ඉන්ඩියානාපොලිස් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇමරිකා එක්සත් ජනපදයෙහි ඉන්ඩියානාපොලිස් නම් නෞකාව 1945 ජූලි මාසයේදී සුවිශේෂී මෙහෙයුම් කිහිපයක නිරත විය. ඉන් පළමු මෙහෙයුම වුනේ පරමාණු බෝම්බයේ තීරණාත්මක කොටස් පැසිෆික් දූපතේ ටීනියන් නාවික කඳවුරකට භාර දීමයි. මෙහෙයුම සාර්ථක විය. පරමාණු බෝම්බයේ කොටස් බාරදුන් නෞකාව නැවත ගමන් කිරීමට පටන් ගැනිනි.
බාරදුන් බෝම්බ කොටස් වලින් සෑදූ පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමා සමතලා කර දමනු ඇත. නමුත් දැන් නෞකාව ජූලි 28 වන දින, පිලිපීනයේ ලයිට් බොක්කෙහි ජපානය ආරක්ෂාවන් මගහරිමින් ගුවාම් සිට යාත්රා කරනු ලැබිනි.
ඊළඟ දවසේ නෞකාව නිහඩව නිමක් නැතිව පෙනෙන පැසිෆික් සාගරයේ ගමන් කරමින් තිබිනි. හිරු බැස යත්ම නැවියන් කාඩ් සෙල්ලම් කිරීමටත් පොත් කියවීමටත් පටන්ගත් අතර සමහරු නැවේ පූජක තෝමස් කොන්වේ පියතුමා සමඟ කතාවක නිරත වූහ.
නමුත් මධ්යම රාත්රියෙන් ටික වේලාවකට පසු ජපන් සබ්මැරීනයක ඉන්දියානාපොලිස් නෞකාවට දරුනු ප්රහාරයක් එල්ල කළ අතර නැවේ අඩි 65 කට ආසන්න ප්රමාණයක් ජලයෙන් ඉවතට විසිවී ගිය අතර ගුවන් ඉන්ධන ගැලුම් 3,500 ක් අඩංගු තෙල් ටැංකියක් පුපුරා අඩි සිය ගණනක් අහසට විසිවී නෞකාව මතටම වැටිනි. සබ්මැරීනය තවත් සමීප වී ඉන්ධන ටැංකි හා නෞකාවේ බද ඉලක්ක කර පහර කිහිපයක් එල්ල කල අතර ඉන්ඩියානාපොලිස් නෞකාව දෙකට වෙන් විය.
මිනිත්තු 12 ක් තුල නැව සම්පූර්ණයෙන්ම ගිලී ගිය අතර නැවේ සිටි 1,196 දෙනාගෙන් 900 ක් පමන පණපිටින් වතුරට වැටිනි. ඉතිහාසයේ දරුණුතම මෝරුන්ගේ ප්රහාරය ලෙස සැලකෙන ඔවුන්ගේ අත්විදීම එසනින් ආරම්භ විය.
ජුලි 30 වන දින හිරු උදාවිය. දිවි ගලවා ගත් අය ජලයේ පාවෙන ලී පරාල වල එල්ලී ජීවිතය සොයමින් සිටියහ. ජීවත්වූවන් ජලයේ පාවෙන මළවුන් සෙවීමට පටන්ගත් නමුත් එකම මල සිරුරක්වත් ජලය මතුපිට තිබුනේ නැත. දිවි ගලවා ගත් ජීවිතාරක්ෂක කබා ඇද ජලයේ පාවෙමින් සිටියදීම කුඩා කන්ඩායම් ලෙස එකතු විය. කණ්ඩායම් 300 කට වඩා තැනින් තැන ජලය මතුපිට පාවෙමින් සිටි අතර වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන් එකිනෙකාව මෝරුන් විසින් ඩැහැගෙන මුහුදු පතුලට කිමිදෙන්න විය.
ඉන්දියානාපොලිස් හී දිවි ගලවා ගත් අයගේ වාර්තාවලින් පෙනී යන්නේ මෝරුන් වතුර මතුපිටටම පැමින වින්දිතයින්ට පහර දීමට පෙළඹී ඇති බවයි.පළමු රාත්රියේ මෝරුන් පාවෙන මළවුන් කෙරෙහි අවධානය යොමු කළහ. නමුත් ප්රහාර සමඟ බොහෝ පුද්ගලයන් තුවාල වී සිටි අතර ලේ සුවඳට මෝරුන් ආකර්ෂණය වි පණපිටින් දඟලමින් සිටියදීම සෙබළුන් මුහුදු පතුලට රැගෙන ගියහ.
යාර සියගණනක් සිට මෝරුන්ට පීඩනය හා චලනය වෙනස්කම් අනුව ගොදුරු සොයා ගැනීමේ හැකියාවක් පවතින බැවින් තුවාල ලැබූවන් සහ ලේ ගැලීම සහිත පුද්ගලයන් තම කණ්ඩායම ඉවත් කිරීමට ඔවුන්ට සිදුවිය.
මෝරෙකුගේ හකු වලින් වරක් හැපී දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් කෑමට හෝ බීමට පවා නොමැතිව බියෙන් අංශභාග තත්ත්වයට පත්විය. දිවි ගලවා ගත් එක් කණ්ඩායමක් පාවෙමින් තිබූ සුරක්ෂිත කළ මස් ආහාරයක් විවෘත කිරීමත් සමගම මෝරුන් රංචුවක් පැමිණ මුළු කණ්ඩායමම මුහුදු පතුලට ඇද ගෙන යනු ලැබිණි. ඒ මස් වල සුවඳ ඔවුන් වටා කැරකෙමින් සිටී මෝරුන්ට කලින්ම දැනුන බැවිනි. එබැවින් ඉතුරු ආහාර ටින් විවෘත කිරීමට අනිත් කණ්ඩායම් මැලිවිය.ඔවුන්ට නිරාහාරව සිටීමට සිදුවිය.
ජපාන සබ්මැරීනය ඉන්දියානාපොලිස් නෞකාව විනාශ කළ බවට යැවූ පණිවිඩය ඇමෙරිකා නාවික හමුදා බුද්ධි අංශ දැන ගත් නමුත් ඔවුන් සිතුවේ එය ජපානයේ උගුලක් ලෙසය. එබැවින් ගලවාගැනීමේ නෞකා පැමිනියේ නැත.
දින හතරක් තුල දී 900 ක් දෙනාගෙන් ඉතිරිව සිටියේ 317 දෙනෙක් පමනි. ඔවුන්ව දුටු ගුවන් යානයක් පනිවුඩ යවා ගුවන් යනා ගෙන්වා සෙබලුන් බේරා ගැනිනි. ඔවුන් එලෙස බේරා ගන්නා අවසාන මොහොතේ දී පවා මොරුන් විසින් ප්රහර එල්ලකර්මින් සිට ඇත. ඉන්ඩියානාපොලිස් එක්සත් ජනපද නාවික ඉතිහාසයේ දරුණුතම සමුද්ර ව්යසනය ලෙස මෙන්ම දරුනුම මෝර ප්රහාරය බව ඉතිහාස සදහන් කරයි.
උපුටා ගැනීම:  රාම්වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!