මට නිවාඩු දවසෙ නොදන්න අංකයකින් කෝල් එකක් එනවා.අනිවා මොකක් හරි වාතයක් තමයි.!
මම ෆෝන් එක “බබාට ” දීලා කතා කරන්න කියනවා.බබා කියලා කියන්නෙ පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගෙ වයසට කිට්ටු, කිසි බබා ගතියක් නැති අපේ ස්වාමිපුරුෂයාය.
ඔහු නම් මාරයා කෝල් කරත් ” මචං” කියන ජාතියේය.
එහා පැත්තෙන් ගෑනු කෙනෙක් කියෝගෙන යනවා.මටත් ඇහෙනවා.
“මේ මම ඉන්නෙ බස් එකේ දැන්”
මගෙ ඇස් දෙක උඩ යනවා .කව්ද යකෝ අපේ බබාට කතා කරන ගැණි.අහ්…!එතකොටම මතක් වෙනවා ඒක මගේ ෆෝන් එකට මට ආපු කෝල් එකක් කියලා.
“ඔයා කොහෙද ඉන්නෙ.මහත්තයා ඉන්නෙ ඉස්සරහ සීට් එකේ.නිදි.අනේ ඔයා පාරට ඇවිත් බලන් ඉන්නකෝ.මම ඉන්නෙ ජනේලෙ අයිනෙ.බ්ලා බ්ලා බ්ලා… මික්සරෙන් කොන්ක්රීට් හලනවා වගේ කියවගෙන යනවා.
බබා ගත් කටටම කියපි
” හා හරි හරි මම එන්නම්,ඔයාට බහින්න බැරිද බස් එකෙන්.
“පිස්සුද අනේ අනේ අරයා ඉන්නවා”
“එහෙනම් ටටා කියන්න”
“හා”
ඔහොම අක්කගෙයි බබාගෙයි දෙබස ඉවර වෙනවා.අපි ඒ නම්බර් එක “හොරගෑනි ” කියලා පරිස්සමට සේව් කරගන්නවා
ඔහොම කාලයක් යනකොට ඒ ෆෝන් එක පරණ වෙලා , ඒක දීලා බේසමක් වත් ගන්න බැරි තරමට ආවම මම ඒක බබාට දෙනවා.
ඊටත් කාලකට පස්සෙ දවසක් මම එයාගෙ ඒ ෆෝන් එක අරන් හොස්පිටල් කියලා ගහනකොටම නමක් වැටෙනවා හොරගෑනි කියලා.!!
මම- බබා..!දෙයියනේ කව්ද මේ හොරගෑනි.
බබා -මම දන්නෑ අනේ ඕක ඔයාගෙ කන්ටැක් එකක්
මම- එතකොට මගෙද හොරගැනි.!
උපුටා ගැනීම: Nimmi Jayasundara