මා අද මෙතනට පැමිනියේ මගුල් කතාවක් කියන්නයි. මන් සුටිම කාලෙ මල්කුමාරියන්ට හිටියා මිසක් සම්තින්ග් එකක් හොයාගන්න විදියක් තිබ්බෙ නැ. ඒ කීවෙ මාව අර ජයමංගල ගාතා කියන්න කවුරුත් ගත්තෙ නෑ. මන් සෑහෙන අප්සට් එකෙ හිටියෙ ඕකට.
කොහොමත් තනියම සුතියක් අල්ලන්න දුන්නෙම නෑ. අදටත් ලග ඉන්න එකෙක්වත් ඉඩ දෙන්නෙත් නැ. මගේ ගායන හැකියාව අවදි කිරීමට ඉඩක් ලැබුනේ වත්තේ අන්නාසි මොටැයියන් ගිලින්න එන රිලව් පන්නනකොට විතරමයි. ඒ උනාට මන්නෙ දන්නෙ මගේ හැකියාව. මට හොදටම තේරිලා තියනවා මට ලස්සනට කියන්න පුළුවන් කියලා. කාටත් බම්බු ගහගන්න කියලා මට ඕන වෙලාවක මට ඇහෙන විදියකට ඇල්ලෙන තාලෙකට මන් කියනවා.
* තාන් තීන් තිලක නදී…
වතුරෙ කලෙ උකුලෙ තියන්..
නටන්න ඇයි නුඹ නාවේ..
මා රිදවන්නද සිතුවේ…
*ඔපෙරා ගී මන කැලබේදෝ…
* වන්දනාවේ යමු තේ බීලා තිසරණ සරනේ..
*මිනි මිනි පොද වැටේවි.. මල මිනි නැගිට ඒවී.. ඔබ එනවා නම්..
* මේ දිවි ගමනෙ.. කතරගමදි අතරමං වෙලා.. ( පන්දම)
ඔය වගේ තව සෙට් එකක්ම තියනවා. ඒවා වැඩක් නෑ දැන් කතාවට එමුකො.
ඉතින් දැන් අම්මට කරදර කරලා කරලා පවුලේ ඥාති නැන්දා කෙනෙක්ගෙ වෙඩිමකදි ජයමංගල ගාතා කියන්න බුක් කරගෙන වේකන්සි ෆිල් කරගත්තා. ඉස්කෝලෙ මියුසික් ටීච කෙනෙක් තමයි පුරුදු කරේ. මන් දෙක වසරෙ වගේ. බුදාම්මෝ ග්රීක් භාෂාවෙන් සංස්කෘත තාල අල්ලනවා වගේ හැගීමක් තමයි තිබුනේ. හැමදාම 12.30 ඉස්කෝලෙ ඉවර උනාම අම්මා එක්කන් යනවා මාව මියුසික් රූම් එකට ප්රැක්ටිස්. ඒ දවස්වල හෙන ගැම්මෙන් පැක්ටිස් කරේ.ඉස්සරලම කොලේක පොල් ගෙඩි අකුරින් ලොකුවට ලියා ගත්තා කවි ටික පේලියට. පලවෙනි දවස් දෙකෙම කරේ ඒක විතරයි. ආයෙ ඉතින් දෙක වසරෙ ළමයෙක්ට බාහුං සහස්ස ලියවලා බලපල්ලකො මන් කියනවට! … පිටු 40 පොතක්ම ගියා කෝම හරි කවි ටික ලියාගන්න.
ඊලග දවස් දෙක තුනේ මට දැන් පැත්තකට වෙලා ඕක කියවන්න කියලා දුන්නා.. ඊටවඩා සැපයි යකෝ තුන් සූත්රේ කටපාඩම් කරානම්..අමර නයනාට සල්ගස යටට එන්න කියපු ආතල් සීන් එකක් කියව කියව හිටි මට ස්පාඤ්ඤ මොලේකට තෙලිගු පටවනවා වගේ වැඩක් තමයි කරන්න වෙලා තිබුනෙ.
බාරාන් හොරාගේ තපස් දිවියේ සියඹලා පොඩිකරගෙන කනවා දඹදිව් තලෙන් රුමේනියාවට ප්රංශෙ දක්කනවා අඩබෙර තාලෙට වවුලො ගී පද වනසනවා තන්ඩලේ යනගමන් නංගි පන්සල් යනවා …..
තේරුනෙ නෑ නේද මුකුත්??? ඔන්න ඔය වගෙ තමයි මාත් කොයිල් වෙලා හිටියේ.පිටුව දෙක කියවන් යනකොට දෙදහස් පන්සිය ප්රෞඩ ඉතිහාසය නංවාලමින් භවයෙන් භවයට පැමිනෙන ආදරණීය බුදිමත දැන් මෝදු වෙනවා ඒත් ඉතින් ටකරමකට වරකා ගෙඩි පත බෑ වෙනවා වගේ ටොයිං…ගා ලා හිටි ගමන් වදින සිම්බල් එකක, තාලම්පටක සද්දෙ හින්දා ආයෙත් තවුතිසාවෙන් මියුසික් රූම් එකට ඇවිත් අර කවිටික කියවනවා.
අපෙ අම්මටත් දැන් ඊටවඩා දෙයක් නෑ, ගෙදර ගිහිල්ලත් කවි කියවන්න කියලා මාව ගෙදර තියාගන්නවා. ( ඉස්සර මන් ගෙදර ඉන්නෙ නැ හවසට වටේ පිටේ ඉන්න ළමයි එක්ක සෙල්ලම් කරනවා. මන් ඉන්න තැනකට අම්මලා එන්න ඕනා මාව එක්කන් යන්න. ) කොහොමහරි ඉතින් මේ අනුන්ගෙ මගුලක් හින්දා මගේ නිදහස එහෙම්පිටින්ම හැදිගෑවිලා ගියා. අන්තිම අන්තිම වෙනකොට හරක් පට්ටි ලගටත් ගිහින් බාවුන් සහස්ස කියලා උන්වත් බන්දලා දීපු අපි තමයි මෙ තාම තනිකඩව ඉන්නෙ. අසාධාරණයි!
වෙඩිමට සතියක් වගේ තියලා දැන් නන්ස්ටොප් පැක්ටිස්. මේන් බැලින්නම් තව අක්කලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ආවා හරියටම මතක නෑ. මට දැන් හෙනම අවුල්. හරක් පට්ටි ගාව වන්මෑන් ෂෝ පෙන්නපූ මගෙ කීර්ති නාමයට කැලලක් මේක. දැන් ෂෝ එක තුනට හතරට බෙදිලා. මන් ලේසියකින් වැඩක් අතාරින කෙනෙක් ද? නෑ නෙ නෑනෙ.. කිව්වා අර පාඩම් කරපුවා ආකාසෙ දෙදරන්නම… ඒ පාර මිස් කීයපි ඒවා මේ හයියෙන් කැ ගහලා කියන්නෙ නෑලු තාලයක් තියනවලු… ඕන දීගවාපියක් කියලා අර අක්කලා අදින ස්වරයික්ම දැන් මාත් ඇදන් ඉන්නවා. බොම්බෙ ලුකින් කල්කටා සීන් එකක් වෙනවා මට දැන්.. තාලෙ ගත්තොත් වචනෙ එන්නෙ නැ.. වචනෙ ගත්තොත් තාලෙ කොහෙද නෑ. හැමදාම දැන් හවස් වරුවෙම ඉතිං…..
(බාහුං සහස්ස මභිනිම් තාලෙට )
පාඩම් කෙරිච්ච තරමක්….
ඉදකිං..පජාතං….
බුදිමතං දැන් යන්තං…..
ආයෙත් වෙඩිං නොපතං…..
කටේ පොට ගිහිං දැං….
කරගත්තු හදියක්….
කෙලවෙයන් තව කෙලවෙයන්…..
ආයෙත් වෙඩිං නොපතං…..
අපි පණ හලාගෙන කෙල පෙරාගෙන කීවට මිස්ට තියෙන්නේ සර්පිනාවෙ බොත්තමක් ඔබන් ඉන්න විතරයි. ඔයාලා විශ්වාස කරන්න අර කවි සෙට් එකම කියනකන් ඒ මිස් කරේ ඒක ඔබාගෙන හිටපු එකම විතරයි.
කොහොමහරි ඔන්න ඉතින් ඒ දවස උදා උනා. මට ළමාසාරියක් අන්දලා ඔලුවෙ රිබන් එකක් ගැටගහලා.. කනේ මලක් ගහලා ප්රීති සින්ටාගෙ පුංචිගෙ දුව පරාදය මට. දැන් අර යුවතිපති ජෝඩුව පෝරු මස්තාරූඪ වෙලා සිනා බෝ වේවා කියාගෙන ඉන්නවා.. පැත්තකින් මිස් ඉදගෙන සර්පිනාව ගිලිනවා.. මන් චුට්ට චුට්ට හොරාට අම්මා දිහත් බලනවා.. හරි ප්රස්නයක් නෑ අම්මා සීරුවෙන්.. අහිමානෙන්..මාත් දැන් මගේ පිච් එක අවදිකරන්න පටන් ගත්තා..අක්කලා ටිකත් ලෑස්තියි වැඩේට..
බා….හුම් සහස්ස මභිනිම්……..
බ්ලා බ්ලා බ්ලා…
ආආආආආආව්ව්ව්ව්ව්ව්…… යකෝඕඕඕඕඕඕ……. ඌඌඌඌඌඌඋයී…….ටිකකින් කරන්ට් එකක් වදිනවා වගෙ මට. ලග ඉන්න එකී කොනිත්තනවා සීරුවට… මට තවත් කියාගන්න බෑ වචනයක්වත්….මන් දැන් වක්කඩ අරින්න ඔන්න මෙන්න….ඒත් නවතින පාටක් නෑ මේකි කොටිදෙන වාගෙ මාව පහුරුගානවා…
මෙවුන්ගෙ ආච්චිලා බුදුවෙන්න…
තියලා ඇල්ලුවා මාත් හූවක් බෙල්ක් වොයිස් එකෙන්ම වස් දොස් සේරම පස්සෙ දොරෙන් පල කියලා…. දත්මිටි කාගෙන මාත් ඕසෙට අඩනවා දැන්..මොන මගුල කරත් හරි යන්නෙ නෑ සෙද්ද හිවලෙක්ට චිකන් සෙට් වෙලා වගේ අරකි මාව හූරනවා..
මොන මංගල ගාතාද.. මට දෙසිය තුන්සිය ගානට ඇඩෙනවා..හිතන් ඉන්නෙ මාත් අඩ අඩා ඉන්න ඇති කියලද??….නෑ පිස්සුද…ඇදලා ඇරියා මාත් දෑත බැදලා අරකිගෙ මූනට.. මූනට ඒම් එක ගත්තට ශොට් එක වැදුනෙ බෙල්ලට…අරකි දැන් කල්මබනය වෙලා බලන් ඉන්නවා..මුලදි අමරදේව මාස්ටර් මෝඩ් එක ඔන් වෙලා තිබුනට දැන් සීට් එකේ ඉන්නෙ ඉරාජ්…. මංගල ගාතා මැද්දෙ සර්පිනා පාරට මාත් ඇල්ලුවා රැප් එක ලෙසටම….
ගුබුරු ටපර ගුබුරු ටපර ගුබුර ගුබර ගුබර ජමාලේ…
රෙද්දක් ඇදගෙන මැද්දට එනකොට
එකියක් ඉදගෙන වදදෙනවා..
පැතතට හැරිලා සුතිය ගන්නකොට…
ලයින් කැපීගෙන හතරැස් වෙනවා…
තකදොං ලයින් කැපීගෙන හතරැස් වෙනවා…
අඩිය අඩිය අඩියක් තිබ්බත් එතනත් හිට්ගෙන වල බහිනා…
හිතලා හිතලා තාලෙට ගත්තත් පදටික ගානට මික්ස් වෙනවා..
හීරිලා හීරිලා බාගෙට ඉදිමිලා මංගලා අවමංගල වෙනවා….
මවලා මවලා පිච් එක ඇද්දත් හූරලා යනකොට කෙලවෙනවා…
ඈ බොල ගොන් වැද්දියෙ තී මට අහුවෙන්න එපා…
දැනගන් මේ වැජබිලා ඉන්නෙ – දීග යන්න බැරි අපෙ නැන්දා….
කාට කියන්නද කවුරු දකින්නද – මේ වැද්දී මා හූරනවා…
දරාගන්න බැරි උන තැන ඉදගෙන – මං තරගෙට පස් ලෙවකනවා…
සෝ එකට සෙනග පිරෙනවා මදි කියලා දැනුනු මන් වහාම ක්රියාත්මක වන පරිදි පොලෝ ස්පර්ශ කරමින් ක්රියාන්විතයේ යෙදුනා..එහාට වැනිලා මෙහාට වැනෙන්න බලනකොට පෝරුව පල්ලෙ තියලා තිබ්බ එක පුන් කලසකින් දුන් දානවා…පෝරුව ගිනි ගන්න ඔන්න මෙන්න…
මන් විතරක් තනියම අඩනවා නම් මදැයි.. මනමාලිත් අඩනවා… අනේ සතුටු කදුලු… ටිකක් වටපිට බලද්දි අම්මටත් ඇඩිලා.. අනේ දරු දුක.. මන් අඩන නිසා අම්මත් අඩනවා…මලක් වගේ උන්නු මාව රිලව් පැන්නා වගේ විනාස කරා අරකි….!! වෙඩින් එකම මික්ස් ෆුල් කොත්තුවක් වගේ…. වමේ එකා දකුන බලා උතුරට යන්න හදනවා.. දකුනෙ එකා බටහිර බලා නැගෙනහිරට යන්න හදනවා…මන් මුකුත් නොබලා මැද බලා බිම පෙරලි පෙරලි අඩනවා…අරුන් ගායනා කරනවට වඩා හයියෙන් මන් දැන් හොරණැ පිබිනවා…කොහොමහරි උන් ආයෙ උතුරු දකුණු පැටලිලි ලෙහාගෙන පිච් එක හදාගෙන… සීන් එකට එන්ටර් වෙලා තිබ්බා ඒ වෙනකොට..
මාත් ඉතින් ආයෙ මුල ඉදන් පටන් ගන්නත් බෑ නෙ, මන් මාතර නම් උන් මාව දාලා යාපනේටම ගිහිල්ලා..පද පේලිවල අග සවුන්ඩ් එක එන විදියට ඉකිගහන ගමන් තාලෙ අල්ලලා පොඩි සප් එකක් දුන්නා මාත්… අරුන් මභිනිම්ම්ම්ම්….කියද්දි, මාත් ම්ම්ම්ම්ම්ම්ම් කෑල්ල කියලා වැඩේ ගොඩ දැම්මා.
කොහොමහරි වෙලා තිබුනෙ මේකයි… මගෙ අතින් පොඩ්ඩක් හත අස්සට ” z ” දාලා අයනු ආයනු අස්සෙ ඔන්රු ඉරන්ඩු පත්තු බැදලා පොඩි මිස්ටේක් එකක් වෙලා පදටික මාරුවෙලා වෙන මොනවදෝ කියවලා තියෙන්නේ..ඒ අස්සෙ හීනියට සුතිය පිලිකන්න පැත්තෙන් ගෙදර ගිහින් තිබුනා……ඕක අගවන්න අර අක්කා මාව කොනොති ගහල මංගල සභාව අටමංගල කරා..ඕකට ඉතින් පහුරු ගාන්න ඕන්නෑනෙ… උන් උන් දන්න විදියට කියනව.. මන් මට මතක විදියට කියාගෙන යනවා…. එහෙම උනානම් හාමනි මැද්දෙන් කස්තිරමක් එහෙමත් අල්ලන්න තිබ්බා.
පලි-: කොහොමහරි අම්මා මාව සීන් එකෙන් කට් කරන්න සෑහෙන නොසෑහෙන ගේමක් දීලා තිබුනා.. පස්සෙ වටේ හිටපු නෑයො කියලා තිබ්බා අර මංගල ගාතා කියන්න ඕන ගාන තියන්න ඕන නිසා මාව තියන්න කියලා. මොනා උනත් මට රු. 300ක් හම්බුනා එදා.
ආයෙ කවුරුවත් අදටවත් ජයමංගල ගාතා කියන්න මේ වෙනකන් මට අඩගහලා නෑ.. අටමෙ සාමාජිකයන්ගෙ මගුලක් එහෙම තියනවා නම් කියන්න ඕනා ඕන්… නොමිලේ කියලා දෙනවා.
අර කපල් එක බබාලා තුන් දෙනෙක් එක්ක තාම යහතින් ඉන්නව ඈ….