කාලය ( වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි වයසට ගියත් අපේ හැඟීම් වයසට යන්නෙ නැහැ කියලා ඔබ දන්නවද?
ඇට ලේ මස් වැනි භෞතික දේවල් වලට
අමතරව ආදරය කරුණාව වෛරය තරහා ශෝකය ආදී නොයෙකුත් හැඟීම් දැනීම් පදමට මුසු වෙලා තමයි මේ අරුම පුදුම සත්වයා හැදිලා තියෙන්නෙ….ඔයා ආදරය කරුණාව සෙනෙහස නැති ශරීර කූඩුවක් නම් රෙදි සාප්පු වල ලස්සනට ඉදිරිපිට තියල තියෙන ඩමි වලට දෙවෙනි වෙන්නෙ නැහැ නේද…..ඇත්තටම එහෙම මිනිස්සු ලෝකෙ නැහැ..දරුණුම මිනීමරුවෙක් තුල උනත් බුද්ධාංකුරයක් තියෙනවා…අංශක 180කින් ඔයගෙ ජීවිතේ වෙනස් කරන මේ කතාවත් අපේ ජීවිත කාලය පුරාම අපි විඳින සහ විඳවන හැඟීම් සහ දැනීම් ගැනයි..
ඔන්න දවසක් සියලුම හැඟීම් සහ වස්තූන් එකම නැවක නැඟලා දිගු චාරිකාවක් පටන් ගත්තා…ආදරය සෞභාග්යය දැනුම අභිමානය සතුට දුක කියන ඔක්කොම හැඟීම් චාරිකාවට එකතු වෙලා හිටියා…
මෙහෙම දිගු දුරක් යද්දි අහස කළු කරගෙන හෝ හෝ ගාලා වහින්න පටන් ගත්තා…සතර අතින් හමාගෙන ආව දරුණු සුළඟ කිව්වෙ ලඟ එන කුණාටුවක සළකුණු.දරුණු කුණාටුව අත ලඟටම ඇවිත් තියෙන්නෙ…සතුට දුක සෞභාග්යය කියන සියලුම දෙනා තම තමන්ට පුළුවන් විදියට ආරක්ෂිත බෝට්ටු වල නැඟලා පිටත් වෙන්න පටන් ගත්තා…
ඒත් ආදරය කිසිම ගානක් නැතුව ඔහේ තමන්ගෙ පාඩුවේ සිංදුවක් කියාගෙන හිටියා…එක පාරම හමාගෙන ආව චණ්ඩ මාරුතයට හසු උන නැව මුහුද මැදදීම පෙරලුනා..කිසිම ගානක් නැතිව හිටිය ආදරයට දවල් තරු පෙණුනා…බේරිලා යන්න ක්රමයක් හොයද්දි එයාගෙ අනිත් යහළු හැඟීම් දැනීම් බෝට්ටු වල නැඟලා යනවා එයා දැක්කා…කරන්න කිසිම දෙයක් නැති තැන ආදරයත් මුහුදට පැනලා එයාට පුලුවන් විදියට පීනන්න පටන් ගත්තා..බෝට්ටුවක නැඟලා යන සෞභාග්යය මුලින්ම එයාට හමු උනා…
“අනේ සෞභාග්යය මට පුලුවන්ද ඔයාගෙ බෝට්ටුවට එන්න” ආදරය ඉතා බැගෑපත්ව සෞභාග්යයගෙන් ඇහුවා…
“මට සමාවෙන්න මගේ බෝට්ටුව වටිනා කියන වස්තූන් වලින් පිරිලා ඒක නිසා ආදරය ඔයාට මෙතන ඉඩක් නැහැ” සෞභාග්යය එහෙම කිව්වා….
ආදරය කණගාටුවෙන් වටපිට බලද්දි අභිමානය ලස්සන බෝට්ටුවක නැඟලා ඉන්නවා..ආදරය ඉතා බැගෑපත්ව වෙලා අභිමානයෙන් උපකාර ඉල්ලුවා…
“මට බැහැ ඔයා වගේ කෙනෙක් බෝට්ටුවට අරගෙන මෙතන කැත කරගන්න…ආදරය ඔයා හොඳටම තෙමිලා..ඇඟ පුරාම වැලිත් ගෑවිලා..ඒක නිසා ආදරය මට ඔයාට උදව් කරන්න බැහැ…” අභිමානය එහෙම කියාගෙන එයාගෙ ලස්සන බෝට්ටුව වේගයෙන් පදවාගෙන ඉදිරියට ගියා..
ආදරය මේ වෙලාවෙදි තමයි දුක දැක්කෙ..ආදරය බැරිම තැන දුකෙන්ද උදව් උපකාර පැතුවා….”මම ගොඩක් දුකෙන් ඉන්නෙ ඒක නිසා ආදරය මට තනියෙන් මගේ පාඩුවේ මගේ ගමන යන්න ඕන….”දුකත් එහෙම කියලා ආදරය මඟ හැරියා..ආදරයට සැඩ පරුෂ මුහුදත් එක්ක සටන් කරලා දැන් හොඳටම මහන්සියි…මුහුදු දියේ ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දි සතුට බෝට්ටුවක නැගලා යනවා ආදරය දැක්කා….
ආදරය කෑ ගහලා සතුටට කතා කලා…ඒත් නැව ගිලුනත් බෑන්ඩ් චූන් කියන මානසිකත්වෙ හිටිය නිසා ආදරයේ ශබ්දය සතුටට යාන්තමින් වත් ඇහුනෙ නැහැ…
ආදරය සෙමින් සෙමින් මුහුදු පත්ලට ගිලෙන්න ගත්තා…ආදරයේ දෑස් ලුණු වතුරට පෙඟිලා බොඳ වෙන්න පටන් ගත්තා….ඒත් එකපාරටම අදිසි අතක් ඇවිත් ආදරය බෝට්ටුවට දාගත්තා…මුහුදු පත්ලේ ගිලෙන්න ගිය ආදරය යාන්තමින් බේරුණා..කලු පාට වළාකුලු මුසු අහස නිසා ආදරයට මොකුත් පෙනුනෙ නැහැ..ඒක නිසා ආදරය කවදාවත් නැති සතුට මුසු දිගු නින්දකට වැටුනා…ආදරය පරිස්සමින් වෙරළට ලඟා වෙනතුරුම ඇහැරුනේ නෑ….කවුද මාව බේරගත්තේ…ආදරයට දැන් මේක ලොකු ප්රශ්නයක්…
“දැනුම මාව බේරගත්ත කෙනා ඔයා දන්නවද?” එතන හිටිය දැනුමෙන් ආදරය ඇහුවා….
හිතවත් ආදරය ඔයාව බේර ගත්තේ කාලය..දැනුම එහෙම කිව්වා..ආදරයට හරිම පුදුමයි…ඔහු හීනෙන්වත් නොහිතපු කාලය තමයි අන්තිමේට ආදරයට උදව් කරලා තියෙන්නේ….
ආදරයේ වටිනාකම හරියටම දන්නෙ කාලය විතරයි…ධනය තියෙන වෙලාවට ධනයට ආදරය අමතක වෙනවා…
දුකේදිත් සතුටේදිත් කාට කාටත් ආදරය අමතක වෙනවා….ආදරයේ වටිනාකම කාලය හරියටම දන්න නිසා කාලයට ඉඩ දෙන්න..එතකොට කාලය ආරක්ෂිත තැනකට ආදරය එක්කගෙන යනවා…කාලයක් ගත උනාම ආදරයේ පැරණි මතකයන් විඳිමින් කවුරු කවුරුත් සතුටු වෙන්නේ ඒ නිසයි…දැනුම ආදරයට එහෙම ආදරෙන් කිව්වා…
ඒක එහෙමද…..????????????????
උපුටාගන්නා ලද්දකි….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!