නිවාඩු දවස.. අපේ නෝනාගෙන් ඉල්ලීමක්,
” අපි පරාටා හදමුද..?”
මම කලිනුත් ගෙදර පරාටා හදලා තියන හින්දා නෝනා කිව්වා ටිකක් වැඩිපුර හදමු කියලා. ඉතින් මම වැඩේ පටන් ගත්තා. වැඩි හොඳටත් එක්ක කියලා කෑම රෙසපි තියන පොතකුත් ලඟට ගත්තා… එකේ තිබුනා,
“මෙන්න පරාටා හදන රහස් වට්ටෝරුව කියලා”
එත් අපේ නෝනා කිව්වා වෙනදා හදන විදිහටම හදන්න කියලා. පරාටා හදන රහස් වට්ටෝරුව අතේ තියෙද්දී ආයේ මොනවටද පරණ හදපු විදිහට හදන්නේ, ගෙදර අය පුදුම කරන්නත් එක්ක පිටි කිලෝ එකක් විතර අරගෙන වැඩේ පටන් ගත්තා.., අනේ ඔන්න අන්තිමට පැයක් දෙකක් මහන්සිවෙලා පරාටා හැදුවා….,
මහා අමුතු පෙනුමක් තියන කරවෙච්ච බිස්කට් එකක් වගේ එකක් තමා හැදිලා තියෙන්නේ…, කමක් නෑ කරවෙලා වැඩි ඇති කියලා හිතාගෙන දෙවැනි එකත් හැදුවා.. එකත් කලින් එක වගේමයි.. හැඩේ විතරයි වෙනස්…. කන්නත් බෑ මහා අමුතු රහක් එන්නේ….කමක් නෑ මොනව කරන්නද….?
දැන් මේ ඉතුරු වෙලා තියන ” රහස් වට්ටෝරුවට” අනුව අනපු පිටි කිලෝ එකට මොකද කරන්නේ..?
“අපි මේ පිටි ගුලි ටිකෙන් රොටී හදලා බල්ලොන්ට දෙමු ” කියලා අපේ නෝනා කිව්වා.
ඉතින් ඉතිරි පිටි වලින් රොටී හදලා බල්ලොන්ට දුන්නා…. බල්ලෝ ඒවා ඉව කරලා බලලා පැත්තකට උනා.
“සමහර විට කඩලා දුන්නොත් කයි” කියලා නෝනා කිව්වා…,
ඉතින් මම “ගෙදර පරාටා” කඩලා දුන්නා කැල්ලක් දෙකක් කාලා බල්ලෝ පැත්තකට උනා… අපේ නෝනා නම් කිව්වේ පුරුදු නැති නිසා කන්න නැතුව ඇති කියලා… එයා එහෙම කිව්වේ මගේ හිත රිදෙයි කියලා වෙන්න ඇති.. ඒත් මම දන්නවා ” රහස් වට්ටෝරුවට” මම හදපු පරාටා බල්ලන්ටවත් කන්න බෑ කියලා..!
උපුටා ගැනීම: Suranga Marasinghe