Whatsapp Status වල තියෙන Video Clip එකක් ඇණයක් නොවී download කරගන්නා ආකාරය

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

තවදුරටත් යාලුවෙක් දාල තියෙන funny video clip එකක් ඔයාට ඉල්ලගන්න, එහෙම නැත්තන් status දාන්න ඕනෙ නම්, “අනේ එවන්නකො” , “මේක එවන්නකෝ” කියලා බගෑපත් වෙන්න ඕනෙ නෑ! මේ පුංචි setting එක adjust කලාට පස්සෙ ඕනෙ වෙලාවක status videos ලේසියෙන්ම ගන්න පුළුවන්.

 

#1 “My Files” වලට යන්න

 

#2 දකුණු පැත්තෙ උඩ කෙළවරේ තියෙන dots 3 උඩ click කරන්න

 

#3 “Settings” වලට යන්න 

 

#4 “Show hidden system files”  එක “on” කරන්න  

 

මේ setting එක කරන්න වෙන්නෙ එක පාරයි. ඇත්තටම මෙතනින් පස්සෙ ඕනම වෙලාවක  status තියෙන file එකක් download කරගන්න පුලුවන්. ඒ විදිහට download/ save කරගන්න හැටි තමයි ඊළඟට කියන්න යන්නේ.

 

#5 දැන් ආපහු “My Files” එකේ “Internal Storage” එකට යන්න

 

#6 “Whatsapp” කියන file එකට යන්න 

 

#7 “Media” කියන file එකට යන්න 

 

#8 දැන් එතන “Status” කියන file එකට යන්න 

 

#9  දැන් මෙතන, මේ වෙලාවෙ ඔයාගෙ status වල තියෙන clips සේරම පේන්න තියෙනවා. පැය 24 කට පස්සෙ මේවා automatically අයින් වෙනවා. ඒ නිසා ඒව save කරගන්න ඕනෙ නම්, අදාළ  clip එක උඩ long press කරගෙන ඉඳලා ඒක select කරගන්න.
ඊට පස්සෙ select කර ගත්ත file එක “move”/”copy” කියන දෙකෙන් එකක් තෝරන්න

 

#10 ආයෙත් “Internal Storage”එක හරහා save කරගන්න ඕනෙ හරිම location එකට ගිහින් “Move here” / “Copy here” button එක උඩ press කරන්න.

 

එච්චරයි. හැම වෙලාවෙම status එකක් දාපු ගමන් “එවන්න” “එවන්නකෝ” කියල කරදර කරන යාළුවන්ට මේක share කරන්න. 🙂

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!