මම කලින් ලියපු තරු ගැනයි ආලෝකවර්ශ ගැනයි දන්න විදිහට පැහැදිලි කරපු ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒකට බොහොම ස්තූති. අද ලියන්න හිතුනේ හැමදාම දකින ඉර ගැන ටිකක් විස්තර. කියවලම බලන්න.
මම වැඩකරන්නේ අවුරුද්දකට උපරිම එක වතාවක් හෝ දෙවතාවක් පොළව තෙමෙන්න වහින වැහි තියන මැදපෙරදිග නිසා සමර් එකට දැනෙන ඉරේ රස්නේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලංකාවේ ඉන්නකොට 35°C ක විතර උෂ්ණත්වයක් දැනෙනකොට අම්මා පට්ට රස්නෙයි කියපු මම මෙහෙ සමහර දවස්වලට 50°C විතර රස්නේ වැඩි වෙන දවස් වලටත් එලියේ වැඩ කරනවා.
අපේ ඉර කහ වාමන තරුවක්, වෙන විදිහකට කිව්වොත් yellow dwarf star එකක්. මම කලින් ලිපියේ කිව්වා වගේ ඉර තියන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 150 ක විතර එහෙම නැත්තන් astronomical unit එකක දුරකින්. පෘථිවිය ඇතුලු අපේ මුලු සෞරග්‍රහ මණ්ඩලයම එයාලගේ කක්ෂ වල රඳා පවතින්නේ ඉරේ තියන ගුරුත්වාකර්ෂණ බලය මත. ඒ වගේම ඉර තමයි වග කියන්න ඔනේ අපේ පෘථිවියේ ඍතු විපර්යාස වලට සාගර දියවැල් වලට කාලගුණයට දේශගුණයට වගේ ගොඩක් දේවල් වලට. ගොඩක් අය මං කිව්ව ඒවා දන්නවා එහෙම නේද? නොදන්න දෙයකුත් කියන්නම් අපේ මුලු සෞරග්‍රහ මණ්ඩලයෙම ස්කන්ධයෙන් 99.8%ක්ම තියන්නේ ඉර ට. ඒ කියන්නේ බුධ, සිකුරු,පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් වගේ ග්‍රහලෝක ඒවගෙ තියන පරිවාර උපග්‍රහයෝ (හඳවල්) සහ අඟහරු බ්‍රහස්පති අතර තියන ග්‍රාහක වලල්ල (asteroid belt) වගේ ඔය ඔක්කොගෙම ස්කන්ධය මුලු සෞරග්‍රහ මණ්ඩලයෙ ස්කන්ධයෙන් 0.2% පමණයි.
අපේ ඉරේ විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.392 විතර. පෘථිවියේ විශ්කම්භය කිලෝමීටර් 12,742 ක් විතරයි. හිතාගන්න පුලුවන්ද නේද සයිස් එක. බැරි නම් හිතන්න මෙහෙම අපේ පෘථිවියවල් 109ක් ඉර ඉස්සරහ පේලියට තිබ්බහම තමා ඉරේ විශ්කම්භය එන්නෙ. ඉරේ ස්කන්ධය අපේ පෘථිවියේ ස්කන්ධය වගේ 332,946 ගුණයක්. ඉරේ මුලු පරිමාවම පුරවන්න ඔනේ නම් අපේ පෘථිවිය සයිස් ඒවා මිලියන 1.3 ක් ඔන කරනවා පුරවගන්න. සරල උදාහරණයකින් අපි උපකල්පනය කලොත් ඉර අපේ ගෙදරක තියන ප්‍රධාන දොරක් තරම් විශාලයි කියල, පෘථිවිය ඒ දොර ඉස්සරහ තියන සතේ කාසියක් විතරයි. ඉර අපිට පේනවට වඩා සෑහෙන ලොකුයි නේද? හැබැයි අපේ ඉර අනිත් තරු එක්ක බැලුවොත් සාමාන්‍ය ප්‍රමාණයේ තාරකාවක් විතරයි. ඉර ඇරුනහම අපිට ලඟින්ම තියන්නේ Alpha centauri කියන තරු ත්‍රිත්වය. Proxima centauri සහ Alpha centauri A සහ B කියන තරු තුන තියන්නේ පිලිවෙලින් අපිට වඩා ආලෝක වර්ශ 4.24 හා 4.37 ඈතින්. අපි ආලෝකවර්ශ වේගයෙන් යන්න රොකට් එකක් හැදුවත් ලඟම තරු වලට යන්න අවුරුදු 4ක් යනවා.
දැන් අපි කතාකරමු ඉර සහ සෞරග්‍රහ මණ්ඩලය හැදුන හැටි ගැන. විද්‍යාඥයෝ කියන හැටියට නම් මීට අවුරුදු බිලියන 4.5 වගේ උඩදි Solar nebula කියන දැවැන්ත දූවිලි සහ ගෑස් පිරුණු වලාකුල එයාගෙ තියන අති දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලය නිසාම වේගයෙන් භ්‍රමණය වෙමින් එහෙම නැත්තන් කරකැවෙමින් එයාගෙම ගුරුත්වාකර්ෂණ බලයට යට වීම නිසා තමයි ඉර ඇතුලු සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙන්නේ. ඒක නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි මටත්. ඒත් යූටියුබ් වීඩියෝ එකක් බැලුවහම තේරුනා.
ඉර කියන්නේ අති දැවැන්ත ගෑස් බෝලයක්. එකෙ හැදිලා තියන්නේ පරමාණු වශයෙන් ගත්තොත් 91% ම හයිඩ්‍රජන් . ඊට අමතරව 8.9% හීලියම් සහ ඉතිරිය කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වගේ දේවල් වලින්. ඉරේ තියන දැවැන්ත ස්කන්ධය නිසාම ඉරේ හරි මැද එහෙම නැත්තම් core එක නිතරම ඉතාමත් අධික පීඩනයකින් සහ ඉතාමත් අධික උෂ්ණත්වයකින් තියන්නේ. උෂ්ණත්වය කොච්චරද කියනවනම් සෙල්සියස් අංශක මිලියන 15 ක විතර උෂ්ණත්වයක් තියනවා. මේ හේතු දෙක නිසාම ඉරේ මැද core එකේ හයිඩ්‍රජන් අණු එකිනෙකට සම්පීඩණය වෙලා එකකට එකක් ඇලිලා හැමතිස්සෙම හීලියම් නිපදවෙනවා. මේකට කියන්නේ තාපන්‍යෂ්ටික විලයනය (Thermonuclear fusion) කියලා. මෙන්න මේ තාපන්‍යෂ්ටික විලයනය නිසා ඉරේ මැද නිතරම නිපදවෙනවා ඉතාමත් අධික තාප ශක්තියක් සහ ඉතාමත් අධික ආලෝක ශක්තියක්. මෙන්න මේ නිසා තමයි අපි පෘථිවියේ ඉඳන් දකින විඳින ඉරේ ආලෝකය සහ තාපය නිපදවෙන්නෙ. මේ තාපන්‍යෂ්ටික විලයනය කොච්චර විශාලද කියලා කියනවනම් ඉර හයිඩ්‍රජන් ම්‍රෙට්‍රික් ටොන් මිලියන 620 සම්පීඩණය කරලා හීලියම් මෙට්‍රික් ටොන් මිලියන 616 නිපදවනවා හැම තත්පරේකම. ඔව් හැම තත්පරේකම. මේ නිශ්පාදනය වෙන ශක්තිය විකිරණ මගින් ඉරේ මැද core එකේ ඉඳන් ඉරේ එක එක ස්තර පහු කරලා ඉරේ මතුපිටට එන්න අවුරුදු මිලියනයක් විතර ගතවෙනවා කියලා තමා කියන්නේ. මෙහෙම උඩට එනකොට ඒ මැද තිබ්බ අතිවිශාල උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගානකින් අඩු වෙනවා. ඉරේ මැද උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් විතර උනත් ඉරේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5500 පමණයි. හැබැයි මේ මතුපිට උෂ්ණත්වයත් දියමන්ති වගෙ දැඩි කාබන් අණු උණුකරවලා නටවන තරම් විශාලයි.
අභ්‍යාවකාශෙ රික්තකයක් තියන්නේ කියලා ඔයාල දන්නවා. රික්තයක් තුලින් ශබ්ද තරංග ගමන් කරන්නේ නෑ. ඔය ෆිල්ම් වල තියන විදිහට අභ්‍යාවකාශේ තියන මොකක් හරි දෙයක් පුපුරන කොට ඇහෙන සද්ද ඇත්තටම අභ්‍යාවකාශෙම ඉන්න කෙනෙක්ට ඇහෙන්නේ නෑ. පේනවා විතරයි. හදිසියේ වත් එහෙම රික්තයක් නැතුව වාතය පිරිලා තිබ්බා නම් ඉරෙ සිද්දවෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සහ ඒ නිසා ඉර මතුපිට හැම තත්පරේකම ඇතිවෙන අධික උෂ්ණත්වයකින් යුත් අති දැවැන්ත සංවහන වායු දාරා මිලියන ගනනින් මතුපිටට පැමිණෙමින් කඩාවැටීම වගේ දේවල් වලින් ඇතිවෙන ශබ්දය, ඉර සහ පෘථිවිය අතර තියන astronomical unit එකක දුර ගෙවාගෙන ඇවිත් පෘථිවියේ ඉන්න අපිට 100db (ඩෙසිබෙල්) වගේ ශබ්දයකින් ඇහෙයි කියලා තමා විද්‍යාඥයෝ ගණනය කරලා තියන්නේ. ඒ ශබ්දය මියුසිකල් ශෝ එකක තියන ලොකු ප්‍රමාණයේ ස්පීකර් වලින් ඇහෙන ශබ්දයට සමානයි කියලා තමා කියන්නේ. එහෙම උනානම් අපිට ලඟ ඉන්න කෙනෙකුට උනත් කතා කරන්න වෙන්නේ හයියෙන් කෑගහලා. හොඳ වෙලාවට නේ රික්තයක් තියන්නෙ?
ඉර එයාගෙ වයසින් බාගයක් විතර ගෙවලා ඉවරයි කියලා කියනවා. තවත් අවුරුදු බිලියන 6.5 කින් විතර ඉරේ හයිඩ්‍රජන් ඔක්කොම දහනය වෙලා ඉවර වෙන්න ලං වෙනකොට ඉර රතු යෝධයෙක් (Red giant) කෙනෙක් වෙන්න ප්‍රසාරණය වෙලා බුධ සිකුරු සහ බොහෝ විට පෘථිවියත් ගිලගෙන අන්තිමට ඇකිලිලා ඇකිලිලා ගිහින් ප්‍රමාණයෙන් පෘථිවිය විතර විශාල සුදු වාමනයෙක් (white dwarf) කෙනෙක් වෙලා ඉවර වෙයි කියලා තමා කියන්නේ. එතකොට ඔයාල අපි නැතිවෙලා සෑහෙන කල්. ඔයාල දන්නවා අපි ඉන්නේ milky way කියන චක්‍රාවාටයේ කියල. මේ චක්‍රාවාටයේ අපේ ඉර වගෙ තරු තව බිලියන හෝ ට්‍රිලියන ගානක් ඇති කියලා තමා විද්‍යාඥයෝ විශ්වාස කරන්නෙ. දැනට හොයාගෙන තියන ලොකුම තරුව තමා Stephenson 2-18 කියලා කියන්නේ. ඒක තියන්නේ පෘථිවියට ආලෝක වර්ශ 19,570 විතර ඈතින්. මේ කියන ඉර කොච්චර විශාලයිද කියලා කියනවනම් විශ්කම්භය කිලෝමීටර් බිලියන 2.99ක්. අපේ ඉර සයිස් ඉරවල් 4300ක් එක පේලියට ඒක ඉස්සරහින් තියන්න පුලුවන්. ඒකේ පරිමාව අපේ ඉර වගේ බිලියන 10 ගුණයක්.
ඉතින් හිතන්න අපි කොච්චර පොඩි අංශු මාත්‍රයක් ද කියලා විශ්වය එක්ක සසඳනකොට. ඒක දැනගෙන නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවො සැරියුත් මහරහතන්වහන්සේට කියන්න ඇත්තේ විශ්වයේ දිග පලල දිවැසින් හරි හොයන එක නිෂ්පල ක්‍රියාවක් කියලා.
උපුටා ගැනීම: Sameera Gamage