බක්මහේ අසිරිය හොඳටම විඳපු හරිම ලස්සන කාලයක් ඒක.කොහා කෑගහන සද්දේ,ගමේ ගෙවල්වල රබන් ගහන හඬ,කැවිලි සුවඳ එක්ක හරි අමුතුම සුන්දර හැඟීම් ගොඩාක් දැනෙන කාලයක්.ඒ කාලෙ එයා හිටියෙ දහය වසරෙ.ඒක හරිම ලස්සන කාලයක්.දැන් කොහොම උනත් එයා ඒ කාලෙ ලස්සන ළමයෙක් නෙමෙයි.දිග කොන්ඩයක් තිබුනා.දුඹුරැපාට හමක්.පාට මොනා වුනත් සමහර ගෑනු ළමයි ඉන්නවනෙ හරිම දැකුම්කළු,සුන්දර අය.ඒත් මේ ගෑනු ළමය එහෙම බැලූ බැල්මට ලස්සනක් තිබුනු කෙනෙක් නෙමෙයි.ප්‍රේමාරාධනා ගොඩක් ලැබෙන කාලයක් ඒක.නෑ මං කිව්වේ මේ ගෑනු ළමයට නම් එහෙම ආරාධනා ලැබුණේ නෑ.ම්ම්ම්ම්…නෑ..එකම කෙනෙක් හිටියා මතකයි ඉස්කෝලේ.එයා නම් නිකන් සිරිතට වගේ අවුරැදු දෙකක් තිස්සේම පස්සෙන් ආවා තමයි.ඒත් ශෂධරාට එයාට හිත ගියේම නෑ.ඇගේ නම ශෂධරා තමයි.ඒකෙ තේරැම සඳ කියන එක.ඇත්තටම ඒ නමට ගැලපෙන කිසිවක්ම ඈ ලඟ තිබුණේ නැති බවයි මගේ හැඟීම.
ඒත් ඉතිං දුවෙක් කියන්නෙ තාත්තා කෙනෙකුගේ මුළු ලෝකයම කියනවනේ.ශෂධරාගෙ තාත්තටත් ඒක එහෙමමයි.ඒ නිසයි තමාගෙ පොඩි දුවට ශෂධරා කියන නම දුන්නේ.නමුත් ඈ සඳක් වගේ සුන්දර හෝ සෞම්‍ය කෙනෙක් උනේ නෑ.අවුරුදු සිරිය මුළු ගමේම පැතිරිලා තියෙන මොහොතක ශෂධරා ඇගේ අක්කත් එක්ක ගමනක් යන්නයි ලෑස්ති උනේ.අද ගමේ අවුරුදු උත්සවය.පවුලේ හැමෝම,ගමේ හැමෝම මේකට යනවා.ඒක හරි විසිතුරු අවස්ථාවක්.හරිම සතුටු හිතෙන අවස්ථාවක්.ඉතිං ශෂධරා අක්කා සමඟ යන්න ලෑස්ති වෙද්දි පවුලේ අනෙක් සහෝදරියො ටිකත් ගෙදරට ආවා.හැමෝම යන්න පිටත් උනා.
ගමේ හැමෝම මෙතනට ඇවිල්ලා හිටියා.ලිස්සන ගහ,කනා මුට්ටි බිඳීම,අලියට ඇහැ තැබීම,කඹ ඇඳීම වගේ ක්‍රීඩා ගොඩයි.සිනා ගොඩක්,සතුට ගොඩක් බෙදන තැනක් එතන.
“”නංඟි අරය බලන්නකෝ…එයා ලස්සනයි නේ..?”
මේ අතරෙ ශෂධරාගෙ අක්කා කියනවා.ශෂධරා වටපිට බැලුවේ මේ කියන්නෙ කවුරැ ගැනද බලන්න..”
“කවුද අක්කා”?
“අර ඉන්නෙ කහපාට ෂර්ට් එකක් ඇඳලා..එයා දැන් කීප සැරයක් මේ පැත්ත බැලුවා.”
අක්කා කියපු දිහාව ශෂධරා බැලුවා.ඇත්ත..ඔහු ඉතාම කඩවසම් තරැණයෙක්.කෙට්ටු උස ගොඩක් සුදු කෙනෙක්.ඔහු ඇඳගෙන හිටියෙ කහපාට ෂර්ට් එකක්.ඒ පාට නිසා ඔහු තවත් කැපිලා පෙනුනා.ඔහු අනිවාර්යයෙන් බලන්නේ අක්කා දිහා.මොකද අක්කා ඉතාම ලස්සන කෙනෙක්.විනාඩි කිහිපයකින් ශෂධරාට යමක් දැනුනා.එය පුදුමයක්.ඒත් අක්කා එය සනාථ කලා.
“නංඟි එයා බලන්නේ මං දිහා නෙමෙයි ඔයා දිහා..”
ඔව් ඇත්තටම ඔහු බැලුවේ ශෂධරා දිහා.ඇස් වලින් ගොඩක් කතා කියන්න ඇති.ඒ ඇස් දිහා බලද්දි කකුල් දෙකෙන් පටන් ගෙන විදුලියක් ඇඟ පුරා යනව වගේ මහ අමුතු හැඟීමක් ශෂධරාට දැනුනා.ඔහු දිහා හැම ගෑනු ළමයම බලන්න ඇති.ඔහු ඒ තරම් කඩවසම්.ඒත් ඔහුගේ දෙනෙත් තිබුණේ ඈ මතමයි.අන්තිමේ කොහොමහරි ශෂධරාට ඔහු කතා කලා.
“මෙි ලඟද ඉන්නේ..?හෙට එහා ගමේ අවුරුදු උත්සවේටත් එනවද?”
“ලඟ ඉන්නෙ.හෙටනම් එන්නෙ නෑ”
ඔන්න යන්තම් කතාකරපු වචන ටික.එච්චරයි..එච්චරමයි..ගමෙිම මිනිස්සු ඉදිද්දි පණ බයෙන් ඒ ටිකවත් කිව්වේ.හනේ ඉතිං නමවත් දන්නෑ.ඒත් කහපාට ශර්ට් එක මුළු හිතේම වෛවර්ණ චිත්‍රයක් ඇඳලා තිබුනා.නමක් ගමක් දන්නේ නැති ඔහුට අක්කලා නංගිලා දාපු නම තමයි “කහපාට ශර්ට්”.
“මේ ඔයා මෙයාට මෙහෙටත් එන්න කිව්වද”?
අක්කා අහන්නෙ පහුවදා එයාලගෙ අවුරුදු උත්සවයේ ලියකියවිලි වැඩ කරද්දි.ඇත්තටම මේ අවුරුදු උත්සවය කලේ ශෂධරා ගෙ තාත්තගෙ සමිතියෙන්.ඒ නිසා තරඟ වලට නාම ලේඛන ගන්න වැඩ,තෑගි බෙදාදීම කලේ ශෂධරාගෙ පවුලේ අය.ශෂධරා අක්කා පෙන්නපු දිහා බැලුවා.ඔහු අදත් ඇවිත්.
“කහපාට ශර්ට්”
හිත අසාමාන්‍ය ලෙස ගැහෙද්දි ශෂධරා ඇගේ දිගු කොන්ඩය තදින් අල්ලා ගත්තා.ඔහු ඈත සිට ඈ දිහා බලාගෙන හිටියා.තරඟ වලට නම් දෙන මුවාවෙන් කාර්යාලයට ආ ඔහු ශෂධරා දෙස බැලුවේ තරවටු බැල්මක්.
“ඊයෙ අහද්දි අවුරුදු උත්සවේ බලන්න එන්නෙ නෑ කිව්වේ..බොරැකාරි….බලද්දී අවුරුදු උත්සවේ කරන්නෙම මෙයාලනෙ”
ඔහු කියන්නෙ සිනාවෙමින්.ශෂධරාත් සිනාසුනා පමනයි.වෙන කිසිවක් කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.පෙර ලෙසම දෑස් කතා කලා පමනයි..
දවසම….පැය ගානක්…දෑසින් කතා කලාම පමනයි.හිත් කොතරම් දේ කීවාද..කෙතරම් දුර ගියාද…..නැහැ..මම එය දන්නේ නැහැ.ඒත් ඒක හරි වේදනාවක්.එය පමනක් මා දන්නවා..
ඉන්පසු තව එකම එක වතාවක් පෙරහැර බලන්න ගිහින් නගරයේදී ඔහුව දුටුවා.ඒත් කහ ශර්ට් එකෙන්මයි.
“මෙයාට තියෙන්නේ එක ශර්ට් එකයිද?”
අක්කා ඇහුවා.ඒත් ඇයත් දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා.කොතනක දැක්කත් ඔහුව හඳුනා ගන්නට අවස්ථාවක් දෙන්නයි ඔහුට ඕනි උනේ.ඉතිං දුටු තත්පරෙන්ම ඔහු ඇසට ග්රහනය උනා.ඒත්….කතාකරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.
ඔහුගේ නමවත් ඇය දැන සිටියේ නෑ.කහපාට ඇඳුමක් දකින හැම වරකම ඈ නැවතී බැලුවා.ඊට වඩා දෙයක් කරන්න,ඔහු ගැන කාගෙන්වත් අහන්න ඈට අවස්ථාවක් ලැබුණේ නෑ.අවුරුදු දහසයක කෙල්ලෙක්…විශේෂම දේ ඇය එවිට කාගෙවත් අවධානය යොමු නොවූ කැත කලු තාරාවෙක්.ඒත් ඔහු ඈ දිහා බැලුවා.
ඔහු ඉතාම කඩවසම් කෙනෙක්…කලු කැත තාරාවා ඔහු ගැන මතකයේ තියාගෙන හිටියා.ඔහු හමුදාවට ගිය බව පසුව ආරංචි උනා.
ඒ ආකර්ශනයද,ඇල්මද,කැමැත්තද,ආශාවද,ආදරයද මම දන්නේ නැහැ..නමුත් දහයක් සුන්දර ලස්සනම කෙල්ලන් තමා දෙස බලද්දී ඒ “කහ ශර්ට්” බැලුවේ කලු කැත තාරාවා දිහායි.ඒ නිසා ඒ කලු කැත තාරාවා අන් අයගේ ආකර්ශනය ලබන හංසයෙකු වූ දවසේත් ඈට ඔහු මතක් වෙනවා.සමහරවිට ඔහුට මතක් නොවෙනවා අැති.
ඔබත් ඔබ නොදන්නවා උනාට කාගෙ හරි හිතක සුන්දර මතකයක් වෙලා ඇති.”කහ ශර්ට්” ඔයා හරි ලොකු,හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක්.ඉන්න තැනක සතුටින් ඉන්න කියලා වර්තමාන දෙදරැ මවක් වන නීතිඥවරියක් වන ශෂධරා මතක් වෙන හැමමොහොතෙම පතනවා.ජීවිතේ එෙහමයි..ලැබෙන දේවල් සතුට සැනසීම ගෙනෙද්දි නොලැබුනු දේවල් වටින මතක වෙලා හදවතේ හැමදාම රැඳෙනවා.
“අතින්වත් අත නාල්ලා-අපි කොහොම බැඳුනාද මන්දා”
අතින් නෑල්ලුවාට හිත් බැඳුනම ඒක කවදාවත් අමතක කරන්න බැරි මතකයක්.
උපුටා ගැනීම: Chanu Weerasinghe