ජම්බො පීනට් .. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්ධිය උනේ මම 7,8 වසරෙ දි වගේ, එතකොට අපේ අයියා උසස් පෙල ..
අපේ ලොකු අම්මා ඉන්නෙ රත්නපුර . අපි ඉතින් හැම නිවාඩුව ටම රත්නපුර යනවා . මමයි, අම්මයි, අයියයි.
මේ කියන පාර අයියා ට යන්න බැරි උනා . අම්මයි මමයි ගියේ.
අපි රත්නපුර යද්දි ඇබිලිපිටියට ගිහින් එතනින් තව බස් එකක තමයි යන්නෙ . ඇඹිලිපිටියෙ ටව්මෙ තියෙනවා අපේ මාමා කෙනෙක් ගෙ කඩයක් . අපි රත්නපුර යද්දි මේ කඩේට ගිහින් තේ එහෙම බීලා තමයි යන්නෙ.
හැමදාම කඩේට ගියාම මාමා අහනවා මොනවාද ඕන කියලා . අහල බිස්කට් , චොකලට් වගේ මොනවහරි දෙනවා . මුලින් පස්ස ගැහුව ත් පස්සෙ මමත් මොනවහරි ඉල්ලනවා . අම්මයි , අයියා යි බැන්නට බඩජාරි කම ලොකු වෙනවා මට ඒ වෙලාවට.
මේ පාර මම හිතන් ගියා ජම්බො පීනට් එකක් ඉල්ලනවා කියලා . මොකද මම එතකොට ඒවා කාලා තිබුනෙ නැහැ . අයියා ත් නැහැ නෙ රවන්න.
ඔන්න ඉතින් මමයි , අම්මයි මාමා ගෙ කඩේට ගිහින් එන්න හදද්දී මාමා ඇහුවා මොනවාද ඕන කියලා මම කිව්වා ජම්බො පීනට් එකක් කියලා . ඒකත් අරන් රත්නපුර යන්න බස් එකට ගියා . අම්ම්ත් කිව්වා උබ ඉල්ල ගත්තා නම් උබම කාපන් කියල. ඉතින් මම තනියම කෑවා.
ඒ සිද්ධිය ඉවරයි …
…….
ඊට මාස 2 කට විතර පස්සෙ අපි ගියා දානෙ ගෙදර ක. කට්ටිය කතා කර කර ඉද්දි බීම එකකුත් ලබුනා . මම යි අයියයි ත් බීම බොනවා දැන්. ඔහොම ඉද්දි එතන හිටපු නැන්ද කෙනෙක් කිව්වා
” අනේ බලන්නකො මම ඊයෙ ජම්බො පීනට් එකක් කෑවා . ඒකෙ ඇතුලෙ තියනවනේ පොඩි පැකට් එකක් . ඒක කැඩිලා . මම ඩොක්ටර් කෙනෙක් ලගටත් ගියා . ඒකෙ කෙමිකල් එකක් ද දන්නෙ නැහැනෙ ” කියලා .
මට හික් ගැවුනා . අයියා මගේ ලගම හිටපු නිසා එයා ට තේරුනා වෙනස. පස්සෙ අයියා මගෙන් ඇහුවා මොකද උනේ කියලා …
මොකද උනේ ..
මාර වැඩේනෙ හලෝ..
මමත් කෑවනෙ ..
මොනවාද
ජම්බො පීනට් ..
ඉතින් , කවුරුත් කන්නෙ . ඒකටද බීම හලා ගත්තෙ ..
ඒක නෙමෙයි අනේ
එහෙනම්
ඒක ඇතුලෙ තියෙන්නේ පොඩි පැකට් එකක්
ඒකත් කෑව
මොකක් ..
පිස්සුද තමුසෙට .
ඒක මොකටද කෑවෙ.
මම දන්නවද , මම හිතුව ඒක රස කාරක පැකට් එකක් කියලා . අර මැගී නූඩ්ල්ස් වල එහෙම තියෙන්නේ ..
උබට පිස්සුද ගොනෝ.. ජම්බො පීනට් වලට රස කාරක පැකට් දානවද.
මම කොහොමද දන්නෙ ..
හපෝ උබ වගේ හරකෙක් . දැන් රහද ඒවා .
නැහැ නෙ. අගුරු වගේ. මම ඒත් බැලුවා මොකද ඒක මෙලෝ රහක් නැත්තෙ කියලා .
ඒ මිනිස්සු දන්නෙ නැහැනෙ උබ වගේ ගොන්නු ඉන්නව කියලා . ඉදපන් මම ලියුමක් දාන්න ඒකත් රහට හදන්න කියලා ..
දැන් කවදද ඕක උනේ
මමයි අම්මයි රත්නපුර ගිය දවසෙ .
දැන් මාස දෙකකට ත් වැඩි නෙ. දැන් ඉතින් ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් වැඩක් නැති වෙයි .
උබ දන්නෙ නැද්ද බන්. ඒක තියෙන්නේ ඇතුලෙ ජල වාශ්ප උරා ගන්න . අනික ඒකෙ ගහල තියෙන්නේ ඩූ නොට් ඊට් කියලා .
දන්නව නම් කනවද.. අනික මම ඉන්ග්රීසි කියවන්න යන්නෙ නැහැ . තමුසෙ දන්නව නම් කියන්න එපායැ .
මොකක් ද, ජම්බො පීනට් කනව නම් ඇතුලෙ තියන පැකට් එක කන්න එපා කියලා ද. අනෙ පලයං බන් යන්නෙ . උබ වගේ බූරුවෙක්.
අනේ කාටවත් කියන්න එපා හලෝ . මම ඕන උදව්වක් කරන්නම් ..
නැහැ . මම කියන්නෙ නැ. දැන් යමන් . තෝ තනියම දාල යන්න බයයි . හරක් කෑවොත්..
කාටවත් කියන්නෙ නැහැ කිව්වා ට. අපේ අයියා කාරය වටේටම ගින්න දුන්නා හිතෝතුනි ..
හරි වේදනයි මට…
උපුටා ගැනීම: Eranga Lakmali

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!