ඇපල් ෆෝන් පාවිච්චි කරන හැමෝම සිරි ගැන දන්නවනේ. සිරි කියන්නෙ තමන්ගෙ හිමිකරුට තියන ඕනම ප්‍රශ්නයකට උදව් කරන්න සූදානමින් ඉන්න ස්වයංක්‍රීය පුද්ගලික සහායකයෙක්. නමුත් සමහර විට ඇගේ ප්‍රතිචාරයෙන් යහපතට වඩා හානියක් සිදුවෙන්න පුලුවන්.
අද අපි ඔයාට අරගෙන අවෙ සිරිගෙන් අහන්නෙ නැතුව ඉන්න ඕන ප්‍රශ්න 8 ක් ගැන විස්තරයක්.
08. සිරිට ඔයාගෙ පෙම්වතාට කතා කරන්න කියන්න එපා.
විශේෂයෙන් ඔයා කාමරේ ඉන්නෙ තනියම නෙවෙයි නම්, පෙම්වතාට කතා කරන්න කියලා සිරීට කියන්න එපා. ඒකට හේතුව තමයි, ඔයාගෙ සම්බන්ධතා වලට ටැග් එකතු කිරීමෙන් සබඳතා හදන්න සිරිට පුලුවන්. උදාහරණයක් විදියට, ඔයා සිරිට කිව්වොත් තාත්තට කතා කරන්න කියලා ඇය ඒක සතුටින් කරයි.
ඒත් සිරිට, ටැග් හදන්න පුලුවන් වුණාට ඒවා අයින් කරගන්න බෑ. දැන් හිතන්නකො ඇය ලඟ ඔයාගෙ කලින් හිටපු පෙම්වතුන්ගෙ ලැයිස්තුවක් තිබ්බොත්!
07. ඔයාට ශරීරයක් සැඟවිය යුතු යැයි ඇයට කියන්න එපා.
ඔව්, ඇයගේ පිළිතුරු විහිලු සහගත වෙන්න පුලුවන්. ඒවා එහෙම තමයි. ඒත් ඔයාගෙ විහිලු ප්‍රශ්න ගූගල් කරන එක වඩා හොඳයි. ගූගල් එක ඔයා දිහා බලාගෙන ඉන්න අතර, සැක සහිත සෙවීම් සියල්ලම ආරක්ෂක සේවාවන්ගේ අවධානයට යොමු වෙන්න පුලුවන්. එයාල එක පාරටම ඔයාව හොයන් එන්නෙ නෑ. ඒත් ඔයාගෙ උනන්දුව ගැන එයාලා සටහනක් තියාගන්නවා.
ඉතින් මොකටද නිකන් ප්‍රශ්න දාගන්නෙ?
06. ගිලන් රථයක් අමතන්නැයි ඇයගෙන් ඉල්ලන්න එපා.
සමහර විට සිරිට ඕනෑවට වඩා වචනාර්ථයෙන් කතා කරන්න පුලුවන් කියලා ඔයා දන්නවා ඇති. “මට ගිලන් රථයක් අමතන්න” වගේ දෙයක් ඔයා කිව්වොත් ඇය ඒක විහිලුවක් විදියට තේරුම් ගනියි. ඒ නිසා ඒ හදිසි අවස්ථාවකදි ගිලන් රථයකට කතා කරන්න කියලා සිරිට කියන්න එපා.
ඒත් වෙන කරන්නම දෙයක් නැති අවස්ථාවක නම්, වචන කියනකොට පුලුවන්තරම් හරියට කියන්න. ”සිරි, ගිලන් රථයක් අමතන්න.” නැත්නම්, ඇමතිය යුතු හදිසි අංකය සිරිට කියන එක වඩා හොඳයි.
05. නාඳුනන සතුන් හෝ ශාක සොයන්න එපා.
ඔයා වාසනාවන්ත නම් (ඕස්ට්‍රේලියාවේ නොවේ නම්), මේ සතුන් ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නෙ ඔයාගෙන් බොහෝ ඈතයි. ඔයාට ඔවුන් කිසි දිනෙක හමු වෙන්නෙ නෑ.
ශාක හඳුනා ගැනීමට සිරිගෙන් ඉල්ලා සිටීම භයානක වෙන්න පුලුවන්. අන්තර්ජාලය විශ්වාස කරන්න බැරි ප්‍රභවයන්ගෙන් පිරිලා තියනවා. ඒ නිසා අදාළ පොත් කිහිපයක් කලින් කියවන එක වඩා හොඳයි. ඔයා යන ප්‍රදේශයේදි ඔයාට හමුවෙන්න පුලුවන් පැලෑටි ගැන හොයන්න. ආරක්ෂිතව ඉන්න.
04. සමේ සහ නිවසේ පරපෝෂිතයන් පෙන්වන්න කියලා ඇයට කියන්න එපා.
මිනිසෙකුගේ නිවස කියන්නෙ ඔහුගේ මාලිගාවයි. ඔයාට ඒ තුළ ආරක්ෂිත බවක් දැනෙනවා. සුව පහසු ඇඳ හා කොට්ට… වැඩ වැඩි දවසකට පස්සෙ එවාගේ නිදාගන්න එක හරිම අපූරුයි.
අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපිව රැකබලා ගන්නවා. ඒ නිසා අප අවට තියන සියලුම භයානක දේවල් ගැන හිතන්න ඕන නෑ. සනීපාරක්ෂක නීති අනුගමනය කරලා ඔයාගෙ අවට නිතිපතා පිරිසිදුව තියාගන්න. ඒත් මේ තොරතුරු හොයාගන්න කිසිම වෙලාවක සිරිගෙන් උදව් ඉල්ලන්න එපා.
03. ජෝන් ස්නෝ ජීවතුන් අතර ඉන්නවාද කියලා සොයා බැලීමට උත්සාහ කරන්න එපා.
අපේ විශ්වාසවන්ත සිරි, මාටින් මහතා තරම් රහසිගතයි – එතරම් අසාධාරණයි! එහෙමත් නැත්නම් ඇය අපට වඩා අඩුවෙන් අවුල් වෙනවද?
කොහොම වුණත්, සිරිට දෙන්න පුලුවන් ඔක්කොම විහිලු හ නොපැහැදිලි වාක්‍ය ඛණ්ඩ යි. ඇය අපට රූපවාහිනී කතා මාලාවේ මරණය ගැන උපුටා දැක්වීම් සපයනවා. කවුරුහරි ජෝන් ස්නෝගේ බල්ලා ගැන බලා ගනී යැයි බලාපොරොත්තු වෙනවා.
02. ඇයගෙන් වෛද්‍ය ප්‍රශ්න අසන්න එපා.
සිරිට ඔයාගෙ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුලුවන්. ඒත් සෞඛ්‍යය සම්බන්ධයෙන් දේවල් දැනගන්නකොට, වෘත්තිකයෙකු මත විශ්වාසය තියන එක වඩාත් හොඳයි. විවිධ රෝගවලට සමාන රෝග ලක්ෂණ ගොඩක් තියන නිසා ස්වයං ප්‍රතිකාර ආරම්භ කිරීම අකාර්යක්ෂම හා භයානක වෙන්න ඉඩ තියනවා.
01. සැප්තැම්බර් 11 ගැන කිසි විටෙකත් ඇයගෙන් විමසන්න එපා.
කැනේඩියානු පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිරි භාවිතා කරමින් සැප්තැම්බර් 11 ගැන කිසි විටෙකත් තොරතුරු සොයා ගන්න එපා කියලයි. ඒ ඇය රහස් තොරතුරු හෙළි කරන නිසා නෙවෙයි. ඒකට හේතුව තමයි, සිරි මේක 911 අමතන්න කරන ඉල්ලීමක් විදියට තේරුම් අරගෙන තප්පර 5 ක් ඇතුළත ඔයාව ළඟම තියන පොලිසියට සම්බන්ධ කරන නිසයි.
ඇත්තටම මේක ප්‍රසිද්ධ අන්තර්ජාල විහිළුවක් වන 108 ටත් අදාළයි. ඒත් ඇත්තටම මේක විහිලුවක් නෙවෙයි. පොලිසිය නොමඟ යැවීම නිසා ඔයාට දඬුවම් ලබා දෙන්නත් ඉඩ තියනවා.
උපුටා ගැනීම: Ceylon journal