නෝනා ආවට කමක් නැද්ද?
අයියෝ …එන්න… වාඩි වෙන්න
නෑ නෝනා පේනවනෙ මාව හොදටම තෙමිලා….
මේ සීතලේ වැස්සෙ වැඩ කරන්නෙ කොහොමද?
මොනව කරන්නද නෝනා…..ජීවත් වෙන්න එපැයි…..
මොහු දමිල ජාතිකයෙකි.මනාවට සිංහල බස හසුරවන මොහු නාට්ටාමි කෙනෙකි.
ඇත්තටම මට ඔහු ගැන මහත් අනුකම්පාවක් දුකක් සිතුනි….
මම කොළඹ උන්නෙ නෝනා….කොරෝනා අපිට යන එනම් නැති කෙරුවා….
මසිත කීරි ගැසී ගියේ ඉබේටමය.
මාසෙකට 45000/ක් පොතට දානවා නෝනා….
ගෙදර උන්දෑට වත්තෙ වැඩට යන්න එපා කිව්වා මම.මගෙ දවසක වියදම රු.600/ ඉතිරි හැම සතයම ඔහු ඉතුරු කලේ තම පවුල වෙනුවෙන්….දරුවන් උස් මහත් වී දීග ගොස් ඇත.
රස්සාව අත් හැර ආවේ කොළඹ අපට හරි කරදර …..නෝනෙ
ඇස් වල කදුළු පිරී තිබුනේය….
දැන් මොනවද කරන්නේ….මම ඇසුවෙමි
පාරේ වැඩ….අහු වෙන තැනක වැඩ කරනවා නෝනා….
ඒත් මේ වැස්සේ වැඩ කරන්න එපා ….මම කීවෙ…..සීතලේ වෙව්ලනවා බලා හිදින බැරි විටය….
මම එව්ව සල්ලි සත් පහක් ඉතුරු කරලා නෑ…. අවුරුදු. 19ක් මම කොළඹ….ගෙදර ආවේ අවුරුදු වලට විතරයි… පාන්දර හයට පටන් ගත්තම රෑ වෙනකල් වැඩ…..
ඒත් මම සතුටින් වැඩ කලේ…..නෝනා….
මම මැරුනා නම් මුං ජීවත් වෙන්නෙ කොහොමද නෝනා?
ඔහුට දුක ඔහුගෙ බිරිද ගැන….ඇයගේ අර පරිස්සමක් නැතිකමට එකදු වචනයක් කීවේ නැත.
මට නිකං ඉදල පුරුද්දක් නෑ නෝනා.අව්ව වැස්ස මට හොදට පුරුදුයි.මම ඉපදුනේ මේ රටට සේවය කරන්න.ඒකට මට වටිනාකමක් ලැබෙනවා.එයින් මමත් මගේ දරු පවුලත් ජීවත් වෙනවා….මම මේ පොළවට බර මිනිහෙක් නෙමෙයි නෝනා….
ඔහුගෙ කතාව තුල වේදනාව පිරී තිබු බව මා වටහා ගතිමි.පුටු රත් කර පඩි ලද සමහරුන් ….මේ අවට සිටින බව මා දිනපතා දකිමි.ඔවුන් ඉදිරියේ මොහු පතාක යෝධයෙකි….
අවුරුදු 60ක් වූවද ඔහු තවමත් ශක්තිමත් මිනිසෙකි.කම්මැලියන් දහසකට වඩා මෙවැනි මිනිසුන් දහයක් මේ පොළවට හරි වටී…..
අද පුදුම සීතල දවසක්….වැඩ කරනවා තියා නිකන් ඉන්නවත් බැරි තරම්…..පේන දුර මීටර් පහලොවකි….ඉන් එහා මීදුමෙන් වැසී තිබේ….
සිරි සිරි පොද වැස්සේ මොහු ජලසම්පදනයේ කොන්ත්රාත් පදනමට වැඩ කරයි….සීතලේ ආයේ කහට කෝප්පයක් ඉල්ලගෙන….
තියෙන විදිහට කිරි තේ එකක් ….පොල් රොටී ලුණු මිරිස් ….චිකන් හොදි එක්ක දුන්නා….ඒත් හිතට නම් මදි….
සල්ලි දුන්නත් ගන්න හිත දුන්නේ නෑ…..
ඔහු යන්න ගියා….
තාමත් මට සිහි වෙන්නෙ සීතලේ වෙව්ලමින් මා ඉදිරියේ උන් ඒ මිනිසා….
පොටෝවක් ගන්න ඇසුවත් ඔහු එයට කැමති උනේ නැහැ…..
ඒත් මට ඔහු ගැන ලියන්නම හිතුනා…..
ජීවිතේ ලැබෙන අයට රනින් ලැබෙනවා….කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා…..
නොලද අයට දුකයි කදුළයි සුසුමයි විතරයි….
උපුටා ගැනීම: Disna Udayangani