ඉන්දියාවේ “දිය යට ජීවත් වෙන මිනිසා”

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගොඩක් දෙනාට නටන්න පුළුවන්
ගොඩක් දෙනාට පීනන්නත්  පුලුවන්, හැබැයි කාටද පුලුවන්ද වතුර යට පිනන ගමන් නටන්න? එදිනෙදා අපි ගොඩබිමදි කර දේවල් වතුර යට දි කරන්න?

ඔහු ඒ හපන්කම කරන්න පුළුවන් කෙනෙක් ඉන්දියාවේ ඉන්නවා. ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජයිදීප් ගෝහිල්. කුඩා කාලයේ ඉඳන් පිහිනන්න වගේම නැටුම් වලටත් ඔහුගේ  තිබුණු ආශාව මල්ඵල ගැන් වෙන්නේ ඔහුගේ පියා “මෙයා පුළුවන් නම් වතුර යටත් නටයි” කියමින්  ඔහුට කරපු විහිළුවක් නිසයි. ඔබට මට ගොඩ බිම ඉඳන් කබිම ඉදන් කරන්න පුලුවන් දේවල්, හරිම සාමාන්‍ය විදිහට වතුර ටැංකියක් ඇතුලේ ඉඳගෙන කරන්න ජයිදීප් ට පුළුවන්.  ෆුට්බෝල් ගහන්න බයිසිකල් පදින්න විතරක් නෙමෙයි සුළු පහේ කෑමක් වුණත් වතුර ඇට ඉඳගෙන කන්න ඔහුට පුළුවන් . කෙනෙක්ට හිතන්න පුළුවන් ඔහුට මාළුවන්ට වගේ ‘කරමලක්’ ඇති කියලා. ඇත්තටම ඔහු කොහොමද මේ වීරකම කරන්නේ ?

ජයිදීප් ඉතා කුඩාම කාලයේ ඉඳලා වතුර යට හුස්ම නොගෙන ඉන්නට පුරුදු පුහුණු වෙලා තියෙනවා . දීර්ඝකාලීනව කරපු පුහුණුවීම්, යෝගා අභ්‍යාස වලින් පස්සේ විනාඩි හතරක් දක්වා කාලයක් කිසිම ගැටළුවකින් තොරව වතුර යටට වෙලා ඉන්න හැකි වන තරම ජයදීප් දක්ෂ වුණා.

මුල් කාලේ  පුහුණුවීම් පිහිනුම් තටාකයක් ඇතුලේ කලත්, තමන්ගේ අරමුණට යන්න නම් දිනපතා පුහුණුවීම් කරන්න අවශ්‍ය බව ඔහු සිතුවා. තමන්ගේ නිවස ඇතුලෙම විනිවිද පෙනෙන විශාල ටැංකියක් හදන්න තීරණය කළේ ඒ අනුවයි .

 

ඇසූ පමණින් පහසු කාර්යයක් වගේ තේරුනත් දිය යට නැටීම ගොඩබිම තරම් පහසු නැහැ. හේතුව, අත් දෙකෙන් වගේම පාද වලිනුත් පැහැදිලි චලනය න් දක්වන අතරේ හොඳ සමබරතාවයකුත් පවත්වා ගන්නට ඕනෑ නිසයි. ඒ නිසා දිය යටට ගිය පමණින් හිතූ හිතූ පියවර නටන්න  අජේ ට අවසරයක් නැහැ. අනිත් කාරණය තමයි වතුර යටට සංගීතය ඇහෙන ප්‍රමාණය ඉතාම අඩු වීම.

ඒ නිසා ජයිදීප් ට සිද්ද වෙනවා තමන්ගෙ නර්තනයට අදාල choregraphy එක පියවරෙන් පියවර ඇඳල සටහන් කරගෙන , සම්පූර්ණ සැලසුමක් සහිතව වතුර යටට යන්න .  ඒ විදිහට ඉතාම පරිස්සමට සැලසුම් කරපු ඉදිරිපත් කිරීම් ඔහුටම ආවේණික වූ මිනිස් ටැංකිය  ඇතුලේ දී රඟදැක්වූ වයින්  පස්සෙ Facebook, Instagram, Youtube හරහා ඔහුගේ රසිකයින් ට නරඹන්න පුළුවන්.  කාර්යයේ තියෙන අවදානම් බව, කුතුහලය වගේම නිර්මාණශීලී බව නිසා ඉතා ඉක්මනින් ඉන්දියාව පුරා රසිකයින් පිරිසක් ජයදීප් වටා එකතු වුණා. ඒත් ඒ වාසනාව වැඩි කාලයක් අජේ සමග රැඳුණේ නැහැ . 

කාලයත් එක්ක රසිකයින්ට මේ අත්දැකීම ඒකාකාරී එකක් වෙන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් පැවසුවේ “ජයදීප් ගෙ හොඳ කාලයේ ඉවරයි” කියලයි. එත් ජයදීප් උත්සාහය අත්හැරියේ නැහැ. ඔහු තේරුම් ගත්තා ඔහුගේ පැවැත්ම රඳා පවතින්නෙ ප්‍රේක්ෂකාගාරය විශාල වෙන තරමට බව.

මීට වඩා විශාල රසිකයින් ප්‍රමාණයක් අතරට යන්න, අන්තර්ජාලය හරහා තමන්ට ගොඩනැගුණු  සීමිත ප්‍රේක්ෂාගාරයෙන් ඔබ්බට තමන්ගේ හැකියාවන් ගෙනියන්න මගක් සොයමින් සිටි ජයදීප් ට, ආයෙමත් සැරයක් වාසනාවේ දොර හැරෙන්නේ India’s Got Talent වේදිකාවේ දක්ෂතා දැක්වීමත් සමගයි. ඔහුගේ දක්ෂතා වලින් විශ්මයට පත්වනු විනිශ්ච මණ්ඩලය කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු මොහොතක,  Golden buzzer එක හරහා ඔහුව එක එල්ලේම අවසන් පූර්ව වටයට යවන්න තීරණය කළා.

සුපිරි බොලිවුඩ් තරු සමඟ හරි හරියට ඉදිරිපත් කිරීම් කරන්න, ඉන්දියාව පුරා සංචාරය කරන්නත් ජයදීප් ට අවස්ථාව  උදා උනා. වැඩිකල් නොගිහින් ඇමරිකාව සහ ඉතාලියේ ත් ඉදිරිපත් කිරීම් කරන්න ජයදීප් ට ආරාධනාවන් ලැබෙනවා.

නැවත ඉන්දියාවට එන ජයදීප් ට ඉන්දියාවේ විශාලතම මින් මැදුර ක සන්දර්ශන මාලාවක් පවත්වන්න අවස්ථාවක් උදා වුණා.
සංදර්ශණයේ තේමාව වුණේ plastic pollution / පොලිතීන් වලින් සාගරය දූෂණය වීම අවම කිරිමයි. තල්මසුන් මඩුවන් වගේ මත්ස්‍ය‍යින් එක්ක ඉදිරිපත් කළ, ඒ අපූරු පණිවිඩයේ රැගත් සංදර්ශනය අවසානයේ ඔහුට “Defender of the sea” යනුවෙන් නමකුත් පටබැඳුණා.

ජයදීප් ගේ බලාපොරොත්තුව අනාගතයේ දවසක “දිය යට ප්‍රේක්ෂකාගාරයක්” ඉදිරියේ තමන්ගේ ඉදිරිපත් කිරීම් කරන්නයි.

“ජයග්‍රහණයන්ට යන්න තමන්ට හරස් වෙන ලොකුම බාධාව තමන්මයි” ජයදීප් කියනවා.

අපමණ බාධක මැද රාමුවෙන් එපිට ට හිතන්න, අලුත් අලුත් දේ දේ උත්සාහ කරන්න තිබුණු උනන්දුව, වැටුණු වෙලාවෙදි වීරයයෙන් නැගී හිටින්න තිබුණු  ධෛර්යය ජයදීප් ව අද  ජයග්‍රහකයෙක් බවට පත් කරලා තියෙන බව නම් පැහැදිලියි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!