කෑමයි මමයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මම හැමදාම හිතුවෙ එහෙම.
තාමත් හිතන් ඉන්නෙ එහෙම.
ඒ තරම්ම ආත්මීය බැදීමක් තියෙන්නේ කෑම එක්ක.
ඉතිං ගිය ආත්මෙක සෝමාලියාවෙ ජීවත් වු පුරවැසියෙක්ද කියලත් සැකයි.
කරුමෙක මහත කියන්නෙ මුහුණ පොත පුරා සැරිසරද්දි ඇහැ යන්නෙම විවිධාකාර කෑම වීඩියෝ වලට.
ඉතිං ඒ දිහා බලාගෙන සුසුම් හෙලන වෙලාවල්ද, අඩන වෙලාවල්ද, කෙල ගිලින වෙලාවල්ද ඉහේ කෙස් ගානට තියෙනවා.
බෝඩිම් ජීවිතේට හුරු වෙලා උන්නු මට කෑමක් මතක් කරලා කෙල ගිල්ලත් ඒකත් නිකන් සුවයක් වගෙ දැනෙන්නේ.
ඉතිං අවුරුදු 5ක් පමණ බෝඩිම් වලම කල්ගත කෙරූ නිසා අලුත් රෙසිපි පිට රෙසිපි අත් හදා බැලූ අවස්ථාද එමටයි.
බෝඩිමේ හීටර් භාවිතා කිරීම සපුරා තහනම් වු කාලේ කඩෙන්ම නූඩ්ල්ස් පැකට් එකත් අරන්, කඩේ බඩ තඩි අන්කල්ට පින්සිද්ද වෙන්න නූඩ්ල්ස් පැකට් එක එයාට කියලම තම්බගෙන ආපු අවස්ථාද නැතූවාම නෙවෙයි.
ඒ හදන් එන එක නූඩ්ල්ස් පැකට් එක කන්නත් පස් දෙනෙක් විතර කෙල පෙර පෙර බලාගෙන ඉද්දි අධ්‍යාත්මික සුවය හරිම සතුටු දායකයි.
ක්‍රීම් ක්‍රැකර් දෙකක් මැදට ලුණූ කෑල්ලක් තියලා , ක්‍රීම් ක්‍රැකර් වඩේ කාලා ඉතුරු මිරිස් කෑලි එක්ක , අඩියෙ ඉතුරු උනු ඇස්ට්‍රා මාමයිට් එක්ක ක්‍රීම් ක්‍රැකර්, ලුණු මිරිස් එක්ක ක්‍රීම් ක්‍රැකර් වගේ විවිධ ආකාර වලිනුත් ක්‍රීම් කැකර් කාලා අත් හදා බැලීම් කරලා තියෙනවා . දන්න තරමින් පස් එක්ක විතරයි ක්‍රීම් ක්‍රැකර් කන්න බැරි උනේ.
ඒකෙත් අමුතු රසක් ඇතැයි මා බොහෝ සේ විස්වාස කරනවා.
සමහර දවස් වලට උදේට සෝයා මීටුයි බතුයි කාලා, රෑට ඉතුරු වෙන සෝයා මීට් එක්ක නූඩ්ල්ස් මික්ස් කරලා.
සෝයා මීට් සමානයි සොසේජස් කියලා භුක්ති විදිනවා.
ඇට නැති පරිප්පු හොද්දට උණු වතුර ටිකක් දාලා බඩට වැටෙන පාන් ප්‍රමාණෙ වැඩි කරගන්නවා. ඉතිං එච්චරට සාගින්න.
ඒවා නව සොයා ගැනීම් වූවත් කිසි දිනෙක අත් හදා නොබලන්න මොකද රස නෑ. බඩ හොදින් පුරවා ගැනීමට යෙදූ කූට උපක්‍රම විතරක් බව කරුණාවෙන් සලකන්න.
පල්ලෙහා පින්තූර වල සිටින්නේ මං වැඩිපුරම බලන කෑම විඩීයෝස් වල හිම්කාරියයි.
ඉතිං ඇගේ විදියට මේ දවස් වල නූඩ්ල්ස් බිත්තර වලින් සදා ගත හැකි විවිධ කෑම අත් හදා බලනවා.
සමහර අත් හදා බැලීම් ජීවිතයද එපා කරවන සුළුයි.
මං දුටු වාසනාවන්තම ගැහැණියද ඇයයි.
කෑම කනවා ,විඩියෝ කරනවා ,සල්ලි හොයනවා.
ඉතිං එයද වාසනාවකි.
මාගෙ එකම අරමුණ ඇය මෙන් කිලෝ ගනන් ආහාර අනුභව කර, ඒ වගේ සිහින් සිරුරක් කවදා හෝ පවත්වා ගැනීමයි.
උපුටා ගැනීම: යෙනූ මා