කොරෝනා වැලඳීම හේතුවෙන් ඊයේ මියගිය බ්රිතාන්යයේ ජාතික වීරවරයෙකු වූ ශ්රීමත් කපිතාන් ටොම් මූවර්ට උපහාර පිදීම සඳහා අද මුළු එංගලන්තයම එක්වී සිටියා.
අද සවස සංවිධානය කර තිබූ ජාතික අත්පොළසන් (National Clap) වැඩසටහන සඳහා බ්රිතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් ඇතුළු විශාල ජනතාවක් එක්වී සිටි අයුරු බ්රිතාන්ය මාධ්ය වාර්තා කර තිබුනා. අද පස්වරුවේ බ්රිතාන්ය ජනතාව තමන් ජීවත් වන නිවසේ හෝ සේවා සථානයේ ඉදිරිපිට සිට අත්පොළසන් ලබා දෙමින් ශ්රීමත් කපිතාන් ටොම් මූවර්ට සහ කොරෝනා වෛරසයෙන් මිය ගිය සියළුම සෞඛ්ය සේවකයන්ට උපහාර පුද කලා. ඒ සඳහා විශේෂයෙනම ජාතික සෞඛ්ය සේවාවේ සේවකයන්, හමුදා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියා.
ඊට අමතරව අද දිනය පුරාම ලංඩන් නගරයේ සුප්රසිද්ධ ස්ථානයන් හී කපිතාන් ටොම් මූවර් ගේ රුව සහ නාමය ප්රධර්ශණය කරමින් මියගිය කපිතාන්වරයාට උපහාර පුද කලා. ලංඩන් නුවර සංකේතයක් බඳු ලංඩන් අයි (London Eye) මෙන්ම ලංඩන් පිකඩලි චතුරශ්රය මෙන්ම සුප්රසිද්ධ වෙම්බ්ලි පාපන්දු ක්රීඩාංගනයද ඔහු වෙනුවන් ආලෝකමත් උනා. ඊට අමතරව බ්ලැක්පූල් හී කුළුණක්ද ඔහුට උපහාර දැක්වීම වෙනුවෙන් ආලෝකමත් කර තිබුනා.
මීට අමතරව අග්රාමාත්ය කාර්යාලයේ සහ තවත් ස්ථාන කිහිපයක බිතාන්ය ජාතික ධජය අඩකුඹු කරමින් මියගිය ජාතික වීරවරයාට ඉහළම ගෞවුරව සම්මාන පුදකලා.
පසුගිය වසරේ බ්රිතාන්යයේ දෙවන එලිසබෙත් මහරැජිණ විසින් නයිට් නාමයෙන් පිදුම් ලැබූ ශ්රීමත් ටොම් මූවර්ගේ අභාවය වෙනුවෙන් රැජිණ විසින් පෞද්ගලික ශෝක පණිවිඩයක් යවමින් එම පවුලට රැජිණගේ සහ රාජකීය පවුලේ ශෝකය පිරිනමනු ලැබුවා.
මීට අමතරව වීශාල පිරිසක් විවිධ ශෝක පණිවිඩ සහ ට්විටර් පණිවිඩ තබමින් බ්රිතාන්යයේ ජාතික වීරවරයාගේ මරණය මහත් ශෝකය දනවන කාරණයක් බව ප්රකාශ කලා. ඒ අතර එංගලන්තයේ හිටපු පාපන්දු තරුවක් වූ ඩේවිඩ් බෙකම්, ෆෝමියුලා 1 ශූර ලුවිස් හැමිල්ටන්, හිටපු එංගලන්ත ක්රිකට් නායක මයිකල් වෝගන් ඇතුළු විවිධ ක්ශේත්රයන්හී ප්රවීනයන් රැසක් ඇතුලත් උනා.
උපුටා ගැනීම: Thilan Jayasekara