කෞතුකාගාර ගැන කතා කරන විට ලෝකය පුරා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ බිහි වු කෞතුකාගරයන් විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වේ. අපේ රට තුළද ඒ අකාරයෙන් වවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කෞතුකාර රැසක් දැක ගැනීමට හැකි වනවා. අපේ රටට අලුත් වෙනස්ම විදිහේ කෞතුකාගාරයක් ගැනයි මේ විස්තරය.
මේ කෞතුකාගාරයේ ඇති විශේෂත්වය ගැන කතා කරන විට මෙය ජීව ප්‍රමාණයේ ඉටි ප්‍රතිමා ප්‍රදර්ශනය කරනු ලබන අපේ රටේ සුවිශේෂි කෞතුකාගාරයක් වේ. නුගේගොඩ නාලන්දාරාම පාරේ 19 හි පිහිටි මෙම සුවිශේෂි කෞතුකාගාරය ආත්මා ලංකා ඉටි කෞතුකාගාරය ලෙස හදුන්වයි. ලංකා එන්ටර්ටේන්මන්ට් (පුද්ගලික) සමාගමේ සභාපති අතුල හේරත් සහ මහිමා හේරත් මේ කුටයුතු සදහා මුලිකත්වය ගෙන කටයුතු සිදු කර ඇත.
ලන්ඩනයේ පිහිටි මැඩම් ටුසාඩ් ඉටි කෞතුකාගාරය ලෝකයේම අවධානය යොමු වු ඉටි කෞතුකාගාරයක් වන අතර ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඔවුන්ගේ ප්‍රමාණයේ ඉටි ප්‍රතිමා ප්‍රදර්ශනය කරන තිබෙන අතර බෝහෝ සංචාරකයන්ගේ හා කලාකරුවන්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වු ස්ථානයක් සේ මෙම මැඩම් ටුසාඩ් ඉටි කෞතුකාගාරය පෙන්වා දිය හැක.
නමුත් අප රට තුළ ස්ථාපිත මේ ඉටි කෞතුකාගාරය තුළ අපේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්, නායකයින්, කලාකරුවන් ආදි ලෙස බොහෝ දෙනාගේ ආකර්ශණය දිනා ගත් ප්‍රසිද්ධ පුද්ගලයටන් රැසකගේ ජීව ප්‍රමාණයේ ඉටි ප්‍රතිමා ප්‍රදර්ශනය කොට තිබෙනවා. වර්ථමානයේ අපේ රටේ බිහි වු සුවිශේෂි කලා තොතැන්නක් ලෙස මෙම වටිනා කෞතුකාගාරය හැදින්විය හැක. පහතින් බලන්න එහි ලස්සන චායාරුප එකතුවක්.
01

02

03

04

05

06

07

08

09

10

11

උපුටා ගැනීම: Made In Sri Lanka