ජලය පවතින්නේ සඳේ ධ්‍රැවවල පමණක් නොවේ. (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පසුගියදා NASA ආයතනය සද පිළිබඳව විස්මයජනක පුවතක් ප්රකාශ කරන බවට ප්රකාශ කළ තිබූ අතර මේ පිළිබඳව ලෝකවාසීන් සෑම දෙනාම පාහේ දැඩි අවධානයකින් සහ කුතුහලයකින් සිටින ලදී. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 26 වනදා නාසා ආයතනය නිලවශයෙන් ප්රකාශ කරන ලද්දේ සඳ මත සූර්යාලෝකය වැටෙන ස්ථානවල පවා ජලය තිබෙන බවට සාක්ෂි හමු වූ බවයි. NASA හි Stratospheric Observatory for infrared Astronomy (SOFIA) ව්යාපෘතිය යටතේ මෙම නව සොයාගැනීම සිදුකල අතර මීට පෙර ජලය පවතිනවා යැයි සොයා ගෙන තිබුණේ චන්ද්රයාගේ ධ්රැවාසන්න සීතල ප්රදේශවල පමණි.
SOFIA විසින් පෘථිවියට පෙනෙන විශාලම ආවාටය වන Clavius මත ජලය පවතින බව සාධක සොයා ගන්නා ලදී. මීට පෙර සිදු කළ පරීක්ෂණ වලින් සඳ මතුපිට හයිඩ්රිජන් වල ආකාර පවතින බව හඳුනා ගත්තද හයිඩ්රොක්සයිඩ අයන හඳුනා ගැනීමට නොහැකි විය. නමුත් මෙම ආවාටය මත කොටස් මිලියන 100 සිට 412 දක්වා එකකට ජල කොටස් එකක් පවතින බව නිරීක්ෂණය කරන ලදී. මෙම ජල ප්රමාණය අවුන්ස 12 ජල බෝතලයකට සමානය. සංසන්දනාත්මකව බැලූ විට සහරා කාන්තාරයේ පවතින ජල ප්රමාණයෙන් සියයෙන් එකක ප්රමාණයක් සඳෙහි පස් මත ජලය පවතී. 1969 දී සිදුකළ ඇප්ලෝ චන්ද්ර මෙහෙයුමේ දී එහි ගිය අභ්යවකාශ ගගනගාමීන් ප්රකාශ කළේ සඳ මතුපිට වියළි තත්ත්වයක් පවතින බවයි. නමුත් වසර විස්සකට පසුව නාසා ආයතනයේ Lunar Crater observation and sensing චන්ද්රිකාව මගින් ලබාගත් දත්ත වලින් චන්ද්රයාගේ ධ්රැවවල අයිස් ලෙස ජලය පවතින බව හඳුනා ගන්නා ලදී. ඉන් පසුව සිදුකල යම් යම් පරීක්ෂණවලින් සඳ මතුපිට හයිඩ්රිජනීකරණය වූ අණු පවතින බව හඳුනා ගන්නා ලද අතර ඒවා හයිඩ්රොක්සයිඩ අයන ද නැතිනම් ජල අනු ද යන්න හඳුනා ගැනීමට නොහැකි විය.
SOFIA ව්යාපෘතිය මඟින් සඳ දෙස වෙනත් ආකාරයකින් බැලීමට හැකි වූ අතර මේ සඳහා යොදා ගන්නා ලද්දේ boeing 747SP ජෙට්ලයිනර් යානයක සවි කරන ලද 106inch ප්රමාණයේ දුරේක්ෂකය කි. මෙම ගුවන් යානය පොළොවේ සිට අඩි හතළිස් පන්දාහක් පමණ වූ ඉහල අහසේ ගමන් කරමින් දත්ත රැස් කරන ලදී.2024 දී සිදු කරන චන්ද්රයා මතට ප්රථම කාන්තාව සහ මිනිසෙකු යැවීමේ Artemis වියාපෘතිය සඳහා මෙම සොයා ගැනීම විශාල රුකුලක් වනු ඇත.
උපුටා ගැනීම: කේලියම්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!