හොස්ටල් මේට්‍රන් හා ඇකඩමි කට් කිරීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හැමෝම දන්නවා දැන් මං හොස්ටල් ජිවිතයක් ගත කරපු බව . මගේ යාළු ලක්සිරියයි , අනුෂ්කි තමයි හොදම යාලුවෝ කියලත් දන්නවනේ . ලක්සිරියා හැමවෙලේම බුදිමතේ ඉන්නවාය , අනුශ්කි මමයි සිරිමත්ගේ ෆීමෙල් වර්ෂන් එක බවත් හැමෝම හොදාකාරව දන්නවනේ ….
ඔන්න ඉතිං අපි දවසේ වැඩ පටන් ගන්නේ උදේ 5.30 ට . උදේම පෙරඩ් සහ ව්යායාම . ඊට පස්සේ සම්බෝලයි පාන් ගිලලා . සුදු සාරිය පටලගන , කොන්ඩ ගුලියක් බැදගන යන්න ඕනා ලෙක්චර්ස් . උදේ 7.45 ට පටන්ගන්න මේ ඇකඩමි වැඩ ඉවර වෙන්නේ 3.45 ට . ඊට පස්සේ 4.00 ඉදලා 6.30 වෙනකම් විෂය සමගාමී . විෂය සමගාමී කියලා කොරන්නෙත් චිත්ර , නැටුම් , සංගීතේ , රංග කලාව , pt . ඊට අමතරව සෙනසුරාදා දවස කරාටේ , කෙඩෙට් සහ බාල දක්ෂ .
ඕං එකෙන් අවබෝධ කරගන්න … මං මෙහෙම පුංචි අහිංසක මලක් වගේ හිටියට කරාටේ කළු පටියකට හිමිකම් කියනවා කියලා .
බොරු හොදේ අපි ඒකෙන් ඉගෙන ගත්තේ ඉච් , නී , සම් ,ශි , කියලා ගණන් කරලා කෑ ගහලා කියන්න විතරයි . හොරාට ඔය ප්රහාර වලක්වන එක අත් එහෙ මෙහෙ කරලා හයි හුයි කියලා කෑ ගහනවා වගේ ඒවා කරපු නිසා කළු පටි නැතත් තැඹිලි පටියක් අපිට හිමී උනා .
අපේ හොස්ටල් එකේ මානවිකාවෝ හිටපු ගමන් හරිම නෝටි වැඩක් කරන්න පුරුදු වෙලා හිටියා . එයාලා හිටපු ගමන් ඇකඩමි නොයා හොස්ටල් එකේ හැංගිලා ඉන්න පුරුදු වෙලා තිබුණා . සිංහලෙන් කිව්වොත් වල බහින්න පුරුදු වෙලා තිබුණා . සමහරු උදේ වරුව යනවා , සමහරු හවස්වරුවේ යනවා , තවත් සමහරු මුළු දවසම වල බහිනවා , තවත් සමහරු සයිකොලොජි , ටැමිල් වගේ සබ්ජෙක්ට් එකක් තිබ්බොත් ඒවා වල බහිනවා .
කව්රු කොහොම වල බැස්සත් ඉතිං අපි තුන්දෙනානම් ඔය නෝටි වැඩේ කරන්න ගියේ නෑ . කොහොමත් ලක්සිරියා කෙසේ වෙතත් අනුශ්කි මමයි සිරිමත්ගේ ෆීමෙල් වර්ෂන් එක නිසා ලක්සිරියත් බලෙන්ම වගේ ඇකඩමි පැත්තට ඇදගන ගියා . එත් සමහර වෙලාවට ලක්සිරිගේ තවත් දුදන යාලුවෝ නිසා එකා අපිටත් කොකා පෙන්නලා ඇකඩමි කට් කරලා මුළු දවසම බුදියාගත්ත දවස් පනහකට සීයකට වැඩි ඇති ඕං .
ටික කාලයක් යද්දී එක පාරටම අනුශ්කියටයි මටයිත් හිතුනා දවසක් ඇකඩමි කට් කරන්න . එත් පුම්චි අපි මෙට්රන්ට් ට තියෙන බයෙන් එන්න එන්න ඒ ආසාව යටපත් උනා . එත් අර සිග්මන්ඩ් ෆ්රොයිඩ් කියන්නා වගේ පුංච් අපි දෙන්නගේ ඒ ආසාව මුහුද යට තියෙන අයිස් කන්දක් වගේ උනා . මතු පිටට පෙනුනේ හරිම ටිකයි . බය නිසා ලෝකෙම වල බැස්සත් අපි දෙන්නා ඇකඩමි යං කියලා අපි දෙන්නා ගියා .හේතුව අපේ මෙට්රන්ගේ කටට තියන බය . එයා කියන අපිට තේරුමක් නොතේරෙන වචන අහගන ඉන්න බැරිකම . ඒවා නිකන් ටිං බෙලෙක්ක මල්ලක් හොල්ලනවා වගේ මිහිරී .
අපේ හොස්ටල් එකේ මේට්රන් කොන්ඩේ කොටට කපපු ,අමුතු පහේ ඩෑල් එකක් .හරියට කිව්වොත් එයා ටිකක් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග වගේ . පෙනුමෙන් හොදේ .
අපි මොනවා කරත් වැරදි .අඩුම හොස්ටල් එකට ෂෝට් එකක් ඇදගන හිටියත් තිත්ත කුණු හරපෙන් බනිනවා . එයා කියන විදියට ගැණු දරුවෝ අදින්න ඕනා ගවුම් , දිග සාය හෝ අත් ඇති බ්ලවුස් , ටී ෂර්ට් . අත් නැති ඒවා ඇන්දත් ” නයි පනික්කියෝ , උබලගේ අම්මලාගේ හැදියාව තමයි” කියලා බනිනවා . ඔය මොනා දේ කරත කක්කුට්ටා ඇදේට යන ගමන් උන්ගේ පැටියට කෙලින් යන්න කියනවා වගේ එයා අදින්නෙත් ගල් ෂෝර්ට් ස්කිනී වාගේ එවා . අපිට පෙනෙන්න නෙවේ ….. හැබැයි එයාගේ රූම් එක ලග වැලේ ඒවා සෝදලා වනලා තියෙනවා . අපි ඉතිං දහ අතේ කල්පනා කරනවා මේ මනුස්සයා ගෙදර තියෙන රෙදිවත් වතුර බිල අඩු කරගන්න හොස්ටල් එකට ගෙනත් සෝදනවද කියලා .
දවසක් අනුශ්කි මමයි තීරණය කරා ඇකඩමි කට් නොකර , හවස 4.00 ඉදලා 6.15 වෙනකම් තියෙන විශය සමගාමී කට් කරන්න . එච්චරකටම කට් කිරිල්ලේ රහ මොකක්ද කියලා කුතුහලෙකුත් අපිට තිබ්බා . අපි විතරක් හැමදාම ඇකඩමි යද්දී අනිත් උන් මොනවද මේ හොස්ටල් එකට වෙලා කොරන්නේ කියලා බලන්න කුතුහලේ තමයි ඒක .ඒකට අපේ ලක්සිරියයි , තව රූමෝ දෙතුන් දෙනෙකුත් හවුල් උනා . අපි දෙන්නා මේ වැඩේට කිරි කෝඩු උනාට අනිත් සැට් ඒකට මේවා කජු කන්නා වගේ ලේසි වැඩ ඕං . අපි බය ගුල්ලෝ .
මුලින්ම අපි හොස්ටල් මේට්රන් ගැන හොයාගන්න ඕනා මේ වැඩේ කරන්න .මෙට්රන්ගේ ආදරණිය ස්වාමි පුරුෂයා වැඩ කරේ අපේ පීඨෙම ඔෆිස් එකේ . ඉතිං සමහර දවස් වලට එතුමා මේට්රන්ගේ කාමරේට එනවා . අප්පේ ……… බලන්න එපැයි එතකොට මහත්තයා නැති වෙද්දී ” තොපි , උඹලා ” කියපු කටින්
” පුතේ ……. මැණික , මගේ පුතාලා … ” ඕවා කියලා තමයි අපිට කතා කරන්නේ . අපිත් ඉතිං මොකක් හරි අලුගේත්තේරු වැඩක් කරලා අහු උනොත් යන්නේ එයාගේ මහත්තයා ඉන්න වෙලාවට . එතකොට එයා අපිට බනින්නේ නෑ. එයාගෙ පෙම් කුමරා ලග අපිව නලවනවා .
ඔන්න ඉතිං අපි ඇකඩමි කට් කරන්න පස්මහා බැලුම් බලලා දවසක් තෝරාගත්තා . ඊට පස්සේ හැමෝම pt වලට යද්දී අපි සැට් එක කාමරේ ඇතුලේ දොර ලොක් කරගන මීක් සද්ද නැතිව ඉන්නවා . ලක්සිරියානම් ඇදට දඩක් ගලා වැටිලා විනාඩි දෙකකටත් වඩා අඩු කාලෙකින් බුදිය ගත්තා . තව කෙනෙක් ෆෝන් එකේ කූරු ගහ ගහ මලක් කඩන්න පටන්ගත්තා , තවත් එකෙක් උදේ ඇකඩමි කට් කරපු ඒවගේ නෝට් ලියන්න පටන්ගත්තා .
එත් අනුශ්කිටයි මටයිනම් එපාම උනා මේ වැඩේ . ඇයි රෙද්ද නිදහසේ කතා කරන්නද ? එළියට ගිහින් නිදහසේ සීත සුළං ඇග දවට ගන්නද ? හැක හැක ගලා හිනා වෙන්නද ? අඩුම තරමේ හදිස්සියකට නිදහසේ කිවිසුමක් යවන්නත් බෑ . ඒ මොකුත් බෑ . මීයට පිම්බා වගේ නිශ්ශබ්ධව ඇදට වෙලා ඉන්න ඕනි . ඒ විකාර වල බැහිල්ල අපිට අල්ලන්නේ නෑ කියලා තේරුම් ගන්න අපි දෙන්නට ගියේ ඉතා ස්වල්ප වෙලාවයි .
“මේ මොන මගුලක්ද ඕයී ” කියලා අපි දෙන්නා එකවැර හයියෙන්ම කියාද්දී .කව්දෝ අර ලොක් කරලා තිබුණ දොරට තඩි බාන්න පටන්ගත්තා .
” ඇරපියව් දොර …….මං දන්නවා තොපි ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා …..උබලට මාව තම්බන්න බෑ ….”
කියලා ඉමිහිරි බෙලෙක් හඩ ඇහෙද්දී අපි තීරණය කරා මේ අපේ ආදරණිය මේට්රන් තමයි කියලා . අනිත් අයගේනම් කොහොමද දන්නේ නෑ . එත් අනුශ්කිගෙයි මගේයිනම් කකුල් ගිටාර් එකක කම්බි ගැහෙනවා වගේ සද්දෙන් ගැහෙන්න පටන්ගත්තා .ඒ සද්දේ කාමරේ රැව් පිලි රැව් දෙන්න පටන්ගත්තා . පපුවේ ලබ් ඩබ් සද්දෙත් ඩ්රම් සෙට් එකක සද්දේ වගේ ඒකට එකතු වෙලා රොක් මියුසිකල් ෂෝ එකක් වගේ රූම් එකෙන් පිටවෙන්න ඇති . හීන් දාඩිය ගගක් වගේ ගලන්නත් පටන්ගත්තා.
” දොර ඇරපියව් ….. නැත්නම් මං දොර කඩනවා ……. ගීතා ගිහිං මේ කාමරේ එක්ස්ට්රා යතුර ගෙනෙන්න , උබලා හිතුවේ මට දොර ඇරගන්න බැරිවෙයි කියලද ? හිටපල්ලා නයි පනික්කියෝ ටික මං ගිහිං යතුර ගෙනෙන්න ” කියලා ඕං මේට්රන් ගියා සෙරෙප්පු දෙකත් ඇද ඇද . එයා ඇවිදින්නේ එහෙමයි .
අපිත් ඉතිං කුම්බලා මාළු කෑවානම් විදවපන් බල්ලෝ කියලා රොක් මියුෂිකල් ෂෝ එක දිගටම පවත්වමින් වෙව්ල වෙව්ල හිටියා .
විනාඩි දෙකක් ගියා , විනාඩි පහක් ගියා , පැය භාගයක් ගියා …. දන්නෙම නැතිව පැය දෙකම ඉවර වෙලා pt ගියපු උන් හොස්ටල් එකටත් ආවා . ඒ එන සද්දෙට අපි දොර හෙමින් ඇරගන හොර පුසෝ වගේ එලියට ගිහින් යතුර ගෙන්න ගියපු මේට්රන් කොහේ ගියාද කියලා හොයලා බලද්දී ….. අපේ කකුල් වල රොක් මියුසික් නතර වෙලා අපිට හැක හැක ගාලා හිනා ගියා .
මේට්රන්ගේ පෙම් කුමරාගේ පුටු පුටු ස්කුටිය මේට්රන්ගේ රූම් එක ඉස්සරහා නතර කරලා තිබුණා . හැබැයි මේට්රන් සහ එයාගේ ස්වාමි පුරුෂයානෝයි පෙනෙන්න හිටියේ නෑ . මේට්රන්ගේ රූම් එකේ ජනෙල් දොරවල් ඔක්කොම වහලා තිබුනේ ඕං .අඩුම කර්ටන් එකත් වහලා තිබුනේ . ඉතිං එහෙමයි මෙට්රන්ට අපිව අමතක වෙලා තිබුනේ.සමහර විට දෙන්නා සොපින් යන්න ඇති කියලා අපි හිත හදාගත්තා .
එදා එදාමයි අනුශ්කි මායි ආයෙත් ඒ නෝටි වැඩේ කරන්න ගියේ නෑ . හොද බොදු දරුවෝ වගේ හැමදාම ඇකඩමි ගියා … රොක් මියුසික් වලට අපි දෙන්නම අකමැති උනා . බයේ වෙව්ලලා මැරෙනවට වඩා ඇකඩමි ගිහිං නින්ද ගිහිං මැරෙන එක වීර කමක් කියලා අපි තේරුම් ගත්තා . විශේෂම දේ තමයි මොකටද නිකං මෙට්රන්ගේ උනත් නරි නාඩගම් බලන්නේ කියලා අපි සිරිත් මල්දමේ එන යහපත් දැරිවියෝ ලෙස හොස්ටල් එකෙන් එනකම් කල් ගෙව්වා .
උපුටා ගැනීම: හසිකා විජේතුංග

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!