මේක වුනේ 2016 නැත්තන් 2017….
ඔය සිද්ධිය මතක් වුනේ අද වෙන්ඩ බිරින්ඳෑ එක්ක කොටුවේ රවුමක් ගහල ගෙදර එනගමන් සෙත්සිරිපාය දැක්කම….
ඔන්න ඉතින් කොලු ගැටයා උසස්පෙල ලියලා සමත් වෙලා ගෙදර ඉන්නකොට නිකන් කම්මැලිකමට අහුවෙන හැම බාහිර උපාධියටම දානවලු. ඇයි හද්දෙයියනේ කොළඹ ලොකු ඉස්කෝලෙකට ගිය පලියට ලොකු රිසල්ට් නෑ නෙව. ලොකුවට ඉස්ස්කෝලේ නම විතරයි.
කෝමත් IT උණ තිබ්බේ ගෙදරට 3 වසරෙදි වගේ අයියාට කොම්පූටර් පන්ති අරිනකන් ඒ පන්තියේ විදුරු ගෙවෙනකන් ඒකේ එල්ලිලා ඉඳලම. ඔන්න ඒ අස්සේ මොරටුව තාක්ෂණ විශ්වවිද්යාලෙන් එනවා සහතිකත් අරන් එන්න කියලා. හරිනේ ඔය කොරේ අපි නැග්ගොත් අර මොකේදත් දෙබලක් කිව්වලු. කොම්පියුටරේක usb port එකෙන් රිංගලා dvd rom එකෙන් එලියට ආව මනුස්සයා වුනාට කොහෙද කියපල්ලකෝ සහතිකයක් කියලා නාමයක් ලඟ නෑ. සන්තෝසයි ඉතින්. උප්පැන්න සහතිකෙයි O/L, A/L රිසල්ට් ශීටුයි අරන් ගියා ඉතින්. දැන් ඉතින් පානදුර බස් එහෙක එල්ලිලා වෙලාවටම එතනට ගොඩ බැහැලා නිකන් බණ්ඩා කොලඹ ගියා වගේ දැන් මම ඉන්නවා.
කෝමින් කෝමහරි දැන් ඔන්න ඇතුලට ගියා ගියාම දැන් හෙන ප්රශ්න ලෝකයයි. ඔක්කොටම උත්තර දුන්න කියමුකෝ. ඔන්න ආපි ඒ සුන්දර මොහොත. “ගන්නකෝ බලන්න පුතා සහතික එහෙම”… ඕයේ දැන් නිකන් මම අර බල්ලා ඉන්නේ දත් 32ම එලියට දාගෙන. අන්න ඒ හිනාව දාගෙන මම ඉතින් දුන්නා දැන් ෆයිල් එක. දිග ඇරපු ගමන් මිනිහගේ මූන නිකන් අර කරත්තෙට අහුවුන කජුලෙල්ල වගේ.
සර්- “කෝ පුතා මේකේ කිසිම IT සහතිකයක් නෑනේ.ඇයි ඒ?”
මම- කෝස් කරේ නෑනේ සර්.
සර්- එතකොට entrance exam එකට ලකුනු 98ක් ගත්තේ.
මම- self study
සර්- හම්ම්ම්.
කොහොමින් කොහොම හරි උපාධියට මගේ නමට පුටුවකුත් වෙන් වුනා. ඔය වැඩ ඉවර වෙද්දි බඩේ ඉන්න හිඟන්නට සාගතේ වගේ. අනේ වාසනාවන් “සෞඛ්යයට සම්මාන අර මොකේද රෑශ්” වගේ අහුවුන පලවෙනි කඩෙන්ම කෑව. බඩකට ෆුල් වෙන්න කාලා එහෙම බස් රථයකට ගොඩ වුනා. දැන් ඉතින් බස් එකේ ෆුල් හැපියේ ඉඳන් ඉන්නවා. හිතත් ෆුල් බඩත් ෆුල්…. ඔහොම විනාඩි 10ක් වගේ යද්දි බඩ ඇතුලෙන් පොඩි විපරියාසයක් වේගෙන එනවා වගේ. අනේ කමක් නෑ තව පැයක් වගේ යද්දි ගෙදරනේ කියලා අර 3 idiots එකේ වගේ All is well කියලා හිටියා. මොන මෙන්න තව විනාඩි 5ක් වගේ යද්දි බඩ නිකන් බෙංගාල බොක්ක වගේ. තිබ්බ අවපීඩන තත්වේ දැන් නිකන් සුලි කුණාටුවක් ගානට ඇවිල්ලා. හම්මේ ඉතින් දැන් නිකන් එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා.
ඒ අස්සේ කරුමේ කියන්නේ පාරේ ට්රැෆික් එක නිකන් අර මොකද්ද වගේ වැඩි වුනා. හම්මා දැන් සුලි කුනාටුවත් උපරීමේට එනවා වගේ. ඉන්න බැරිම තැන ගූගල් මැප් එකත් දාලා බලනවා තව කොච්චර වෙලා යයිද කියලා. අනේ කියන්න සන්තෝසයි පින්වතුනි ට්රැෆික් එකත් එක්ක වෙලාව පැය එකාමාරකටත් එහා යනවලු. දෙවියනි ඔබලාට සතුටුද???
අනේ මිතුරනී දැන් නම් සුලි කුනාටුව සිමා මායිම් බිඳ ගෙන යන්න හදන්නේ. ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය කිව්වට මට නම් දැන් තව ඉවසුවොත් බස් එකත් හෝදලා ලැජ්ජාවේ ලය පැලිලා මැරිලා සුදු කොඩි දාන්න වෙනවා ශුවර්. ඕන මගුලක් කියලා බස් එකෙන් බැස්සා බැස්සෙත් නිකන් ඔන්න ගියා මෙන්න ගියා වගේ. බැහැලා වටපිට බැලුවා පේන මානෙක ගෙදරක් නෑ. ලඟම තිබ්බ කඩෙන් ඇහුවා වොශ්රූම් එකක් තියේද කියලා. අනේ අපිට ඒම එකක් නෑනේ කියපි මේකා. මට අහන්න හිතුනා යකෝ එතෝට දොට්ට පිලට යන්නේ නැද්ද තොපි කියලා. ඕන මගුලක් කියලා රාජ්ය සේවයේ පිහිට පතාන රිංගුවා සෙත්සිරිපායට. හම්මේ ඇතුලට ගියා දැම්මා රබර් ඇහැ. වැසිකිලියක් පේන මානේ නෑ. ඕන මගුලක් කියලා තව වටයක් කැරකුනා.
අනේ ඉතින් ඒ වාසනාවන්ත දසුන හම්මේ නිවන් දැක්කා වගේ. හැල්මේ ගියා ඇතුලට. ඒ මොහොත තමා මොහොත. හම්මේ ඉතින් මොනා කියන්නද සුලිකුනාටුව ඉවරයි. හිමීට වැඩ ටික එහෙම කරගෙන එලි බැහැලා ගෙදර ආවා.
ඔය සිදුවීම අර උන්දැට කිව්වම ඒ ඇත්තිට බඩ කොරවෙනකන් හිනා. ඒත් ඉතින් ඒ කාලේ තිබ්බ පෞද්ගලික ප්රශ්න නිසා ඒ උපාධී හීනෙත් බොඳවුනා…..
තවත් හුටපටයක් එක්ක ආයේ එනකන් මම ගියා….
උපුටා ගැනීම: Tharindu Naveendra Dilshan