ඉර කොහේද හැංගිලා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඔයාලා රෙඩිද මල්ලිලා අපි අාවා” කියාගෙන දොරට තඩිබානවා අැහෙනවා.
“අා…ෆොටෝ ගන්න අැවිල්ලා අරුන් දෙන්නා”
කියාගෙන හබිත් ගිහින් රූම් එකේ දොර අැරියා.වෙන කවුරුත් නෙවෙයි එ් අපේ හෝම්කමින් එක දවසෙ ෆොටෝ ගන්න අාපු හබිතුමාගෙ යාළුවො දෙන්නා.
අද මොන නැටුමක් නටන්න වෙයිද දන්නෑ කියලා මම එ්ත් හිතුවා.වෙඩින් එක දවස පෝරුවෙ චාරිත්රවලට කලින් ෆොටෝ ගන්න ඕනා කියලා ෆොටෝ මෑන්ලම තීරණය කරල තිබුනෙ . එ් හන්දා අපි දෙන්නා ෆොටෝ ගන්න එළියට ගියා.එදා මේ දෙන්නගෙ ෆොටෝ ගැහිල්ලෙ තරම කිව්වොත් මගෙ මස්සිනාගෙ අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න මස්සිනාගෙ අතපය හතර හයි හත්තියට හදල තිබුණ හන්ද වාහනේ ලෑල්ලට පාගල අැවිත් නැකතට විනාඩි පහක් තියෙද්දි ගෙදරට ගෙනල්ල බැස්සුවා.හබීතුමාවත් කාර් එකේ අයිය එක්කන් අැවිත් තිබුනා.පෝරුවෙදි ජය මංගල ගාථා කියන්නත් කලින් වෙඩිමට අැවිත් හිටපු හතරවරිගෙන්ම ජය මංගල ගාථත් අහගෙනම තමයි පෝරුවට නැග්ගෙ.
ඔන්න දැන් හෝම්කමින් එක දවසෙ දවල් 1.00ට විතර අපි රූම් එකෙන් එලියට අැවිත් ෆොටෝ ගන්නවා.බීච් එකේ ගත්තා.අරගෙන එ් අයිය කෙනෙක් හබීතුමාට කිව්වා
“මචං ඉර බැහැගෙන යන වෙලාවට නම් අනිවාර්යෙන්ම එකක් ගන්න ඕනා.එ්ක මාර ලස්සනට එනවා”කියලා
.ඉර බහින්න තව වෙලාව තියන හන්දා අායෙ හොටෙල් එකට අැවිත් ගාර්ඩ්න් එකේ ෆොටෝ ගත්තා.බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපේ හබියත් මාව උස්සගෙන එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා .පව් අසරණයා දුකේ බෑ දාඩියත් පෙරාගෙන ෆොටෝ මෑන්ලා කියන කියන එක කරනවා.මමත් ඊට දෙවෙනි නෑ.කොන්ද නමනවා දිග අරිනවා හැරෙනවා උඩ පනිනවා .ෆොටෝ ගහන දෙන්නා උදේ අාවනම් එ් නැමුනු දිග අැරුනු විදියට හෝම්කම්න් එකට යන්න වෙන්නෙ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් තමයි ඉතින්.
අපි වෙඩින් එක ප්ලෑන් කරනකොට තීරනය කරලා තිබුනෙ උත්සවය තියන හොටෙල් එකට හැන්දෑවෙ 7.00 විතර වෙනකොට යන්න.ගෙදර කට්ටියත් කෝල් දුන්නා හැන්දෑවෙ 6.00ට විතර ඔය නෑයො වේයො එකී මෙකී නොකී සියළු දෙනාම පටවගෙන දැන් එන්න පිටත් වුනා කියලා .එ් වුනාට අපේ ෆොටෝ අයියට ඉර බහින එකම ගන්න ඕනා කියලා වැලපෙනවා.ඔන්න දැන් ස්විමින් පූල් එක ලග ෆොටෝ ගත්තා.මම නම් හිතුවෙම එතන ෆොටෝ ගහපු ගැහිල්ලට පෙම් රැල්ල නැගී ගල්තල්ලෙ වදී කියලා.පූල් එකට නොවැටී බේරුනේ අනූ නමයයි දශම නමයෙන්.එකපාරටම වටපිට බලපු අපේ ෆොටෝ අයියා කළබල වුනා.
“මල්ලිලා යං යං යං ඉක්මනට ඉර බැහැගෙන යන්නෙ”
කියලා මිනිහා එකපාරටම දුවන්න ගත්තා ගම හරහා දුවනවා වගේ.මමත් අර සරුව පිත්තල ඔක්කොම එල්ලගෙන හබීතුමා එක්ක දිව්වා පව්නෙ ෆොටෝ අයියගෙ අාසාවනෙ කියලා.ඉර හෙමිහිට බැහැගෙන යන්න පටන් අරන්.ඔන්න දැන් ෆොටෝ අයියා අපි දෙන්නව තියලා අපි දෙන්නව හදනවා.”මේ පැත්ත හැරෙන්න …..අා…..චුට්ටක් අැබරෙන්න …..හරි හරි චූට්ටක් ඔළුව නමන්න……අාන්න හරි ……..අාන්න හරි ……..කෝ…කෝ….අත් දෙකන් අල්ලගන්නකො……..ඔන්න දැන් නංගි මල්ලි දිහා අංශක 45ට බලලා චූටි හිනාවක් දාන්න ලස්සනට……..ඔන්න එහෙනමි හරි……”
“හුටා.මල්ලි හරි වැඩේනෙ.ඉර නෑනෙ “කියලා එ් අයියා කිව්වා.
අපි දෙන්නත් හැරිලා බැළුවා මොකක්ද යකෝ එ් හරුපෙ කියලා.අැත්ත නේන්නම් ඉර නෑ.අයියකාරයා අපි දෙන්නව කරකවලා හදලා ගන්නකොට ඉර මාමා හොලා වගේ අපිටත් නොකියම ගෙදර ගිහිල්ලා.ඔය පහලින් තියෙන්නෙ එ් ගත්ත ෆොටෝ තමයි.(හැබැයි ඉතින් අැල්බම් එක ලස්සනට කරල දීලා තිබුනා එ් ටික එහෙම වුනාට )
උපුටා ගැනීම: Thilani Anuruddika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!