පුතා පොඩ්ඩක් නැගිටින්න පුලුවන් ද? මෙන්න මේ මාමා කෙනෙක් ඇවිල්ලා… නොකඩවා පැය 6ක් සම්පූර්න කරපු නින්ද උදේ පාන්දරම අම්මා කැඩුවා. ඒ කැඩුවේ ගොඩක් ලොකු කතාවක් කියන්න. මම කුනුකෙල ටික පිහිදගෙන කටත් හෝදගෙන කවුද වගේ ආවා ඒ මාමා ගාවට.තාමත් නිදිමතේ..
“ඇයි මාමේ”
“පුතේ මේ පොඩි වැඩක් අහගන්න ආවේ.මම මේවා ගැන වැඩිය දන්නෙත් නෑ.මේ රු.15000 වගේ හොද ලැප්ටොප් එකක් ඒම ගන්න පුලුවන් ද? මම මේ තැනකින් බැලුවා එකක් ,පාවිච්චි කරපු එකක් ඒත් ඒ මනුස්සයා කිව්වේ ඒකේ අර මොකක්ද speed එක මදි කියලා.එතකොට ඉතින් වැඩක් නැතුව ඇති නේ පුතේ මම වැඩිය දන්නෙ නෑ ඕවා ගැන පුතේ”
පව් !ඒ මාමාගේ අසරනකම මට නොතේරුනාම නෙවේ..ඒත් ඒවගේ ගානකට හොද එකක් ගන්න අමාරුයි. මම ඇහුවා මාමාගේ දූගේ වැඩවලට නේද කියල.. “ඔව් පුතේ ” ලැජ්ජාවෙන් මට කිව්වේ. මොකද ඒ මාමා වඩු වැඩ වලට හොද දැනුමක් තිබුනත් ඒවගේ දේවල් ගැන වැඩිය දන්නේ නැති නිසා.ඒ ලැජ්ජාව හංගගෙන මට කිව්වේ,මොකද වැඩිහිටියෙක් විදියට ඒ දේ කියන්න ඕන නිසා.මට අම්මා පුටුවකුත් දුන්නා වාඩි වෙන්න. ඉතින් ඒ මාමා මට දුක කියනවා මම අහගෙන ඉන්නවා.
“දූලා දෙන්නයි පුතේ. එක්කෙනෙක් පහේ ඉතින් එයාට පන්ති,අනිත් කෙනා හතේ එයාටත් පන්ති..කෝමෙන් කෝම හරි උගන්නන්න එපාය පුතේ.” කුලී වැඩ කියන්නේ ස්තීර රස්සාවක් නෙවේ ඒත් මේ පවුලටත් වඩා අන්තාසරන පවුල් නැතුවම නෙවේ ඒවා ගැන කවර කතාද? කුලී වැඩවල විශ්රාමික පඩියක් නෑ. වෙන දීමනා නෑ. තමන් මැරෙනකම්ම හම්බකරලා ඒකෙන් ඉතිරි කරපු සොච්චමක් විතරයි.ඒකත් තමන්ට කරගන්න බැරි උනාම ගෙදර ඉන්න ඊලගට ලොකු පුතා ඒ බර කරට ගන්න ඕන, නැත්නම් ඒ ගෙදර අම්මා. ඕවා කලින් තියාම දන්න නිසා තමයි ඒ මාමා දූලා දෙන්නට උගන්නන්න දතකන්නේ.
කොරෝනත් මහ නරුමයෙක් වෛරසයකට හිත්පිත් නෑ ඒත් … ජීවිතේ කිසිම තරාතිරමක් අදාලා නෑ. සුදුසු උපක්රමයක් විදියට ඔන්ලයින් ඉගැන්නුවත් ඒකට devices කාගේගාවත් නෑ.මේ ඔන්ලයින් ඉගැන්වීම යටතේ හැමදෙනාම අධ්යාපනයක් ලබන්නේ නෑ. ඉස්කෝලේ ගිහින් නොකා නොබී කියන දේ විතරක් අහන් ඉදලා ඉගෙන ගන්න ලමයින්ට මොකක්ද වෙන්නේ.. එදා වේල කන්න නැති පවුල් වලට 3G පෝන් එකක් කියන්නේ හීනයක්.දරුවට පන්ති යන්නම කීදාහක් අම්මලා තාත්තා අලුතෙන්ම පෝන් එකක් ගන්න ඇත්ද?කවදාවත් අතටවත් අල්ලලා නැති උනත් ඒක පුතාට දූට දුන්නේ ඉගෙන ගන්න ඒත් ඒවා කොහොමද වැඩකරන්නේ කොහොමද ඇප් දාගන්න වැඩ දැනගන්න තව ඇවිදින්න වෙන්න ඇති.”හොද ලැප්” එකක් කියන එක ඇතුලේ කොච්චර දේවල් කියන්න හිතන්න ඇද්ද? “පුතේ විස්සකට වඩා නම් අමාරුයි” මොනවා කරන්නද? ජීවිතෙන් එගොඩයන්න මාර කට්ටක් කන අතරේ කොරෝනා කියන්නේ මරුපහරක්.
ලක්ශපති එකට ආපු ශුක්රා එයාගේ වාසනාව දැනුම නිසා ඒ මිලියන දෙක දින්නා.ඒත් අනිත් හැමකෙනාටම පුලුවන් ද ඒ දේ කරන්න. හැමකෙනාටම එතනට එන්න පුලුවන් ද. ඇත්තටම ඒක බැරි වැඩක්.ඒත් ඒ දේ නිසා මේ ප්රශ්නේ ගැන පොඩි හරි අවදානයක් ආවා.ඒත් දැන් ඒක අමතක වෙලත් ඇති.ඒ නිසා ඒවගෙ තැනකට ගිහින් ප්රශ්නේ විසදනවා කියන්නේ නිකන් සමාජ විහිලුවක්.
කලින් ටැබ් එකක් දරුවොන්ගේ අතට දෙනවා කිව්වම ඒකට විරුද්ද උන මිනිස්සුම අද ඒ කටින්ම ඒක කොච්චර වටිනවද කියලා කියනව ඇති.(ඒක නිකන් අදහසක් විතරයි)කාලය හැමදෙයක්ම වෙනස් කරනවා. කාටත් ටැබ් ,ලැප් ,පෝන් අරන් දෙන්න ඕන නෑ..සංවිදානාත්මක ක්රියාදාම ඒවට අරගන්න පුලුවන්.තියෙන එකා කෝමත් වැඩේ කරගන්නවා. ඒත් තියනකෙනාට කවුරුත් ගොඩ දාන්නත් බෑ,ගොඩ දාන්නෙත් නෑ.ඒක ඒ අයගේ උවමනාව.ඔතන නැති කෙනාට මොකක්ද වෙන්නේ කියලා කවුරුවත් දන්නෙවත් නෑ.දැනගත්තත් කරන්න දෙයක් නෑ.
දෙමාපියන් හැමකෙනාම තමන්ගේ දරුවන්ට උගන්නන්න බලන්නේ නෑ.මොකද ඒකේ අගය තේරෙන කෙනෙක් විතරයි ඒ දේට ලංවෙන්නේ නැත්නම් කොච්චර නම් බාහිර සාධක තියනවද ඒ මනුස්සයට.එහෙම ලෝකෙක මේවගේ අමාරු තියන මිනිස්සූ කෙලින්ම දරුවොන්ට උගන්නන එක නතර කරනවා. එතනින් වෙන්නේ ඒවගේ පවුල් වලින් ඉගෙන ගෙන ගොඩයන හිටපු එකත් නැති වෙලා නැත්තටම නැති වෙන එක විතරයි. පොඩි උන්ගේ අනාගතෙත් නැති වෙන එක විතරයි.
“ජීවිතේ හරිම කටුකයි හැමදේම බාධක බිදගෙන ඉදිරියට යන්න පුලුවන්” කියලා කියන්න ලේසී ඒත් ඒ අමාරුව දන්න මිනිහා විතරයි ඒකේ ඇත්තටම තියන තිත්ත රහ දන්නේ.පෝන් එකක් ඉල්ලුව ගමන් අපිට අතට දුන්නම අපි ඒක ලැබුන හැටි කොහෙන්ද ඒ සල්ලි අම්මලා හොයාගත්තේ කියලා බලන්නේ නැති තරම්.ඒත් ඒ සල්ලි හොයාගන්න ගහපු ගේම් ඔක්කොම අපේ අම්මලා තාත්තාලා හොදට දන්නවා.උප්පත්තියෙන් සල්ලිකාර නොවන පවුලක නම් විශේෂයෙන් ඒ දේ හොදට තේරෙනවා.
මේ වගේ දේවල් හැමදාම හැමතැනම වෙන දෙයක්.පුලුවන්කමක් තියන බළධාරීන් පොඩ්ඩක් මේ දේ ගැන හිතන්න පුලුවන් නම් මීට වඩා මේ දේවල් ලස්සන වෙන්න පුලුවන්. වෙන රටවල් වගේ වෙන්න අපිට බෑ.පුලුවන් විදියේ ක්රමයක් හොයාගත්තොත් ඒ ඇති.
මේකත් එක අදහසක්…
උපුටා ගැනීම: Prageeth Damsara