* අපි කවුරුහරි කතා කරන තැනකට වෙලා ඒව අහන් උන්නොත්,
“කටවල් දිහා බලන් ඉන්නැතුව යනව යන්ඩ මෙතනින්”
කියල බැනල එලෙව්වා..
* කාගෙහරි කතාවකට උත්තර දෙන්න ගියොත්,
“මහ උන්ගෙ කතාවලට කට නොදා පලයන්”
කියල ඒත් එලෝගත්තා..
* බැන්නොත්, කටගහගෙන ගියොත් කෝට්ටක් කැඩෙනකන් ගැහුවා.
* ඕන්නැති කතාවක් හරි කුනුහරපයක් හරි කිව්වොත් කටේ කොච්චි ගෑවා.
* කාගෙහරි දෙයක් හොරෙන් අහන් ඉඳල ඇවිල්ල කිව්වොත් ඒම “කේලං කියන්ඩ පුරුදු වෙන්ඩද හදන්නෙ”
කියල ඒත් ගුටි කෑවා…

* වැඩිහිටියෙක්ට විහිලුවට හරි අත ඉස්සුවොත්, ඉවරයි ඉතිං එදාට…
බිම පෙරළිලා යටිගිරියෙන් කෑගහල ගමටම ඇහෙන්ඩ ඇඬුවත් අදාල වැරැද්දට දඩුවම, ඉස්සර අම්මලා ගානට වෙලාවට සැරට දුන්නා..
ඒත් අද අම්මලා…..
අර උඩ කියල තියෙන මොනදේ පොඩි එකා කලත්,
“පොඩි එකාගෙ හුරතලේ බලන්නකො අනේ.. ශෝක් අප්පා…”
කියල ළඟ ඉන්න අයටත් ඒව පෙන්නනවා…
ගහනව වෙනුවට අරූව පිපිරෙනකන් මිරිකලා ඉඹිනවා..



හුරතලේ වෙනයි වැරැද්ද වෙනයි..
එදා අපේ අම්මල ගහල බැනල හදාගත්තු අපි අද මේ තරමටවත් සමාජෙ ඉන්නවනම්,
අද පොඩිඋන් කවදහරි ලොකු වෙච්චි කාලෙක,
ඇත්තටම සමාජෙ කොහොම තත්වෙක තියෙයිද….??
උපුටා ගැනීම: Kasun Dilshan