ජනාධිපති අයියා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ පානි අයියා ජනාධිපතිවරණයට තරඟ කල විට, එහි චන්ද ප්රතිපල නිකුත් කරන වෙලාවේ මැකො සියලුම අපේක්ෂකයන් ඔහුගේ කාර්යාලයට කැඳවා තිබුනා වගේම, එම අවස්තාව ජාතික නාලිකාවන් ඔස්සෙ සජීවීව විකාශනය වුනා.
මැතිවරණයෙන් දින කිහිපයකට පසු, අයියා පදිංචි පන්නිපිටියෙ පලාතේ කඩහිමියෙක් කෝලිකුට්ටු ඇවරියකුත් ගෙන අයියා හමුවෙන්නට ආ විට, අයියා හිතා ඇත්තේ චන්දයෙන් පැරදුනත් තමා අමතක නොකල ඔහු කෙතරම් අවංක චන්දදායෙක්ද කියලලු.
‘මුදලාලි, කොහොමද ඉතින්’
‘හොඳයි මහත්තයා. එදා චන්දෙ දවසෙ රෑ අපි සර්ව දැක්ක නේ ටිවි එකේ’
‘ඔව්. ඔව්. කීප දෙනෙක් කිව්වා’
‘මහත්තයා බොහොම ගාම්භීරව පෙනුනා’
අයියා හිනා වෙලා
‘ඉතින් මුදලාලි, මොකෝ මේ පැත්තේ?’
‘එදා මහත්තයාව ටීවී එකෙන් දැක්කට පස්සේ අපේ හාමිනේගෙන් කරදරේ බෑ.’
‘ඒ මොකෝ?’
‘නෑ, මේ මහත්තයට කියල පුතාව රෝයල් කොලීජියට දාව ගන්න’
‘ඇයි මම?’
‘මහත්තයා අපි දැක්කනේ. එදා ජනාධිපතිතුමාගේ දුකුනු පැත්තේ ලඟින්ම හිටියේ මහත්තයනේ. ඉතින් මහත්තයා ජනාධිපතිතුමාගේ ලඟම මිත්රයෙක් වෙන්ම ඕන නේ එහෙම ඉන්න’
‘මුදලාලි මම එයාගේ මිත්රයෙක් නෙවෙයි. එයා ධනපති පංතිය රකින දේශපාලඥයෙක්. මගේ ඒ වගේම කම්කරු පන්තියේ හතුරෙක් මිත්රයෙක් නෙවෙයි’
‘අනේ මහත්තයා, උදව්ව කරන්න වෙනවට බොරු කියන්න එපා. මගේ එකම කොල්ලනේ සර්. මේක කොහොම හරි කරල දෙන්න’
‘පිස්සුද මුදලාලි, මම එයාට විරුද්ධව තරඟ කලා. මමත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයේ. ඒකයි මාත් එතන හිටියේ. බලන්න මම එයා දිහා බලනවදවත් කියලා’
‘අප්පට සිරි අපි දන්නෙත් නෑ නේ. සරුත් ඉල්ලුවද? මෙච්චර කඩෙන් බඩු අරගෙනත් අපිට කිව්වෙ නෑ නේ’
‘අපි එහෙම කියන්නෙ නෑ, අපේ ප්රතිපත්ති ගැන අවබෝධය තියෙන අය අපට චන්දෙ දෙනව. නැතුව චන්දෙ ගන්නෙ නෑ යාලුකමට, නෑදැ කමට’
කියල අයියා හිනා වුනාට පස්සේ,
‘සොරි මහත්තයා එහෙනම්’ කියලා මුදලාලි කෙසෙල් ඇවරියත් අරගෙන නැගිටල ගියාලු.
මේකත් ඇත්ත කතාවක් හොඳේ.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!