හොඳම කොරියානු ත්‍රාසජනක චිත්‍රපට (විනෝදාස්වාද )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද කියන්න යන්නෙ හොදම Korean Family Thriller Movies 5 ක් ගැන..🔥Family Thrillers කිව්වම හිතන්න එපා පවුලෙ හැමෝම එක්ක බලන්න පුළුවන් Thrillers කියලා..Family Thrillers කියන්නෙ සාමන්යෙන් පවුලක් තුල සිදුවන සිද්ධි දාමයක් හෝ සිද්ධියක් සම්බන්ධ කරගෙන , නිර්මාණය වුන Thriller චිත්රපට !!
මේ පහුගිය ජුනි මසත් මේ Family Thriller ගණයට වැටෙන ෆිල්ම් දෙකක් නිකුත් වුනා..ඒ Innocence සහ Intruder ෆිල්ම් දෙක..ඉතින් මම ඒ ෆිල්ම් දෙකට අමතරව මම බලපු හොදම Family Thriller ෆිල්ම් 5 ක් ගැන කියන්න යන්නෙ..🙂
• A Tale of Two Sisters (2003)
මේ ෆිල්ම් එකේ යන්නෙ Soo Mi සහ Soo Yeon කියන සහෝදරියන් ට නිවස තුලදි සිදුවන අමුතු දේවල් ගැන කතාවක්..මේ ෆිල්ම් එකේ පවුලෙ ඇතුලෙ තියන සගවගෙන තියන රහස් මොනාද ? මේ පවුල මෙච්චර අමුතු විදිහට හැසිරෙන්න හේත්ය් මොනාද ? කියන දේ එක්ක මුල ඉදන් උපරිම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..👌🔥
• Metamorphosis (2019)
පුද්ගලයෙක් ගෙ ස්වරූපය ගන්න පුළුවන් යක්ශයෙක් පවුලක හැංගිලා ඉන්න කතාවක් තමා මේකෙ යන්නෙ..අමුතු Creepy Storyline එකක් යන්නෙ..2019 අවුරුද්දේ ආපු සුපිරි Horror / Mystery / Thriller ෆිල්ම් එකක් කියන්න පුළුවන්..👌ෆිල්ම් එක අන්තිම වෙනකන් යක්ශයා කාගෙ පෙනුම අරගෙනද කියන උපරිම කුතුහලයෙන් බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක්..💥
• Blood and Ties (2013)
අවුරුදු ගානකට කලින් වුන පැහැරගෙන මිනීමැරීමේ නඩුවක මිනීමරුවා අහුවුනේ නැති නිසා නඩුවේ කාලයත් ඉවරවීගෙන යන නිසා මිනීමරුවගෙ Audio එකක් media වලට නිකුත් කරනවා..මේ කටහඩ තමන් ගෙ තාත්තට සමාන නිසා දුවට සැකයක් එනවා තමන් ගෙ තාත්තා මේ අපරාධය කරාද කියලා ඉතින් මේ සැකයෙන් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න හදන ස්ටෝරියක් යන්නෙ..මේක පට්ටම Underrated korean Thriller ෆිල්ම් එකක්..ගොඩක් අය බලලත් නැතුව ඇති..Son Ye Jin ඉන්නෙ..
• Forgotten (2017)
මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑනෙ..ගොඩක් අය බලලා ඇත්තෙ..නියම Climax Twist එකක් තියන සුපිරිම ෆිල්ම් එකක් තමා මේක..🔥
• Mother (2009)
මිනීමැරුම් චෝනදනාවකට ලක් වුන තමන් ගෙ පුතා නිර්දෝශී බව ඔප්පු කරන්න උත්සාහ කරන මවක් ගැන කතාවක් යන්නෙ..සුප්රසිද්ධ අධ්යක්ෂකවරයෙකු වෙන Bong Joon Ho ගෙ තවත් නියම ෆිල්ම් එකක්..
ඉතින් මේ ගොඩට මේ ලගදි ආපු Intruder , Innocence ෆිල්ම් දෙකත් එකතුකරන්න පුළුවන්..Intruder එකත් මේ අවුරුද්දේ ආපු හොද Mystery / Thriller ෆිල්ම් එකක්..🙂

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!