බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ “හුදෙකලාව” පිළිබඳ අමාත්‍යතුමිය (කෙටි ලිපි)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
"....අධ්‍යයනයෙන් පැහැදිලි වුණු අනිත් කාරණාව, එලෙස සාංකාවෙන් පසු වන එකම කොට්ඨාශය වයස අවුරුදු 65ට වැඩි, වැඩිහිටියන් පමණක් නොවන බවයි..."

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විසින් පසුගිය දිනෙක , 42 හැවිරිදි ට්‍රේසි කෘච් බ්‍රිතාන්‍යයේ නව “හුදෙකලා ව” පිළිබඳ අමාත්‍යවරිය ලෙස පත් කළා. ලෝකයේ මුල්ම වගේම අදාළ විෂය සම්බන්ධව දැනට සිටින එකම අමාත්‍යවරියත් ඇය වනවා. ඒ අනුව ඇය විසින් , 2016 දී රැඩිකල් අන්තවාදියෙකු අතින් ඝාතනයට ලක් වූ ජෝ කොක්ස් නම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අදාල විශේෂ සම්බන්ධව කරගෙන ආ කටයුතු ඉදිරියට මෙහෙයවෙනු ඇති.

මිය යාමට පෙර ජෝ විසින් මෙහෙයවූ මෙහෙයවූ කමිටුව මගින් කළ අධ්‍යනයන්ට අනුව, බ්‍රිතන්‍ය ජනගහනයෙන් ලක්ෂ 90 කට අධික පිරිසක් “තනිකම” හෙවත් කාන්සාවෙන් පෙළෙන බව හෙළි වුණා. බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු  75 ට වඩා වැඩි, මහලු පුද්ගලයින්ගෙන් හරි අඩක්ම අඩක් ම ජීවත් වන්නේ තනිවමයි. සංඛ්‍යාත්මකව ගත්තොත් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයක්! ඔවුන් බොහෝ දෙනෙක් දින සති ගණන් ගත කරන්නේ එකදු වචනයක්වත් කතා කරන්නට අවස්ථාවක්, පුද්ගලයෙක් නැතිවයි.

අධ්‍යයනයෙන් පැහැදිලි වුණු අනිත් කාරණාව, එලෙස සාංකාවෙන් පසු වන එකම කොට්ඨාශය වයස අවුරුදු 65ට වැඩි, වැඩිහිටියන් පමණක් නොවන බවයි. දරුණු ලෙස සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාවෙනුත් අති විශාල පිරිසක් එලෙස “දැනටමත් සංකාවෙන් පෙළෙන” හෝ, “නුදුරු අනාගතයේ එවැනි තත්ත්වයකට”  පත්වෙන්නට  ඉඩ ඇති බව ත් අනාවරණය වුණා.

අධ්‍යයනට සහභාගී වූ වෛද්‍යවරුන්  ගේ අදහස,  සාංකාව  , දැඩි ලෙස හුදෙකලාවට පත්වීම  පුද්ගලයින්  අඩු වයසින් මරණයට පත් වන්නට හේතු වන බවයි. වර්ධනය එමින් පවතින සෞඛ්‍ය වසංගත තත්වයක් ලෙස හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සඟරාවේ අර්ථ දැක්වෙන මේ සාංකාව/ හුදෙකලා බව  විසින් පුද්ගලයෙකුට ඇති කරන හානිය, දිනකට සිගරට් 15 ක් භාවිතා කිරීමෙන් සිදු වෙන හානියට සමාන බවත් කියැවෙනවා.

හුදෙකළාව සිටින්නට ඇබ්බැහි වූ පුද්ගලයින් සාමාන්‍යයෙන් තවකෙකුගේ පිහිට පතන්නේ නැහැ. කිසිම ව්‍යායාමයක නොයෙදෙන, හරියට ආහාරයක් නොගන්නා ඔවුන් පසුකාලීනව අධි රුධිර පීඩනය සහ හෘද රෝගවලටත්, චිත්ත වික්ෂේපය (dimentia), විශාදය (depression) වැනි මානසික රෝග වලටත්  භාජනය වෙනවා.

නව අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මේ වන විට  බ්‍රිතාන්‍ය  සංඛ්‍යානන (Statictics) දෙපාර්තමේන්තුව, හුදෙකලාව/සංකාව පිළිබඳ මිනුම් දණ්ඩක්/ පුද්ගලයෙක්  කොතරම් හුදෙකලා වී තිබෙනවාද යන්න ගැන දැන ගන්නට ක්‍රමවේදයක් සකස් කරනවා.

අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය තරම් අරමුදල් සපයා ගන්නත් , රජයේ මට්ටමින් එවැනි උපකාර අවශ්‍ය පුද්ගලයින්ට හැකි උපරිම සහයෝගය දක්වන්නටත් කටයුතු කරන බව, අමාත්‍ය ට්‍රේසි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

නුදුරු අනාගතයේ දී, ලෝකයේ ධනවත් සහ බලවත් යැයි සැලකෙන තවත් බොහෝ රටවල ට මේ පියවර ගන්නට සිදු වෙනු ඇති බව විශේෂඥයින් ගේ අදහසයි.

මූලාශ්‍ර: https://time.com/  , https://news.sky.com/

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!