ඉල්ලීම් ලබාදීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න අලුත විවාහයට පත්වුණු ජෝඩුවක් අලුතෙන් වෑන් එකක් අරන් බිරිඳගේ මහගෙදරට ආවලු අලුත් වෑන් එකෙන් කතරගම වන්දනාවෙ යන්න.
මාමාණ්ඩි ඉස්සරහ සීට් එකේලු..පොර සෙනික මල පනින එක ජාතියක පොරක්ලු..ඉතින් රියැදුරු බෑණට වාහන පදවන ආකාරය පිළිබඳව ලෙක්චර් එකක් දීගෙන මාමා යනවලු..අම්මයි දුවයි පිටිපස්සෙ සීට් එකේ කාගෙදෝ රෙද්දක් හෝදනවලු.. වාහනේ යන ස්පීඩ් එකට හරි ඒසී ගතියට හරි මොකක්ද හේතුවකට මාමාට වමනේ යන්න එනවලු..දැන් වාහනේ වේගය අඩු කරල යනවලු..
තාත්තා : ඕක්..ඕක්ක්…
දුව : වීදුරුව පහත් කරල දාන්න තාත්තේ…
අම්මා: එපා එපා වාහනෙන් බැහැල දාන්න
දුව: නෑ තාත්තෙ ඔහොම වීදුරුව පහලට කරල දාන්න..
අම්මා: අලුත් වාහනේ වමනෙ හලන්නද?? බැහැල දාන්න
දුව: මමනෙ කියන්නේ ජනේලෙන් දාන්න.
අම්මා: එහෙම කියල කොහොමද බැහැල දාන්න
දැන් මේක අම්මයි දුවයි මාරුවෙන් මාරුවට කියනවලු..ඉතින් හෙණ කන්දොස්කිරියාවයිලු..
තාත්තා : නවත්තන ලෙස අතින් සන් කරමින් ෂටරය පහතට දමයි..වාහනය නවතයි..වෑන් එකෙන් බැස දොර වසයි…එහෙම කරල මේ යෝදයා වාහනේ ඉස්සරහ ජනේලෙන් වෑන් එක ඇතුලට වමනේ පාර දාලා..😂
එක පාර ඉල්ලීම් දෙකම දුන්නෙ එහෙමයි..😁
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!