කාල දැවැන්තයකුගේ පිබිදීම – අදිසි කළු කුහර සැබෑවක්ද 2 (විද්යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කලින් ලිපියෙන් අපි කතා කළානෙ කළු කුහරයක් කියන්නෙ මොකක්ද කියල. මේ ලිපිය කියවන්න ආපු ඔයාල පළමු ලිපිය කියෙව්වනම් ඇත්තටම පොඩි හරි අදහසක් ඇති මේ අදිසි දැවැන්තයා ගැන. ඉතින් ඒ දැනුමත් එක්ක අද අපි බලන්න යන්නෙ කොහොමද කළු කුහරයක් උපත ලබන්නෙ කියලා.

කළු කුහරයක ඇතිවීම ගැන කතා කරද්දී නැතුවම බැරි කෙනෙක් තමා තාරකා කියන්නේ. ඒකට හේතුව හොයන්න කලියෙන් අපි බලමු ඇත්තටම තරුවක් හැදිල තියෙන්නේ කොහොමද කියල. අපි දන්නවා තරු සමන්විත වෙන්නෙ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයෙන්. ඉතින් මේ තාරකාවල හරය එහෙම නැත්තන් තාරකාවක ඇතුලෙ ගර්භය ඉතා අධික උෂ්ණත්වයකින් යුක්තයි. අපේ සූර්යයාගෙ නම් හරයෙ උෂ්ණත්වය කෙල්වින් මිලියන 15.7ක් විතර. මේ අධික උෂ්ණත්වය නිසා තාරකාවෙ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. දැන් මේ ලිපිය කියවන සමහර යාළුවන්ට ඇති වෙන ප්‍රශ්නයක් තමා මොකක්ද මේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් කියන්නෙ කියන එක. ඇත්තටම  පරමාණු කිහිපයක් එකතු වෙලා විශාල පරමාණු හදන එකටයි න්‍යෂ්ටික විලයනයක් කියන්නෙ.

NASA's new black hole simulation is mesmerizing - CNET

 

ඉතින් තාරකා මත මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු වරකට දෙක බැගින් එකතු වෙලා එක් හීලියම් පරමාණුවක් හදනවා. මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ඉතා විශාල ප්‍රමාණයකින් තරුව මත සිද්ධ වෙලා අධික  ශක්තියක් පිටවෙනවා. ඒ ශක්තියෙන් හයිඩ්‍රජන් වායුව මත බලයක් ඇති වෙලා එයාලව තාරකාවෙන් එළියට තල්ලු කරන්න හදනවා. ඒත් තරුවෙ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් අර හයිඩ්‍රජන් වායු අණු මත ඇති කරන බලයෙන් අණු තරුව දෙසට අදින්න හදනවා. මේ ඇදීමේ හා තල්ලු කිරීමේ බලයන් දෙක සමාන වෙලා ඇතිවෙන සමතුලිතතාවයෙන් තමා තරුවකට මෙහෙම පවතින්න පුළුවන් වෙන්නෙ.

කාලය ගත වෙනවත් එක්කම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා දිගින් දිගටම සිද්ධ වෙලා තරුවෙ ඉන්න හයිඩ්‍රජන් ප්‍රමාණෙ අඩු වෙලා යනවා. මේ නිසා ඇතිවෙන න්‍යෂ්ටික විලයන ගානත් පහල බහිනවා. ඒ නිසා න්‍යෂ්ටික විලයනයෙන් පිටවෙන ශක්තිය අඩුයි. හයිඩ්‍රජන් අණු මත ඒ ශක්තියෙන් ඇතිවෙන බලයත් අඩුයි. හැබැයි හයිඩ්‍රජන් අඩුවෙල ස්කන්ධය අඩු වෙන්නෙ සුළු වශයෙන් නිසා තරුවෙ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය තරමක් දුරට නියතව තියෙනවා. ඒ නිසා හයිඩ්‍රජන් අණු මත ඇතුලට තියෙන බලය එළියට ඇති බලයට වඩා වැඩි නිසා තරුව වේගයෙන් හැකිලෙන්න ගන්නවා. මේ විදිහට තාරකාව සංකෝචනය වුණත් ඒක ඒ වේගෙන්ම ආපහු පිපිරීමකට ලක් වෙනවා.

 

Forget The Black Hole Picture — Check Out The Sweet Technology That Made It Possible | FiveThirtyEight

මේ පිපිරීම හදුන්වන්නෙ සුපර්නෝවා පිපිරීමක් විදිහට. සුපර් නෝවා එකේ ප්‍රථිඵලය එක්කො නියුට්‍රෝන තාරකාවක්. එහෙම නැත්තන් කළු කුහරයක්. මේ දෙකෙන් කෝකද ඇති වෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ  කලින් තරුවෙ ස්කන්ධය මත. කලින් තරුව තරමක් විශාල තරුවක් නම් හැදෙන්නෙ නියුට්‍රෝන තාරකාව. මේ නියුට්‍රෝන තාරකා ගැනත් ඉදිරි ලිපියකින් අපි කතා කරමු. කලින් තාරකාව ඉතා විශාල තරුවක් නම් අපි මේ කතා කරන කළු කුහරය නිර්මාණය වෙනවා. මුළු ස්කන්ධයම මධ්‍යයේ එකතු වෙලා කළු කුහරයේ සින්ගියුලැරිටි ( cingularity ) එක හැදෙනවා.

ඔයාල හිතන විදිහට කළු කුහරයක් කොච්චර කල් ජීවත් වෙයිද? දැනට පරීක්ෂණවලින් හොයාගෙන තියෙන විදිහට කළු කුහරයෙන් පිටවන හෝර්කින්ග්ස් විකිරණ මගින් එහි ස්කන්ධය සම්පූර්ණයෙන්ම පාහෙ ඉවත් වෙලා මෙයා මියයන්න අවුරුදු ට්‍රිලියන ගණනක් ගත වෙනවලු.

ඔයාලට මතක ඇති මේ ආගන්තුකයා සාමාන්‍යයෙන් දර්ශනය වෙන්නෙ නෑ කියල මං කලින් ලිපියෙ කිව්වා කියලා. ඒත් ඇත්තටම මේ කළු කුහරයක සත්‍ය පින්තූරයක් ලබාගන්න පර්යේෂකයන්ට වර්තමානයේ  හැකිවෙලා තියෙනවා. ඒත් මොන විජ්ජාවකින්ද ඒ අදිසි කළු කුහරය මිනිස් දෑසට හසු කරගන්න හැකිවෙන්නෙ? ඒ ප්‍රශ්නයට පිළිතුරත් අරගෙන තවත් පෘථිවි දවසකදී ඉදිරි ලිපියකින් අපි හමුවෙමු.

චතුරිකා අබේසේකර

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

 

අදිසි කළු කුහර සැබෑවක්ද ? (විද්යා හා තාක්ෂණ)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!