මම හිටියේ ප්රසිද්ද ගඟක නමක් තියෙන විද්යාපීඨයක.මුලින් ඩෝම් එකක එකසිය හතලිහක් හිටියත් ටික කාලෙකින් අලුත්වැඩියා කරපු හොස්ටල් එකකට යන්න වාසනාව හම්බුනා. ඒක සෑහෙන කාලෙක ඉදලා වහලා තිබුන හොස්ටල් එකක්.
ඒකේ නම තෙරණින් වහන්සේ කෙනෙකුගේ නමක්.ඒකේ තිබ්බේ කාමර. හෝල් එකක් නෙවේ.කොහොමහරි එක කාමරයක් තිබ්බේ වහලා. පොඩි ප්රශ්නයක් වෙලා මායි මාගේ රූමයි ඔය කාමරේ ඉල්ලුවා. ඒත් හොස්ටල් භාර මිස් ඒක දෙන්න නම් කැමති උනේ නෑ හැබැයි අපි පෙරැත්ත කරලා ඉල්ලුවාම එයා කැමති උනා.
අපි සතුටෙන් අපේ පුංචි කාමරේට වෙලා ජීවත් උනා. ටික කාලයක් යනකොට තමා ආරංචි උනේ අහවල් හොස්ටල් එකේ කලින් අක්කා කෙනෙක් මැරිලාය එයා හොල්මං කරනවාය යාගෙ නම මොනිකාය කියලා. රෑට ටොයිලට් එකකටවත් තනියෙන් ගියේ නෑ අපි කවුරුත් ඒ තියා දවල්ට තනියම හොස්ටල් එකේ ඉන්නත් බය උනා. ඒ වගේමයි කිසිම හේතුවක් නැතුව අපේ අය පඩිපෙලෙන් ලිස්සලා වැටුනා. ඒවගේමයි අපේ අයගේ පවුල් වලටත් ගොඩාක් කරදර උනා.
මොකක් හරි දෙයක් අසුබ දෙයක් වෙනවා. කට්ටිය ලෙඩ වෙන ඒවා ගොඩාක් උනා. තව එක්කෙනෙක් බැම්මෙන් පහලට වැටිලා අතකුත් කඩාගත්ත. රෑට ගෑණු ලමයෙක් අඩන සද්ද එහෙමත් ඇහුනා. දවසක් අසනීප වෙලා ලෙක්චස් ගිය නැති මම තට්ට තනියම කාමරේ ඉද්දි කවුරු හරි කෙනෙක් මගේ ලඟින් ගියා වගෙත් දැනුනා.
දවසක් හීටරේ ගහලා එලියට ගියා ඒත් මට හොදටම මතකයි මම ස්විච් එක ඕෆ් කරා කියලා. පැයක් දෙකක් ගිහින් ආරංචි උනේ අක්කා කෙනෙක් ඇවිත් කියනකොට,
“සෙව්වා,උමා අන්න ඔයාලගේ රූම් එක ගිහි අරන්, ඉක්මනට හොස්ටල් එකට යන්න”
යනකොට හීටරේ ගිනි අරන්. ඒත් මට හොදටම මතකයි මම ඕෆ් කරා ඒක. වෙච්ච විදිහක් දන්නේ නෑ. ඒත් අපිට කිසිම විදිහකින් බැන්නේවත් විනය ක්රියාමාර්ග ගත්තේවත් නෑ. හොස්ටල් භාර මිස් ඇවිත් කියපු එකම දේ,
“අද රෑට ඉටිපන්දමක්වත් ගහන්න එපා මොන නපුරු දෙයක් සිද්ද වෙන්න යනවද දන්නේ නෑනේ”
කොහොමහරි ඔය සිද්දියෙන් පස්සෙ කවුරුත් අපේ රූම් එක දිහා බලන්නත් බය උනා කොටින්ම අපි දෙන්න දිහා බැලුවෙත් අමුතු ව්දිහට.
අන්තිමට හොදම එක, විද්යාපීඨෙන් ආවට පස්සෙ තමා දන්නේ අපි දෙන්නා ඉදලා තියෙන්නෙ මොනිකා අක්කා හිටිය රූම් එකේ කියලා.
උපුටා ගැනීම: Sëwwáñdíê Gâllãgé