බස් එකේ ගාන 350යි,
මම 500ක් දුන්නා,
ඉතුරු 150 දෙන්න මාරු නෑ කොන්ද්ස් අතේ
පස්සේ දෙන්නම් කියලාටිකට් එකේ ලියලා දුන්නා
හෙන බඩගින්නේ හිටියේ
සන්තකේටම තිබ්බ 500 තමයිදුන්නේ කොන්ද්ස්ට
පොරක් නැග්ගා කජු ටේස් කජු අරගෙන බස් එකට
පොර ඔප්ශන් 2ක් දුන්නා කට්සර්මර්ට
සල්ලි අඩුවෙන් ඇති කෙනාට පෑට්ටෙකක් 100යි
සල්ලි වැඩියෙන් ඇති කෙනාට පැකැට් 3ක් 250යි
හෝ ගාලා මිනිස්සු ගන්නවා
කජු ගන්න එක බස් එකේ ට්රෙන්ඩ් එකක් වුණා
මට එහාපැත්තේ එකාත් ගත්තා පැකැට් එකක්
කොන්දා ඉස්සරාහා වෙන සිහියක
මම බැලුවා මේ පැත්ත බලයි කියලා
කොන්දා බලන්නේ නෑ
බලපං අයියේ හිත කිව්වා
කෑගහලා ඉල්ලන්නත් මොකද්ද වගේ
අරූ ටිකකින් පැකැට් 3ම 200ට දෙනවා කීවා
වර්ශාවසාන සේල් වගේ
මෙන්න ආයෙත් ගත්ත නැති අයත් ගත්තා කලින් ගත්ත අය දිහා කින්ඩියට බලලා අත උඩින් ලාබ නිසා
ලඟ එකා ගත්ත පැකැට් එක කඩලා කනවා
අම්මෝ ජීව්තේට එහෙම කජුසුවඳක් ඇවිත් නෑ
කටට කෙල උනනවා සහ මම ඒ කෙල ගිල්ලා මොකද කෙලගහන්න බෑ මාස්කෙක
කොන්දා බලන්නේ නෑ මේ පැත්ත
අරූ ඔක්කෝම විකුණලා බැහැලා ගියා සල්ලි එ ෆ් ඩී දායි මයේහිතේ
කොන්දා ඉතුරු සල්ලි ගන්නෝ කියාගෙන ආවා
මම ගත්තා ඉතුරු සල්ලි කඳුලු පිරි දෙනෙතින්
අන්තිම කජු කෑල්ල කාපු එහා පැත්තේ එකා අත සැනිටයිසර් කරගත්තා
මම 150 සාක්කුවට දාගෙන හොඳ වතුර උගුරු 3ක් බීවා මම ගාව තිබුණ ඇක්වාෆිනා 500ml බෝතලෙන්.
උපුටා ගැනීම: Tharu Rajapaksha-