ඉංග්‍රීසි පන්තිය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ජීවිතේ සිද්ධ වෙන සමහර සිද්ධි තියෙනවා හදවතේ මතක පිටු අතර ගැඹුරටම කා වැදුණු. ඉතිං මේ කතාවත් ඒ වගේ. හරියටම 2015 අවුරුද්දෙ උසස් පෙළ කරලා ප්රතිඵල බලාපොරොත්තුවෙන් මං හිටියෙ. ගෙදර ඉන්න කම්මැලිකමටත් එක්ක ඉතිං අහළ පහළ පුංචි ළමයින්ට පටන් ගත්තා පොඩි ඉංග්රීසි පන්තියක්. දවසක් ඇර දවසක් හැමදාම හවසට මේ පුංචි උන්ට මං කියලා දුන්නා. ඔය අතරෙ අපේ ගේ පේන නොපෙනෙන මානයේ තියෙනවා පුංචි ගෙදරක්. ඒ ගෙදර සදුනි කියලා නංගි කෙනෙක් හිටියා. ඉතිං එයත් ඈත ඉදන්ම මං පන්ති කරන දිහා බලන් ඉන්නවා. දවසක් කඩේට යද්දි සදුනි මට හම්බෙනවා. ඉතිං මං එයාට කිව්වා ඔයා ඉංග්රීසි ඉගෙන ගන්න කැමති නම් නංගි එන්න මං කියලා දෙන්නම් කියලා. ඔන්න පහුවදා හවස සදුනි පුංචි පොතකුත් අරන් පන්තියට ආවා. ඒත් අනිත් ළමයින්ගෙ මූණු වල නම් ඒ හැටි කැමැත්තක් තිබුන් නෑ සදුනි ඉගෙන ගන්න එනවට. මොකද එයාලගෙ තාත්තා කරේ ගමේ කසිප්පු පෙරන එක. ඒ හින්දා ගමේ අය කසිප්පු ටිකක් බොන්න යනවා ඇර එයාලත් එක්ක වැඩිය ඇයි හොඳයියක් නෑ. ටික දවසකින් ඔන්න ගමේ අය කියනවා කසිප්පු පෙරන ළමයින්ටත් මං ඉංග්රීසි උගන්නවා නේද කියලා. අතන මෙතන කසුකුසුව. දවසක් එයාලගෙ අම්මා කිව්වා මට මතකයි.
“අනේ දුව අපේ දුවව එවන් නැතිව ඉන්නම්. ආයෙ පන්ති. ඔයාලටත් ගමේ නැති ප්රශ්න ඇති වෙයි කියලා.
“කමක් නෑ නැන්දෙ නංගිව එවන්න ගමේ අය මොනවා කිව්වත් කියලා.” මං කිව්වා.
මොකද මං කැම්පස් යන්න එනකල් ම දිගටම පන්ති කරා එයාලගෙන් කිසිම මුදලක් අය කරන් නැතිව. ඉතිං අනිත් ළමයි කීපදෙනත් එනවා. හැබැයි සඳුනි එක්ක කතාකරන්නෙ මං ඉද්දි විතරයි. ඒ ටික වෙලාව හරි ඒ ළමයට ඇතිනි කියලා මං හිත හදා ගත්තා. මොකද සඳුනි කියන්නෙ එයාගෙ පවුල් පසුබිම මොකක් වුනත් ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්. මං කියලා දෙන දේවල් අනිත් ළමයින්ට වඩා ඉක්මනින්ම සඳුනි මතක තියා ගත්තා. පන්තියේ ළමයින්ගෙන් දවසක් මං අනාගතේ වෙන්නෙ කවුද කියලා අහද්දි සඳුනි කිව්වෙ නර්ස් නෝනා කෙනෙක් වෙන්න ඕනෙ කියලා. එයාට ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න ආසයිලු. එදත් අනිත් ළමයි සඳුනිට අමුතුවට හිනා වෙනවා මං දැක්කා.
කොහොමින් කොහොම හරි ඔය අතරෙ සඳුනි ශිෂ්යත්ව විභාගය ලියනවා. ප්රතිඵල එනකොට ස්කෝලෙ දෙවෙනියට වැඩිම ලකුණු තිබුනෙ සඳුුනිට. ශිෂ්යත්ව විභාගයෙ ප්රතිඵල බලලා සඳුුනියි අම්මයි අපේ ගෙදර ආවා. හැම අම්මා කෙනෙක්ගෙම වගේ සදුනිගෙ අම්මගෙ මූණෙ සතුටු කදුලු. සදුනිගෙ ඉගෙනීමට මමත් උදව් කරා කියලා ඒ අම්මා මට නොසෑහෙන්න ස්තූති කරා. මොකද ස්කෝලෙ ගුරුවරු ඇර ගමේ කිසි කෙනෙක් සදුනිගෙ ඉගෙනීමට චුට්ටක් වත් උදව් කරලා නැති නිසා. අද සදුනි නගරයේ ප්රධාන පාසැලක අට වසරෙ ඉගෙන ගන්නවා. එයා කවදහරි දවසක ඇත්තටම හොඳ නර්ස් නෝනා කෙනෙක් වෙයි.
මගෙ ජීවිතේ මතක පිටු අතර සඳුනි කියන චරිතය හැමදාමත් මට විශේෂයි. එයාගෙ තාත්තට රස්සාවක් නැතිව ගමේ කසිප්පු පෙරපු එක වැරදියි. හැබැයි ඒකට දරුවො පලි නෑ. වැඩිහිටියො විදිහට අපි එයාලටත් හරි මඟ පෙන්නුවෙ නැත්තන් දරුවොත් කවදාහරි තෝරගන්නෙ සමාජයේ නරක පැත්ත. ඒ නිසා ඔයාලගෙ ගම්වල ඒ වගේ පුංචි දරුවො ඉන්නවා නම් එයාලට භය නැතිව උදව් කරන්න. දළඹුවෙක් තමයි කවදාහරි ලස්සන සමනලයෙක් වෙන්නේ. කවදාවත් දළඹුවන්ව ප්රතික්ෂේප කරන්න එපා. එයාට සමනලයෙක් වෙලා ලෝකය ලස්සන කරන්න ඉඩදෙන්න. 💜️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!