ඕනම විභාගයකින් ඉහලම ප්‍රතිඵල ගන්න අය ගැන කතා වෙන එක සාමාන්‍යයෙන් කරන දෙයක්. විශේෂයෙන්ම උසස් පෙල විභාගයේදී. ඒ විදියට ප්‍රසිද්ධියේ ඒ සිසුන්ව අගය කරන කිරීම සහ ඔවුන් ඒ වගෙ ප්‍රතිඵලයක් ගන්න වැඩ කරපු විදිය ගැන අනිත් ලමයි අධ්‍යනය කිරීම සහ ඒ විදියට වැඩ කරන්න පටන් ගන්න එක හොද දෙයක්.
සාමාන්‍යයෙන් ඉහලම ප්‍රතිඵල ගන්න ලමයි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරන දේවල් කිහිපයක් ගැන ඔයාව දැනුවත් කරන්නයි මේ සූදානම.
(1) ඒ අය එදිනෙදා වැඩ එදිනෙදාම කරනවා.

මේ කරුණ නම් ඉහල ප්‍රතිඵලයක් ගත්ත ලමයෙක් අනිවාර්යයෙන්ම කියන දෙයක්. ඉස්කෝලෙදී, අමතර පන්ති වලදි කරන දේවල් දෙන වැඩ එදාම බලන එක නොතේරෙන තැන් පැහැදිලි කරගන්න එක ඔවුන් අමතක කරන්නෙ නැහැ.සාමාන්‍යයෙන් ගොඩාක් ලමයි උදෑසන හෝ කලින් දවසෙ රාත්‍රියට දවස තුල සිදුකරන්න ඕන දේවල් මොනවද කියලා හිතාගන්නවා.ඉතින් වැඩ කටයුතු දවස තුල අනිවාර්යයෙන්ම සිදු කරනවා.
ඔයා දැනටමත් අතපසු කිරීම පුරුදු වුන කෙනෙක් නම් ගොඩාක් කැපවීමෙන් අතපසු කිරීම් නොකර අද දිනට අදාල දේවල් අදම සිදු කරන්න.වැඩ ගොඩ ගැහුනම කිසිම වැඩක් හරියට කරගන්න වෙන්නෙ නැහැ. දවසකට අදාල වැඩ ඉතා හොදින් නිම කලාම වැඩ හොදින් වෙලා ඔයාට ඉහලම ප්‍රතිඵලයකට යන්න පුලුවන් වෙනවා.
(2) දවසකට යම් වෙලාවක් ඔවුන් අධ්‍යනය කරනවාමයි.
ඉහලම ප්‍රතිඵලයක් ගන්න ලමයෙක් ලග හොද කාල සටහනක් තියනවා. ඒකට අනුව තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් හැම දවසකදීම කරන්න ඕන වැඩ කොටසක් තියනවා. ඉතින් දවසකට අඩුම පැයක්/දෙකක්වත් තමන්ට හැකි විදියට අධ්‍යයනය කරනවා.
ඉහල ප්‍රතිඵල ලබාගන්න සිසුන් හොදින් වැඩ කරන්න පටන් ගන්නෙ උසස් පෙල පන්තියට බැදුනු දවසෙ ඉදන්මයි. ඉතින් වැඩ අතපසු නොකර කැපවීමෙන් හැම දවසකින්ම ප්‍රයෝජන ගන්න එක මේ අයගෙ පුරුද්දක්.
(3) කාලය කලමනාකරණය.

කාලය තමයි අපිට ගොඩාක් වැදගත් වෙන්නෙ.ගොඩාක් අය කරන වැරැද්දක් තමයි විභාගයකට කලින් ඕනතරම් වෙලා තියනවා කියලා හිතන එක.ඒ වුනාට කාලය ගතවෙන්නෙ විදුලි වේගයෙන්.අන්තිමේදී විභාගය ලංවුනාම හිතන්නෙ අඩුම තව මෙච්චර කාලයක් තිබුණනම් මට වැඩ කරන්න තිබුණා කියලයි.ඒ වුනාට එහෙම තියන කාලයෙ කිසිම වැඩක් කරන්නෙ නැහැ. හොද ප්‍රතිඵල ලබාගත්ත ලමයි මේ ගැන දුර තියාම හිතන නිසා කාලය හොදට කලමනාකරණය කරගන්නවා. ගොඩක් අය වැඩ කරන්නෙ time table එකකට අනුවයි. ඔයාට ඉස්කෝල් අමතර පන්ති තියන කාලය , මගට ගතවෙන කාලය ,වෙනත් එදිනෙදා වැඩ වලට ගතවෙන කාලය හැර ඉතුරු කාලය අරගෙන අදාල විෂයන්/ අදාල අධ්‍යන වැඩ වලට අනුව බෙදාගන්න. දැන් මේ කාල සටහනට අනුව හැමදාම කැපවීමෙන් වැඩ කරගෙන යන්න.
(4) ඔවුන් තුල තියෙන්නෙ ඉහලම අවධානයක්.
මේ දේ නම් ඔයාටම වුනත් අධ්‍යනය කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඉහල ප්‍රතිඵල ගන්න සිසුන් හැම කෙනෙක් තුලම තියෙන්නෙ ඉහලම අවධානයක්. ඒ කියන්නෙ තමන් කරන වැඩ වලට ෆෝකස් එකක්.දෙයක් කියලා දෙන වෙලාවට ඔවුන් හොද අවධානයෙන් අහගෙන ඉන්නවා, නොතේරුන තැන් කෙනෙක්ගෙන් අහගන්නව, පේපර්ස් උවමනාවෙන් කරනවා, කෙටි සටහන් හදනවා, ඒවා උවමනාවෙන් කියවනවා. ඒ අය එකපාරක් හිතට තමන්ගෙ අරමුණ ඇතුල් කරගත්තට පස්සෙ ඒ ෆෝකස් එකෙන් වැඩ කරගෙන යනවා.
(5) ප්‍රශ්න පත්‍ර වලට දෙන්නෙ මූලික තැනක්.

හොද ප්‍රතිඵලයක් ගත්ත කෙනෙක්ගෙන් ඔයාට මේ ගැන අහගන්න පුලුවන්.ඒ හැම කෙනෙක්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට මුල් තැනක් දීලා කටයුතු කරපු අයයි. මේ අය අඩුම අවුරුදු පහකවත් ප්‍රශ්න පත්‍ර කරලා තියනවා. විශේෂයෙන්ම විභාගයට ලං වුනාම. ප්‍රශ්න එන විදිය ගැන හොද අවබෝධයක් ලබාගත්තම හොදට ලියන්න, පාඩම් කරන එකගැන වුනත් අවබෝධයක් එනවා. මේ අය ඉස්කෝල වල වාර විභාග කීයටවත් මගාරින්නෙ නැහැ.
(6) මොවුන් තුල තියන ඉහලම ආත්ම විශ්වාසය.
ඔයාට ප්‍රසිද්ධියෙ ඉහලම ප්‍රතිඵල ගන්න අයගෙ ආත්ම විශ්වාසය දකින්න නම් බැරිවෙයි.මොකද එයාලා ඔයාත් එක්ක කියනවා ඇති විභාගයට බයෙන් ඉන්නෙ කියලා.ඒක සාමාන්‍යයයි. මේ අය හොදට වැඩ කරලා පේපර්ස් කරලා තියන නිසා විභාගයට කැමැත්තෙන් ඉන්නෙ. ඒ හැමදෙයකටම වඩා ගොඩාක් ලොකු ආත්ම විශ්වාසයක් තියනවා මෙයාලට.හැමදෙයකටම කලින් තියෙන්න ඕන තමන් ගැන ඉහල විශ්වාසයක්.තමන් දක්ෂයි, හොදට වැඩ කරන්න පුලුවන් , ඉහල ප්‍රතිඵලයක් ගන්න සුදුසුයි කියලා නිතරම හිතන්න.
ඔබට ජය.