ඊජිප්තු “හේරු , හෝ”, එහෙම නැත්තම් හෝරස් කියන්නේ පුරාතන ඊජිප්තු ඉතිහාසයේ සදහන් වෙන ප්රධානම දෙවිකෙනෙක්. ” හෝරස්” කියන වචනේ ඇත්තටම ග්රීක වචනයක් . ” මනුෂ්යාට උසස් ” යන වගේ අදහසක් තමයි තමයි එහි ගැබ්වෙන්නේ.
දිව්යමය උකුස්සෙක් විදිහට තමයි හෝරස්ව පුරාථණ ඊජිප්තුවේ වන්දනාමාන කර තිබෙන්නේ. අහසට සහ යුද්ධයට අධිපති වූ හෝරස්ගේ භාර්යාව වුනේ හැතොර් නම් වූ දෙවගන. ඒ වගේම සෙත් වූ දෙවියාගේ ප්රතිවාදියා උනෙත් හෝරස්. හෝරස්ගේ පියා තමයි ඔසිරිස්. මව අයිසිස් දෙවගන. හැබැයි සමහර ඊජිප්තු පුරාතණ සාහිත්ය වල සද්හන් වෙනවා “රා” දෙවියන් හෝරස්ගේ පියා බවට. ඒවා මතභේදාත්මකයි.මොකදා රා සහ ඔසිරිස් එකට ගෙන එක් අයෙකු ලෙසත් සමහර තැන්වල හදුන්වනවා.
බොහෝ ඊජිප්තු දෙවිවරුන්ට උකුස්සෙකුගේ ස්වරූපය ගැනීමට පුළුවන්. ” රා ” , සොකාර් , මොන්ටු වැනි දෙවියන් මීට උදාහරණ. මේ නිසා සමහරවිට මේ වගේ විශ්වාසයන් ඇති. හොහොම උනත් හෝරස්ටත් බොහෝ වේශ ප්රමාණයක් මවාගන්න පුළුවන්. උකුස්සා තමයි ඉන් ප්රධානම වේශය. තවත් කිවයුතුම දෙයක් තමයි හෝරස්ගේ දකුණු ඇස ගැන . දකුණු ඇස හිරු එහෙම නැතිනම් ” උදා තරුව ” ලෙසට තමයි ඊජිප්තු ඉතිහාසයේ සදහන් වෙන්නේ.එමෙන්ම වම් ඇස තමයි හද. මේ හෝරස්ගේ ඇසේ පින්තූර ඔබ දැක් ඇති.
කූමක් උනත් සෙත් සහ හෝරස් අතර තිබ්බේ නොනවතින තරගයක් බලය සදහා. සෙත් තමයි හෝරස්ගේ පියා වෙච්ච ඔසිරිස්ව ඝාතනය කරන්නේ. හේතුව පැහැදිලියි. හෝරස් හට පිය උරුමයෙන් ලැබෙන්න තිබ්බ බලය අල්ලා ගැනීම. මේ කුමන්ත්රන යුද්ධ අවසානයේ කොහොමහරි හෝරස් විසින් සෙත්ව පරාජය කරනවා. ඉතින් මේ වෙච්ච සටනේදී හෝරස්ගේ වම් ඇහැ වෙච්ච “හද” තුවාල වෙනවා.
ඊජිප්තු සාහිත්යට අනුව හදේ ආවාට වලට හේතුව තමයි මේ තුවාල වෙච්ච් හෝරස්ගේ වම් ඇහැ. මේ ඇහැ පසුව සුව කරන්නේ “තොත් ” විසින් . තොත් තමයි දැනුම , නුවණ , බුද්ධිය , විද්යාව , මේ හැම දෙයටම අධිපති දෙවියෝ. ඉතින් කොහොමහරි මේ හොද කරපු ඇහැ බලගතු යන්තරයක් වගේ දෙයක් බවට පත්වුනා. පුරාණ ඊජිප්තු වැසියෝ එය තමන්ට ආරක්ෂාව ගෙන දෙයක් බවට විශ්වාස කලා.
හෝරස්ගේ දකුණු ඇහැ , එහෙම නැතිනම් “හිරු” ගැන ඊජිප්තු වැසියෝ විශ්වාසය තැබුවේ එයින් බලය , යහපත් සෞඛ්ය , වගේම ධනය තමන්ට ලබා දෙන බවට . තවත් විශ්වාසයක් තමයි හෝරස්ගේ මනුශ්ය ස්වභාව්ය වූයේ pharoah බව. එය තහවුරු වෙනවා pharoahව හැදින්වීමට golden horus යන නම යෙදීමෙනුත්.
හෝරස්ගේ උපත පිළිබද විස්තරයකට අනුව ඇත්තෙන්ම සෙත් විසින් හෝරස් ඉපදෙන්නම කලින්සිටම ඔහුට වෛර කර තිබෙනවා. ඔසිරිස්ව ඝාතනය කිරීමෙන් පසුව අයිසිස් සෙත්ගෙන් බේරීමට පළා යනවා. ගිහින් අප්රසිද්ධියේ ජීවත් වෙනවා . හෝරස්ට කෑමහොයන්න අයිසිස් එළියට ගියේ රාත්රී කාලයේ. එවිට ඔහුව බලාගත්තේ සෙල්කීට නම් දෙවගනක්. ඇය අයිසිස් වෙත ගෝනුස්සන් 7 දෙනෙකුගෙන් යුත් ආරක්ශක භටයෙක් ලබාදී තිබුණා. එසේ ලොකු මහත්වුනු හෝරස් පසුව බලය ලබා ගන්නවා සෙත්ව පරාජය කර. මේ කතා බොහොම රසවත් . මෙතන තිබෙන්නේ ඉතා සාරාංශගත කරුණු ස්වල්පයක් පමණයි. සමහර තැන් වල මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් විදිහටත් විස්තර කරනවා..
කොහොමහරි ඔයාට ඊජිප්තු දෙවියන් ගැන මූලික අදහසක් ගන්න ඕන නම් Gods of Egypt 2016 ෆිල්ම් එක බලන්න පුලුවන්..
උපුටා ගැනීම: රාම් වණා