රිදී තිරයේ ඇයට ඔහුගේ රුවට වඩා වෙනකෙකුගෙ රුව වඩා හොඳින් ගැලපෙන වග සැවොම කියද්දි ඔහුට ඉරිසියා හිතෙන්න ඇති..
නමුත් ඉරිසියාවට වඩා ආදරය බර වැඩි වෙන්න ඇති
ඒ නිසා ඉවසන්න ඇති
රිදී තිරයේ කාට හිමිවුනත් ඇගේ හදවත හිමි ඔහුට පමණක් වග ඇතිවුන විශ්වාසය ඒ ආදරය රකින්නට ඇති..
සමහර වෙලාවට පෙම්වතියො,බිරින්දෑවරු පෙම්වතුන්ගෙ සැමියන්ගෙ හිත රිදවන්න නොරිසි නිසා ඔවුන් අකමැති නමුත් තමන් කැමති දේවලින් ඉවත්වෙනවා, සමහර විටෙක ඔවුන් ඒ සඟවාගන්නෙ ලෝකයක් අගය කල ඔවුන්ගේ දක්ෂතාවයක් වෙන්න පුලුවන්, කාජල් කාලයක් නිහඬවෙලාම හිටියා ,ඒ බිරිඳක් විදියට අජේට මුල් තැන දීලා,පවුල් ජීවිතයට මුල් තැන දීලා,ඒ ඇය ජනප්‍රියත්වයේ ඉහළ හිනි පෙත්තේ ඉදිද්දි තමන්ගෙ විවාහය වෙනුවෙන් කල කැප කිරීම,ඇගේ ඉවසීම, පහසුවක් වෙන්න ඇති කියලා මම නම් හිතන්නෙ නෑ.
නමුත් කාලයත් එක්කම නැවතත් ඇයට ශේස්ත්රයට එන්න ඉඩ කඩ ඇතිවෙනවා, දිල්වාලේ තුලින් ශාරුක් සමඟ ඇය නැවතත් ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉහල නංවමින් තිරයේ පෙම්වතුන් බවට වසර ගණනාවකට පසුව පත්වෙනවා.. නැවතත් ඔවුන්ගේ on screen chemistry එක ගැන කතා වෙනවා, එදා වගේම
වක්කඩ කැඩුවා වගේ කියවන කාජල් එක්ක බැලුවම අජේ හරි නිහඬ පුද්ගලයෙක්, කාජල් උළු උඩ යන්න හිනා වුනාට අජේ හිනාවෙන්නෙත් යාන්තමට වගේ, දෙන්නෙක් ගැලපෙනවාද කියා සමාජය සොයන සියලුම භාහිර ,අභ්‍යන්තර කාරණා කියන්නෙ කොයිතරම් පටු නිගමනයන්ද කියලා හිතෙන්නෙ මේ යුවළ දුටුවාම නොවේද?
එක්තරා rapid fire වැඩසටහනකදී අජේ සහ කාජල් දෙදෙනාගෙන්ම අසන්නේ ඔවුන්ට එකිනෙකාගෙන් ලැබුන surprises මොනවාදැයි කියායි, ප්‍රශ්ණය යොමුවූ සැනින් අජේ කියන්නේ
“මම කවදාවත් ඇයව මවිත කරන්නට කිසිවක් කර නැහැ, මම හරිම boring කෙනෙක්”,
ඔහු නැති දෙයක් මවා පාන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් කියනවා,
නමුත් කාජල් එයට එකඟ වන්නේ නෑ, ඇය කියනවා” නෑ නෑ ඒක එහෙම නෙමෙයි”.. ඉතින් ඇය කියනවා ඔහු විසින් ඇයට ත්‍යාග කල benz රථයක විස්තරයක් ..ඉන් අනතුරුව ඒ පැණය අජේට යොමුවෙනවා, කාජල් ගෙන් ඔහුට ලැබුන හොඳම surprise එක
” ඇය තවමත් මා සමඟ එකට ජීවත් වීම” ඒ පිළිතුර කාජල්ගේ හදවත ස්පර්ෂ කරනවා
ඔවුන් අතර ගැලපෙන හොඳම දේ එකිනෙකාව ඉවසීම සහ කැපකිරීම වෙන්න ඇති,හ්ම් සද්දයක් නැති අජේ, කාජල් ගෙ කියවිල්ල අහන් ඉන්න එකයි, තොර තෝංචියක් නැතුව කියවන කාජල් අජේට ඒ නිහඬ පිළිවෙත බිඳලා ඇය වගේ වෙන්න යැයි නොඉල්ලන එකයි අතරම ඔවුන් තමන් පුද්ගලයින් වශයෙන් වෙනස් ලක්ෂණ ඇති දෙදෙනෙක් වග පිලිගෙන නමුත් එකට ජීවත්වෙන්න එකිනෙකාගෙ වෙනස්කම් වලට ආදරය කරන්න ඒකමතික තීරණයකට ඇවිල්ලා වගෙයි.
හුදු ඕපාදූපයක් බෙදාගත්තායැයි නොසිතන්න සමාජයේ දකින්නට ඇති දේතුලින් යහපත් දෙයක් ඇතිනම් එය ඔබේ ජීවිතයට එක් කරගන්න, එක් අයෙක් වෙනස් කිරීමට උත්සහ දැරීම දෙදෙනෙක්ටම වේදනාකාරීයි,ඔබ ආදරය කරන ඔවුන්ව ඔවුන් ලෙසම පිළිගන්න, වැරදි ඇතොත් කාලයත් සමඟම ඔවුන්ට නිවැරදි කරගන්නට ඉඩ දෙන්න, ආධිපත්‍යයට සහ බලහත්කාරයට වඩා ආදරයට ඉඩ දෙන්න.. ඔබටත් මෙවැනි ආදරයක් හිමිනම් ඔබ වාසනාවන්තයි ඒ ආදරය රැකගන්න.
උපුටාගැනීමකී….
මූලාශ්‍රය: Ranjani Indi