෝ වුනු හංසිගෙයි,නදීෂගෙයි නම් කියලා වේදිකාවට එන්න කියද්දි මට පුදුම සතුටක් ආවේ
ඒ සතුට හිතා තියාගෙන හරිම ආසාවෙන් බලන් හිටියා කවුද අපේ පන්තියේ වැඩිම ලකුණු ඇරන් පලවෙනියා වුන කෙනා කියලා බලන්න
සියලුම දෙනා අභිබවමින් ලකුණු අනූ පහක් ලබා ගනිමින්”පන්තියේ ඉන්න අහිංසකම කීකරු ළමයෙක් වන සෙනුලි පෙරේරා දියණිය පලවෙනියා බවට පත් වෙනවා” කියලා සර්ගෙ කටින්ම මුළු පන්තියට ඇහෙන්න කියද්දි මගෙ කකුල් දෙකක් වෙවුලනවා කොහොමද හරි පන්තියේ වැඩිම ලකුණු ගත්ත මට හැමෝම සුභ පැතුවා
එක පාරටම නොසීතූ ලෙස “සෙනුලි කෙල්ලෙ ඔයාට ගොඩාක් පිං කියමින්”කොල්ලෙක්ගෙ කට හඩකින් මට කතා කරනවා වගේ ඇහුනා බලද්දි පන්තියේ ඉන්න හිතුවක්කාර දඩබ්බර මිලින්දනේ මේ කියලා මාත් මිලින්දට සුභ පැතුවා
එක පාරටම “පිස්සු ද කෙල්ලෙ මට සුභ පතන්නෙ හිතුවක්කාර නොසන්ඩාල මාව වැඩකට ඇති දැන් කවුරුත් පිලිගන්න කොල්ලෙක් කරේ ඔයානේ මං හිතා ගත්තා අද ඉදන් හැම නරක වැඩක්ම නවත්තලා හොද කොල්ලෙක් වෙනවා කියලා මේ හැමදේකටම හේතුව ඔයා තමයි සෙනුලි” එහෙම කියපු මිලින්ද එතනින් යන්න ගියා
ඒක අහපු මට මිලින්ද ගැන දුක හිතුනා ඇත්තටම මිලින්ද වගේ හිතුවක්කාර දඩබ්බර කොල්ලෙක්ගෙ හිත ඇතුලෙ කොච්චර හොද මනුස්සයෙක් ඉන්නව ද නේද කියලා මං මටම කියා ගත්තා
කාලය කෙමින් කෙමින් ගෙවිලා යද්දි මිලින්ද හැමදාම කලින් පන්තියට ඇවිත් ඉස්සරහා පෝලිමේ ඉද ගෙන හොදට ඉගන ගන්නවා ඒක දකිද්දි මට ඇත්තටම ගොඩාක් සතුටුයි එච්චර ඇට්ටර කොල්ලා දැන් කොච්චර හොද කෙනෙක් වුනා ද පන්තියේ හැමෝම දැන් කතා කරන්නෙ මිලින්ද ගැනමයි
දවසක් පන්තියේ සර් “සෙනූ මේ බලන්නකෝ මිලින්ද දැන් කොච්චර හොද කෙනෙක් වෙලා ද දැන් හැමදේම ඕනිකමින් උනන්දුවෙන් ඉගනත් ගන්නවා මට නම් හිතෙන්නෙ කවුරු හරි මිලින්දව වෙනස් කරලා තියෙනවා කියලා මොක ද හැමදේම වෙනස් වුනේ අර පේපර් එකේ ලකුණු කීවා දවසෙන් පස්සනෙ ඒත් හැබැයි සෙනුලි දුවේ දැන් නම් ඉතින් පන්තියේ ගැහැණු ළමයිනුත් වැඩිපුරම කතා වෙන්නෙ මිලින්ද ගැනමලු නේද සෙනුලි මොකෝ ඒ ගැන හිතෙන්නෙ” කියලා මගෙන් ඇහුවා
මාත් ඉතින් සර් ඒක ඇත්ත නේද එහෙමයි නේද කියලා එතනින් ඉක්මනට ඇවිත් පන්තිය ඇතුලට ගියා
“සෙනූ මේ මිලින්ද දැන් හොද කොල්ලෙක් නේද බං හැබැයි ඉතින් කොල්ලගෙ නරක වැඩ නැතත් තාම හිතුවක්කාරකමයි පණ්ඩිතමයි නම් තියෙනවා ඉතින් මේ කෙල්ලො එක්ක දැන් වැඩිය කතා කරන්නෙත් නෑලු බං බැයි ද පොඩ්ඩක් උබට ගිහින් කතා කරන්න” කියලා හංසියි නදීෂායි කියද්දි මං බෑ කීවත් මං හරි කැමත්තෙන් හිටියෙ මිලින්ද එක්ක කතා කරන්න මොක ද මට දැන් ඇත්තටම මිලින්ද ගැන අදහසක් පහල වෙලයි තිබ්බෙ
“මිලින්ද ඉතින් කොහොමද පන්තියේ හැමෝම දැන් ඔයා ගැනමයි නේද කතා කරන්නෙ දැන් ඉතින් මිලින්ද පස්සෙ කෙල්ලොත් එහෙම එනවා කියලත් ආරංචි එහෙම එකේ දැන් නම් ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙමත් ඇති නේද” කියලා අහද්දිම
“පිස්සුද සෙනුලි මේ හැමදේම ලැබුනේ ඔයා හින්දයි ඔයා එදා බයෙන් බයේ හරි මං ලග වාඩි වෙලා මට උත්තර ටික කියලා දුන්නෙ නැත්නම් මං අද මෙතන නෑ සෙනුලි ඒ හැමදේටම ඔයාට ගොඩාක් පිං සෙනුලි මට තාම සෙනුලි හිතනවා වගේ එහෙම කෙල්ලෙක් නෑ ඒත් මගෙ හිතේ නම් ආදරේ ඇති වෙච්චි කෙල්ලෙක් ඉන්නවා ඒත් එයා මට කැමති වෙයි ද දන්නෙ නම් නෑ සෙනුලි “එහෙම අහපු මං ගොඩාක් කලබල වුනා මගෙ හිතට පොඩි දුකකුත් ආවා ඒත් ඒ දුක හිතේ හංගා ගෙන කියන්න ඒ කෙල්ල කවුද මිලින්ද ඒ ආදරේ ජය ගන්න මං ඒකට උදව් කරන්නම්” කියලා කීවා
“සෙනුලි ඔයාට මතක ද මගෙ ජීවිතේ වෙනස් වුනු ඒ දවස මගෙ යාලුවෝ අපෙ සර් ඒ හැමෝම උනත් දන්නවා මං පිස්සු වැඩ කරපු පොතක් පතක් පාඩම් නොකරපු රස්තියාදුවෙ ගියපු කියන දේ නාහන කොල්ලෙක් කියලා ඒත් එදා ඔයාගෙන් උත්තර ටික කොපි කරලා වැඩිම ලකුණු ගත්තු දහවෙනියා
වෙලා හැමෝටම පේන්න වේදිකාවට නැගපු මං එදා හොද මනුස්සයෙක් වෙලා හොදට ඉගන ගන්නවා කියලා හිතුවා සෙනුලි එදා ඉදලා මං කරපු හැම පිස්සු වැඩක්ම නවත්තලා මං ඉගෙන ගන්න මහන්සි වුනා ඒ හැමදේම වුනේ ඔයා හින්දයි අද මං මේ විදියට ඉන්න එකම හේතුව ඔයයි සෙනුලි”
” මං ඔයාට ගොඩාක් ආදරෙයි සෙනුලි මගෙ ජීවිතේ හැමදේම වෙනස් වුනේ ඔයා හින්දයි මට ඔයාව හැමදාටම ඕනි සෙනුලි කාලා බීලා නොසන්ඩාල වැඩ කර කර කෙල්ලො පස්සෙ ගිහින් විනාශ වෙන්න ගිය මගේ ජීවිතේ බේර ගත්තෙ ඔයයි මගෙ සෙනුලි මං ඔයාව ඕනි මං හැමදාමත් ඔයාව පරෙස්සමින් ආදරෙන් බලා ගන්නම් මට ආදරෙයි නේද සෙනුලි”
ඒක අහපු මට කියා ගන්න බැරි පුදුම සතුටක් ආවේ හිතුවක්කාර දඩබ්බර කොල්ලා ලග මෙච්චර ලොකු වචන මෙච්චර ලොකු ආදරයක් අනේ මං මොකට ද අකමැති වෙන්නෙ මාත් ආදරෙයි මිලින්ද ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා ඔයාගෙ ඔය වෙනසටත් මං ගොඩාක් ආදරෙයි ගොඩාක් කැමතියි මිලින්ද
මං ඔයා වෙනුවෙන් මගෙ හැමදේම වෙනස් කර ගන්නම් සෙනුලි ඔයා හැමදාමත් මං ලගම ඉන්න
එහෙම කියපු මගෙ මිලින්දට මං හැමදාමත් ලග ඉන්නවා කියලා පොරොන්දු වුනා
අපි දෙන්නා හැමදාමත් ආදරෙන් සතුටින් හිටියා
දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක්ගෙ නරක ගති වුනත් එක කෙල්ලෙක්ට වුනත් වෙනස් කරන්න පුළුවන් එහෙම කොල්ලො ලගත් මනුස්සකම් පිරි හරි අහිංසක හදවත් තියෙනවා ඒක මං මගෙ මිලින්දගෙන් දැක්කා
එහෙම කොල්ලෙක්ට ආදරේ කරන්න වුනොත් කවදාවත් ඒ කොල්ලව දාලා යන්න එපා දැනෙන්න ආදරේ දෙන්න ඒදාට පුළුවන් ඒ දඩබ්බර හිතුවක්කාර කියන දේ නාහන කොල්ලගෙ හිත ඇතුලෙ ඉන්න මනුස්සකම් එක්ක ආදරේ පිරුණ කෙනාව හොයා ගන්න
එතකන් හැමදේම ඉවසන්න මට වගේම ඔයාලටත් මේ වගේම කෙනෙක් හම්බවෙයි එදාට එයාව පරෙස්සම් කරලා ලග තියා ගන්න දැනෙන්න ආදරේ දෙන්න එදාට ඔයාලා දෙන්නටත් පුළුවන් අපි වගේම හැමදාමත් සතුටින් ඉන්න
තෙරුවන් සරණයි
කතෘ අයිතිය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!