දැන් ලංකාවේ පවතින තත්ත්වයත් එක්ක අධ්‍යාපනය ලත් නොලත් ඕනම කෙනෙක්ට දියුණු වෙන්න තමන්ගෙ හීන වලට යන්න බැරිවෙලා තියනවා. ඊට ප්‍රධානම හේතුවක් වන්නෙ රටේ ආර්ථිකය කඩාවැටීමයි.ඉතින් දැන් තම තමන් ගැන හිතලා කොහොමහරි ගොඩ යන්න ඕන කියලා හිතන අය රැකියා කරන්න රට යන්න තමයි සූදානම් වෙන අයට ,ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයට යන්න පුලුවන් හොදම රටවල් කිහිපයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න යන්නෙ.
(1) ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියන්නෙ රැකියා කරමින් තමන්ගෙ ජීවිතය ගොඩ දාගන්න පුලුවන් හොදම රටවල්.රැකියා වගේම උසස් අධ්‍යාපනය ලබාගැනීමටත් හොදම රටවල් තමයි මේ.ඔයා වයස 18-30 අතර කෙනෙක් නම් ඉන්ජිනේරු හෝ NVQ තක්සේරුවක් තියන කෙනෙක් නම් ඔයාගෙ ජොබ් වීසා එක විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයෙ ආගන්තුක සත්කාර, සංචාරක හා සේවා, කර්මාන්ත රැකියා වගෙ නිපුණතා මත ඉල්ලුම් කරන්න පුලුවන්.

(2) නෙදර්ලන්තය
ඔයා ව්‍යවසායකත්වය, නව ව්‍යාපාර අදහස්, නවෝත්පාදන අදහස් සහිත කෙනෙක් නම් නෙදර්ලන්තයට වීසා අරගෙන ඉතාමත් පහසුවෙන් යන්න පුලුවන්.ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ අය වසරක කාලයක් ලබාදෙනවා.ඉන්පසුව ස්වයං රැකියා බලපත්‍රයක් ඔයාට හදාගෙන එහෙ ඉන්න පුලුවන්.නිර්මාණකරුවන්ට, විද්‍යාඥයන්ට, නවෝත්පාදන කරුවන්ට, නව ව්‍යවසායකයින්ට වැඩි අවස්ථාවක් තියනවා.
(3) කාම්බෝජය
ජොබ් වීසා එකක් හෝ ව්‍යාපාරික වීසා එකක් ඉල්ලුම් කරන්න පුලුවන් පහසුම රටක් තමයි කාම්බෝජය කියන්නෙ.හැබැයි ඔයාට නීත්‍යානුකූල ඉදිරියට දිගටම වැඩ කරගෙන යන්න නම් වර්කින් පර්මිට් එකක් ගන්න වෙනවා.කාම්බෝජයේ ලොකුම මාර්කට් එකක් තැනක් තියෙන්නෙ සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් වලටයි.
(4) ජර්මනිය
ජර්මනිය ගොඩාක්ම උපාධිධාරී සිසුන්ට ජොබ් වීසා ලබාදීමක් සිදුකරනවා. කෙනෙක් අධ්‍යාපනය සහ රැකියා කියන දෙකම විදේශ රටකින් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට හොදම රටක් වෙන්නෙ ජර්මනියයි. ජර්මනියට කලාකරුවන්ගෙ වීසා සහ ස්වයං රැකියා වීසාද ඉල්ලුම් කරනවා.ඔයාට ව්‍යාපාරික සැලසුමක් තියනවනම් ඉල්ලුම් කරන්න පුලුවන්. තාක්ෂණය ,සෞඛ්‍ය ඔස්සෙ නිපුණතා සම්පූර්ණ කල අයට පහසුවෙන් ඉල්ලුම් කරන්න පුලුවන්.

(5) අයර්ලන්තය
අයර්ලන්තයට නම් වයස් සීමාවක් නැතිවම රැකියා ඉල්ලුමක් කරන්න පුලුවන්.හැබැයි රැකියා වීසා ලබාගන්න නම් ශිෂ්‍යයකු / මෑතකාලීන උපාධිධරයකු වෙන්න ඕන.එහෙමත් නැතිනම් සාමාන්‍ය රැකියා සදහා වුනත් වීසා ලබාගන්න පුලුවන්.නමුත් ඔයාට නිශ්චිත කුසලතා තිබිය යුතුයි. අයර්ලන්තයේ බහුලවම රැකියා පවතින්නෙ බහුජාතික සමාගම් හරහා වර්ධනය වන කර්මාන්ත, ආගන්තුක සත්කාර,අධ්‍යාපනික වැනි ක්ෂේත්‍ර තුලයි.
(6) චීනය
විදේශ ශ්‍රමිකයින්ට චීනය පුරා රැකියා පවතින්නෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ කථිකාචාර්යවරුන් හටයි.ඊට ඔබ TEFL සහතිකයක් ලබා සිටිය යුතුයි.ඒ හැරෙන්න ඔබ චීන භාෂාව වඩාත් හොදින් ප්‍රගුණ කල අයෙක් නම් එරට කර්මාන්ත රැකියා ක්ෂේත්‍රයෙහි රැකියා අවස්ථා ඕනතරම් තියනවා.

(7) සිංගප්පූරුව
මාස හයකට පමණ ඉතාමත් පහසුවෙන් වීසා ලබාගන්න පුලුවන් රටක් තමයි සිංගප්පූරුව කියන්නෙ.එතනින් එහාට ඔබ රැකියාව කරන ස්ථානයත් සමග කතාබහ කරලා වීසා කාලය දීර්ග කරගන්න පුලුවන්. ඒ නැතත් සිසුන්ට සහ මෑතකාලීන උපාධිධාරින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමක් සිදුකරනවා.තොරතුරු තාක්ෂණය ,ඉගැන්වීම,ආගන්තුක සත්කාර වගේ ක්ෂේත්‍රයන් වල කුසලතා සම්පූර්ණ කල අයට රැකියා ලබාගන්න පහසුවෙන්ම පුලුවන්.
(8) ඉක්වදෝරය
ලතින් ඇමරිකාවෙ ජොබ් වීසා ලබාගන්න පහසුම රටක් තමයි ඉක්වදෝරය කියන්නෙ.ඔබට උපාධියක් තියනවනම් ජොබ් වීසා යටතෙ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන්.ජාත්‍යන්තර සමාගම්හි කම්කරු,සංචාරක කර්මාන්ත හෝ රාජ්‍ය නොවන සංවිධාන වගේ ක්ෂේත්‍රවල රැකියා ලබාගන්න පුලුවන්.