Kairos (2020) (විනෝදාස්වාද )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
• ★★★★★★★★★★ | 10/10
• Drama / Thriller / Fantasy
10 : 33 ⏳
මේ අවුරුද්දෙ ආපු Drama වලින් හොදම 5 ඇතුලට දාන්න පුළුවන් Drama එකක් මේක ! ඒ වගේම පට්ටම Underrated වගේම Hidden Gem එකක් ! 🖐️ මේකට ලැබෙන්න ඕන අවධානය නොලැබුනු මීට වඩා ඒත් ලොකු අවධානයක් ලැබෙන්න ඕන සුපිරි ගණයේ Korean Drama එකක් ! 🇰🇷
කතාව ගැන බැලුවොත් මේකත් තියෙන්නෙ Signal / Call Concept එකම තමා..හැබැයි Concept එක විතරයි ! 📺 Ae Ri කියන්නෙ Part-Time Job එකක් කරන තමන් ගෙ අම්මට හදවතක් බද්ධකරන්න උත්සාහ කරන කෙනෙක්..ඒත් හදිසියේ ම මෙයාගෙ අම්මගෙ රෝගය දරුණු තත්ත්වයට හැරෙන නිසාම රෝහල් ගතකරනවා..ඊටපස්සෙ රෝහලට ආපහු Ae Ri යද්දි Ae Ri ගෙ අම්මා අතුරුදහන් වෙලා..
ඔය වෙලාවෙ තමා Ae Ri ට Kim Seo Jin කියලා මනුස්සයෙක්ගෙන් Call එකක් එන්නෙ..මෙයා කියන්නෙ Ae Ri ට වඩා දවස් 31 ක් ඒ කියන්නෙ හරියටම මාසයක් අනාගතයෙ ඉන්න කෙනෙක් කියලා..Ae Ri මේක මුලින් විශ්වාස නොකලත් පස්සෙ එයාට විශ්වාස කරන්න සිද්ධ වෙනවා සිද්ධ වෙන සිදුවීම් නිසා..🖐️
Kim Seo Jin කියන්නෙ සුවපහසු ජීවිතයක් ගතකරන ලොකු ඉදිකිරීම් සමාගමක අධ්යක්ෂකවරයෙක්..ඒත් හදිසියේම තමන් ගෙ දුව පැහැරගෙන යාමත් තමන් ගෙ බිරිදගෙ සියදිවි නසාගැනීමත් නිසා Seo Jin ට ලොකු ප්රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා..ඉතින් Kim Seo Jin , Ae Ri ගෙන් ඉල්ලන්නෙ තමන් ගෙ දුවව පැහැරගැනීම නවත්තන්න කියලා..⏳ඒ වෙනුවට එයා Ae Ri ගෙ අම්මව හොයලා දෙන්නම් කියලත් කියලා..
මොකක්හරි හේතුවක් නිසා Kim Seo Jin ට අහිමි වුන ඔක්කොම ආපහු හරි ගස්සන්න අවස්ථාවක් ලැබිලා තියනවා..( ඒ මොකක්ද කියලා දැනගන්න මේක බලන්න..) ඒ වගේම Ae Ri ටයි Kim Seo Jin ටයි කෝල් කරන්න පුළුවන් හරියටම රෑ 10.33 ට..ඒකත් විනාඩියක් වගේ පොඩි කාලයක්..⏳10.34 වුන ගමන් කෝල් එක කට් වෙනවා..ඊටපස්සෙ මැසේජ් විතරයි පුළුවන්..
ඉතින් මේ දෙන්නා මේ අවුල විසදයිද ? තව මොන මොන දේවල් සිද්ධ වෙයිද ? ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා 🙂👌
විශේෂයෙන්ම කියන්න ඕන මේකෙ Director යි Screenwriter යි ගැන..Director Korean Drama 3 ක් වගේ අධ්යක්ෂණය කරලා තියෙන්නෙ..🎥Screenwriter මේක නැතුව එක Drama එකකට විතරයි එකතුවෙලා තියෙන්නෙ..🎬හැබැයි මේකෙ නම් වැඩේ Perfect 👌🔥 මේකෙ Screenwriter වෙන Lee So Hyun අවුරුදු 3 ක් තිස්සෙ සුපිරියටම ලියපු Script එකක් ! 😯🔥
අනිත් දේ මේකෙ Cast එක..Vagabond , The Last Empress එකේ එහෙම Shin Sung Rok , Memorist , Vampire Detective වල එහෙම හිටපු Lee Young තමා Main Lead..🖤 ඒ වගේම Cast එකේ හිටපු අනිත් ඔක්කොම පට්ට..සුපිරි ගණයේ Acting 🔥😍 මේ ටයිප් එකේ ගොඩක් ඩ්රාමා ගොඩක් ප්රශ්න ඉතුරු කරලා තමා ඉවරවෙන්නෙ ඒත් මේක නම් වෙනස්..ඉවරවෙද්දි කිසිම ප්රශ්නයක් ඉතුරු වුනේ නෑ..ඒ තරම් Perfect Plot එකක්..👏
අනික මේක අතීතය , වර්තමාන අතර Scenes , Characters මාරුවෙන් මාරුවට ගානට බලන කෙනා Confuse නොවෙන්න නියෙමට ගෙනිච්චා 👌හැම එපිසෝඩ් එකම මාරම කුතුහලයෙන් වගේම Twisting 👌100% Thrilling 👌 එපිසෝඩ් 16 ක් තියනවා..අවිවාදයෙන් තොරවම මේ අවුරුද්දෙ ආපු සුපිරි ගණයේ Korean Drama එකක් වගේම මේ අවුරුද්දෙ ආපු නැරඹිය යුතුම Korean Drama එකක් මේක ! 👏❤️📺 
උපුටා ගැනීම: Sithum Ishara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!