ජීව විද්‍යාව කියන්නෙ විද්‍යානුකූලව ජීවය හැදෑරීමයි.විශේෂයෙන්ම ජීව විද්‍යාවේ මූලාරම්භය ස්වභාවිකත්වයෙනි.සියලුම ජීවි කොටස් සෛලයෙන් සෑදී ඇති අතර සෛල ක්‍රියාකාරිත්වය අධ්යයනෙන් ජීවය, පැවැත්ම, වර්ධනය පිළිබඳව අවබෝධ කරගනී.විශේෂයෙන්ම සෛල අධ්‍යයනයෙ සිට ව්‍යූහ අධ්‍යයනය දක්වා ජීව විද්‍යාව දිවෙනවා.
ඒ වගේම ජීව විද්‍යාව උපාධිය විද්‍යා උපාධිය අතරින් මූලිකම සහ ප්‍රධානම උපාධිය වශයෙන් ද හඳුන්වන්නට පුළුවන්.උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් හට මූලික වශයෙන් ඇතුළත් විය හැකි පාඨමාලාවක් වන අතර ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලයන් වල මෙම උපාධි පාඨමාලාව පිරිනමනු ලබයි. මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉහළ න්‍යායාත්මක දැනුමක් සමගින් ප්‍රායෝගික කුසලතාවය ලබාදීම සඳහා අතිශයින් අතිශයින්ම නවීකරණයට ලක් වුණ දියුණු විද්‍යාගාර පහසුකම් සහිතව ඇති නිසාවෙන් දැනුමෙන් පරිපූර්ණ වෘත්තිකයින් බිහි කරනු ලබයි.
මේ නිසාවෙන් ඔබ ජීව විද්‍යාව සඳහා උනන්දුවක් තිබෙන අයෙක් නම් මෙම උපාධි පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාවේ ඕනෙම විශ්වවිද්‍යාලයක් සදහා අයදුම් කළ හැක.ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයයන් තුළ ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සෙ පවත්වනු ලබන ජීව විද්‍යා උපාධිය වසර හතරකින් යුක්ත වෙයි. ඒ වගේම ඔබට ප්‍රධාන වශයෙන් උපාධි පාඨමාලාව මෙම ක්ෂේත්රයන් ඔස්සේ හැදෑරිය හැක.

- ජීව විද්‍යාව
- උද්භිත විද්‍යාව
- පරිසර විද්‍යාව
- පරිණාමය
- ජාන විද්‍යාව
- සමුද්‍ර ජීව විද්‍යාව
- වෛද්‍ය විද්‍යාව
- ක්ෂුද්‍ර ජීව විද්‍යාව
- අණුක ජීව විද්‍යාව
- කායික විද්‍යාව
- සත්ව විද්‍යාව
මෙම උපාධි පාඨමාලාව සඳහා උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව,රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව හදාරා ඇත්නම් අයදුම් කළ හැක.
ජීව විද්‍යාව උපාධි පාඨමාලාව හැදෑරිය හැකියි හැකි ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල යනු මොනවාද ?

කොළඹ විශ්ව විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
රුහුණු විශ්ව විද්‍යාලය
කැළණිය විශ්වවිද්‍යාලය
රජරට විශ්වවිද්‍යාලය
යාපනය විශ්වවිද්‍යාලය
නැගෙනහිර විශ්ව විද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
සබරගමුව විශ්වවිද්‍යාලය

ඊටත් අමතරව ජීව විද්‍යා අංශයෙන් ඔබට හැදෑරිය හැකියි හැකි උපාධි පාඨමාලාවන් පිළිබඳව දැන ගමු.
- දන්ත විද්‍යාව
- වෛද්‍ය විද්‍යාව
- ආයුර්වේදය
- ව්‍යවහාරික විද්‍යාව
- කෘෂිකාර්මික විද්‍යාව
- ආහාර විද්‍යාව