කඩාවැටීම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඕනෑම පිරිමියෙක් ජීවිතේ ඕනෑම තැනකදී කඩාවැටීම්වලට ලක් වෙන්න පුළුවන්..!
පිරිමියෙකුගේ ජීවිතේ වැදගත්ම ටර්නින් පොයින්ට් එක තමා මේ කඩාවැටීම් කියන්නෙ. එතනින් උඹ තමන්ගෙ ඉදිරි ජීවිත කාලයම විඳවන්න වෙන තැනකට ජීවිතේ විනාශ කරගන්න පුළුවන්.
නැතිනම් අඩු වයසින්ම කෝච්චියකට අඩයක් තියල හෝ වෙනත් ක්රමේකින් අවසන් ගමන් යන්න පුළුවන්.
එහෙමත් නැතිනම් ඉදිරි ජීවිතය සම්පූර්ණයෙන් කණපිට ගහල හිටිය තැනින් අඩි සීයක් උඩට නැගිටින්නත් පුලුවන්.
කොල්ලෙක්ගෙ ජීවිතේ මේ වගේ කඩාවැටීම් බහුතරයකට හේතුව මම අමුතුවෙන් කියන්න අවශ්ය නෑනෙ..
90%ක්ම පිරිමින්ට තමන්ගෙ ජීවිතේ සිදුවෙන විශාලතම අතපසු වීම තමා ආදරය..!
ආදරය සම්බන්ධ කාරණාවලදී පිරිමින් බහුතරයක් මානසිකව කඩා වැටෙනව වගේම තමන් තෝරාගන්නා සහකාරිය මත ඕනෑම පිරිමියෙකුගේ ඉදිරි ජීවිතය ගෙවෙන විදිය තීරණය වෙනවා.
විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීමෙන් පස්සේ මම දැකල තියෙන කාරණයනම් කාන්තාවන් ඒකට බොහොම ශක්තිමත්ව මුහුණ දෙනව වගේම ඔවුන් කෙටි කාලයකින් යථා තත්වයට පත්වෙනවා.
නමුත් බොහෝ පිරිමින් මෙතනදී මත්ද්රව්යවලට ඇබ්බැහි වීම වගේ විනාශකාරී උපද්රවවලට ලක් වෙනවා.
නමුත් විශේෂම කරුණ තමයි මේ වගේ වෙලාවකට තමා ඔබ වඩාත්ම කල්පනාකාරී වෙන්න ඕන. මෙතනදි උඹ වැටෙන්න පුළුවන්, හැබැයි නැගිටින්න ඕන..
මේ නිසා සම්බන්ධතාවයක් බිඳ වැටීම හෝ ප්රේමය සමබන්ධ ඕනෑම ආකාරෙක අහිමි වීමකදි කොල්ලෙක්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා.
මුල්ම වැඩේ තමා බූට් සිංදු අහන එක නවත්තන එක..!!
ඒ කාලෙ මාත් කරපු වැරදි වැඩක් ඕක. මෙතනදී වෙන්නෙ අපි අමතක කරන්න ඕන දේවල් ටික අපේ මොලයට නැවත නැවත ඇතුලත් කිරීම.
ඒකටත් වඩා ලංකාවෙ තියෙන සිංදුවල හැටියට කෙල්ලෙක් කොල්ලව අතෑරල ගියාම ඌට ආයෙ වෙන කෙල්ලක් හොයාගන්න බෑ, ඌ ජීවිත කාලෙම අඬ අඬා අර කෙල්ල පස්සෙ යන්න ඕන, ඔක්කෝටම පස්සෙ අර කෙල්ල අන්තිමට රටවටේ උන් එක්ක නටල නටල කොන්ද කඩාගෙන ආවට පස්සෙ ඒකිව බාරගෙන තෙල් බේත් ගාල සනීප කරන්නත් ඕන..!!
ඔන්න ඔය ගොන් තෙල කන්න එපා..!!
ගැහැණියකට පිරිමියෙකුව දරුණු විදියට ප්රතික්ෂේප කරන්න පුළුවන්නම් අන්න ඒක පිරිමියෙකුටත් කරන්න පුළුවන් වෙන්න ඕන.
පුළුවන්නම් ආදරය සම්බන්ධ නැති හොඳ කොමඩි ෆිල්ම් ටිකක් බලහන්. නැතිනම් දේශපාලනය වගේ වෙනත් අජූත මාතෘකාවක් ගැන හොයහන්, පොත් කියවහන්, ජිම් එකකට පලයන්, ක්රීඩාවක් කරහන්..
ඒ ඔක්කෝටම වඩා දැනට උඹ ගාව නැති හැකියාවක් වැඩිදියුණු කරගන්න කාලය යොදවන එක තමයි ගොඩක්ම සාර්ථක වැඩේ.
ඒ හැකියාව ඉංග්රීසි වගේ භාෂාවක් වෙන්න පුළුවන්, ග්රැෆික් ඩිසයින් වගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දෙයක් වෙන්න පුළුවන්, පොඩි ව්යාපාරයක් වෙන්න පුළුවන්.
වර්ධනය කරගන්න ඕන හැකියාවන් ගැන වැඩි තේරුමක් නැති කාලෙක ඔහොම සිද්ධිවලදී මම වර්ධනය කරගත්තු හැකියාව තමා “ලිවීම” කියන්නෙ.
පහුගිය අවුරුදු පහ ඇතුලත මගේ ෆේස්බුක් පෝස්ට් කියෙව්වොත් මගේ ලිවීමේ හැකියාව කොයිතරම් වර්ධනය වෙලාද කියල උඹලට බලාගන්න පුළුවන්.
ඇත්තටම මානසික පීඩනයකින් ගැලවෙන්න බලාගෙන මේ වගේ අලුත් දෙයක් කරන්න ගනිද්දී ඔබ ගොඩක් වැඩි ජවයකින් ඒ දේ කරන්න පුලුවන්. මොකද ඒක කරන්න උඹට හේතුවක් තියෙන නිසා..
ඒ වගේම කිරි පුතේ උඹ මේ වෙනකන් අරක්කු සිගරට් කටේවත් තියපු නැති එකෙක්නම් කෙල්ල දාල ගියාට කමක් නෑ.. ඒ පැත්ත බලන්නවත් එපා..!!
කොල්ලෙක් බොන්න ඕන එක්කො බොන එක අත්හදා බලන්න, නැත්නම් කෙල්ලො සම්බන්ධ නැති වෙනත් හේතුවකට.
කිසිම දවසක තමන්ව අතරමං කරල පැනල ගිය කෙල්ලෙක් වෙනුවෙන් උඹලගෙ මයිල් ගහකටවත් හානියක් කරගන්න එපා..!!
ඒ වගේම මොන තරම් අසාධාරණ විදියට නැවැත්තුවත් ඕනෑම කෙල්ලෙක්ට තමන්ගේ සම්බන්ධතාවය නැවැත්වීම ගැන සමාජයට සාධාරණ කරුණක් ඉදිරිපත් කරන්න වෙනවා.
ඉතිං “මට ඊට වඩා සල්ලි තියෙන වෙන එකෙක් හම්බවුනා” කියල එයාලට නිකන්ම කියන්න බෑ..!
හැබැයි ඔතනදී උඹල අතින් වෙන වචනෙක අතපසුවීමක් තමන්ගෙ වාසියට හරවාගන්න ඔයවගේ චරිත දක්ෂයි. මේ හින්දා කොහෙවත් යන කෙල්ලෙක් හින්දා සමාජෙන් බැනුම් අහගන්නෙ නැතුව එතනින් ඉවත්වෙන එක තමා කරන්න පුළුවන් හොඳම වැඩේ..
සමහරවිට හිතෙයි, අඩුගානෙ බනින්න තිබ්බා, ගහන්න තිබ්බා, නැත්නම් මරන්න තිබ්බා වගේ දේවල්..
නමුත් පලිගන්න පුලුවන් හොඳම ක්රමය ඒක නෙවෙයි..!
පලිගන්න පුලුවන් හොඳම ක්රමය තමා තමාව හැරයන කෙනාට ඇය ගත්තු තීරණය වැරදි බව හැඟීමට සලස්වන එක.
මං හිතන්නෙ කොල්ලෙක් ජීවිතේ එක වතාවක් හරි මේ වගේ ප්රතික්ෂේප කිරීමකට, හැරයාමකට මුහුණ දෙන්න ඕන.
එතනදී ලැබෙන අත්දැකීම්වලින් ඔහු පාඩම් ඉගෙනගන්නත් ඕන.
ඒක තමන්ගෙ අනාගත සහකාරියව තෝරගනිද්දි වැදගත් වෙනවා.
උඹල මොන කෙල්ලගෙන් මොන පාඩම ඉගෙනගත්තත් අන්තිමට බඳින කෙනාව හරියට නොතේරුවොත් ඉස්සරහ කසාද ජීවිතේ තනිකර අපායක් වෙලා බිරින්ඳෑ යම රැජින වෙලා නවතින්නෙ.
දැන් ඔය මොන රජ්ජුරුවොත් ගෑනිට බයයි, ගෑනි කිව්වොත් ගෙයින් එලියට අඩියක් තියන්නෙ නෑ වගේ ටෝක් දෙන්නෙත් අන්න එහෙම අනාගත්තු අයියලා තමා.
තමුන්ට තමුන්ගෙ කෙල්ලව නීති දාල පාලනය කරන්න සිද්ධ නොවෙන, කෙල්ලටත් අමුතුවෙන් නීති දාල උඹලව පාලනය කරන්න නොවෙන තැනක සම්බන්ධතා ගොඩක් ලේසියි..!
අන්න එහෙම සම්බන්ධතාවක් රැකගන්න. ඒ වගේ කෙල්ලෙක්ව තියාගන්න උපරිම උත්සාහ කරන්න..!!
එහෙම සම්බන්ධතාවක් හම්බ වෙනකන් ඔය වෙන්වීම්, හැරයාම්, වගේ කටු ටිකක් කොහොමත් කන්න වෙනවා.
ඉතිං ඒ කටු ටික දැනට කාහල්ලා..
හැබැයි කෙල්ලෙක් හින්ද ගෙම්බෙක් වෙන්න එපා..!!
උපුටා ගැනීම: |සජිත් පුෂ්පකුමාර|

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!