කල හොද පස්සෙන් එලවන හැටි – රස්සා දීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න මේක මට සිද්ද වෙච්ච දෙයක්. දැන් අවුරුද්දකට විතර කලින් සිද්දියක්. කවුද අදාළ අය කියල හොයාගන්න බැරි වෙන්න පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරා ඉතින්. නමුත් සරලව කිවොත් ඇත්ත සිද්දියක්.
ගිය අවුරුද්දේ මට කතා කරා එක්තරා ගුරුවරයෙක්. මට උගන්නල නම් නැහැ. නමුත් අපේ ඉස්කෝලේ හිටිය කෙනෙක්. අපි එයාට කියමු ගාමිණි සර් කියල. එයා ගැන ඇත්තටම කිවොත් මට වැඩිය දැනුමක්, නැහැ. ඉස්කෝලෙදි කිහිප සැරයක් කතා කරලා ඇති. එයා කතා කරලා කියනවා “මට පුතාගේ නොම්බරේ දුන්නේ සමන් පුතා (සමන් නෙවේ ඇත්ත නම. අපේ ඉස්කෝලේ හිටිය වෙන කෙනෙක්). පුතා, මට පුතාව හම්බෙන්න ඕනේ. මේ පැත්තේ එන්නේ කවද්ද?” කියල. මම ඇත්තටම ඒ සර් කියන පැත්තට යැවෙන්නේ නැහැ. අනික කොවිඩ් කාලේ නේ. (මේ අර කොවිඩ් දෙවැනි වේව් එක එන්න කලින්. එත් ඉතින් ඒ දවස් වලත් ගමන් බිමන් සිමා කරන්න කියල නේ තිබ්බේ.
මම ඉතින් කිව්වා මේ දවස් වල නම් වැඩිය එවෙන එකක් නැහැ. කොවිඩ් ප්රශ්නෙයි, තියන වැඩ වැඩි කමයි කියල (ඇත්තටම වැඩ ටිකක් වැඩි වෙලා තිබ්බේ ඒ දවස් වල). ඉතින් සර් කිව්වා “එහෙමද? පොඩ්ඩක් ඇවිල්ල යනවද පුතා, පොඩි හදිස්සි වැඩක්” මම ඉතින් ඇහුව “මොකද්ද සර් ඒ” කියල. එයා කිව්වා “එකනම් ෆෝන් එකෙන් කියන්න අමාරු දෙයක්. පුතා ඇවිල්ල යන්නකෝ වෙලාවක” කියල. ඉතින් මමත් බැලුව යන්න වෙලාවක් හොයාගන්න. කොහොම හරි බිසී වැඩත් එක්ක බැරි උනා. ආය දවස් දෙකකින් විතර කතා කරනවා මට සර්. මම ආයෙත් කිව්වා වීකෙන්ඩ් ඒකෙ වගේ එන්න බලන්නම් කියල. එතකොට ඉතින් ටිකක් නෝක්කාඩුවට වගේ හා කිව්වා. මම ඉතින් ඒ ඉරිදා දාගන තිබ්බ වෙන වැඩ වගයක් කැන්සල් කරලා සර්ගේ ගෙදර යන්න දාගත්ත. ආයෙත් ඔන්න සෙනසුරාදා උදේම කතා කරනවා මට. මම කිව්වා ඉරිදා උදේ එනවා කියල.
සාමාන්යෙන් මම ඉතින් ඔය වගේ එන්න කිව්ව පලියට යන්නේ නැහැ. නමුත් මොකක් උනත් ඉස්කෝලේ හිටිය ගුරුවරයෙක්නේ කියල ගියා.
කොහොම හරි ඉතින් ඔන්න මම ඉරිදා උදේ කේක් එකකුයි, කෙහෙල් ගෙඩි ටිකකුයි, බීම එකකුයි අරගන ගියා එයාලගේ ගෙදර. ඔන්න මං යද්දී එයා නැහැ. එයා ගිහිල්ල එයාගේ වත්තට. මම ඉතින් එයාගේ ගෙදර හිටිය එයාගේ නෝනා වගේ කෙනෙක්ටයි, පුතා වගේ වෙන කෙනෙක්ටයි කිව්වා මට එන්න කිව්වා එහෙම කියල. එතකොට ඒ පුතා වගේ කෙනා කිව්වා “එහෙමද?, තාත්ත වත්තට ගියා, එන්න පැයක් විතර යයි, මෙතන ඉදගන ඉන්න” කියල. මම ඉතින් ඒ පෙන්නුවා ඉස්තෝප්පුවේ පුටුවට වෙලා ඉදගන හිටිය.
පැය බාගයක් විතර යද්දී ආව සර්. ඊට පස්සේ වත ගොත පොඩ්ඩක් කතා කරා. වත ගොත කිවත් ඉතින් ඉස්කෝලේ කාලේ එහෙම සම්බන්දයක් තිබ්බේ නැති හන්ද කියන්න දේකුත් නැහැ.කොහොම හරි ඔන්න මාතෘකාවට ආව.
“මම පුතාට එන්න කිවේ උදව්වක් ඉල්ලගන්න” (යකෝ උදව් ඉල්ලන්න වැඩ ඔක්කොම දාල එන්න කියනවද?, මට හිතුන)
“පුතා අර සමන් පුතාගේ මල්ලිට ජොබ් එකක් හොයල දුන්න නේද? සමන්ගේ මල්ලි බදින්න ඉන්නේ මගේ අය්යාගේ දුව. එයා මට කිව්වා හොද ජොබ් එකක් හොයල දුන්න කියල. මගේ පුතාටත් ජොබ් එකක් හොයල දෙන්න පුතාට පුලුවන්ද”
(මට ඉතින් හිත ඇතුලෙන් හිනත් ගියා. මම මගේ වැඩ පාඩු කරගන ඇවිල්ල, මේ අදුරන්නේවත් නැති කෙනෙක්ට ජොබ් හොයල දෙන්න.)
මම ඉතින් මගේ රාජකාරි එක්ක ලංකාවේ සහ තවත් පිට තියන ව්යාපාර එක්ක සමබන්දයි. සමහර ඒවගේ දීර්ග කාලීනව අදුරන සමබන්දකම් එහෙම තියන හන්ද සමහර ඒවගේ වැඩ කරන අය, ලොකු කළමනාකරුවන්, සමහර වෙලාවට අයිතිකරුවන් එහෙමත් පුද්ගලිකව අදුරනව. ඉතින් දන්නා අදුරන කෙනෙක් ජොබ් එකක් ඇහුවොත් මම බලල ඔය කවුරු හරි ඒ වගේ සමබ්දයක් තියන සමාගමක කෙනෙක්ට කිවම, එයාලගේ වෙකන්සි තිබ්බොත් ඉතින් ටිකක් ප්රමුකතාවය දෙනවා මම කියන කෙනාට.
මම ඉතින් කිව්වා “ඔව් සර් මම සමන්ට ඒ උදව්ව කරා. හැබැයි ඉතින් මේ දවස් වල කොවිඩ් එක්ක ටිකක් ජොබ් එහෙම අඩුයි. නමුත් උත්සහ කරලා බලමු.”
සර් කියනවා “එහෙම කියන්න එපා පුතා, මගේ පුතා කලන හොදට ඉගන ගන ඉන්න කෙනෙක්. හොද ජොබ් එකක් හොයල දෙන එක අමාරු වෙන එකක් නැහැ.”
මම විස්තර ඇහුව “මොනවද සර් එයා ඉගන ගන තියෙන්නේ?, මොන වගේ තැනකද ජොබ් එකක් හොයන්නේ? කලින් ජොබ් කරලා තියනවද?”
සර් කියනවා “ඒ ලෙවල් පාස්. කලා කරේ. ඕ ලෙවල් සම්මාන හතරක් එක්ක පාස්. කලින් තැනක වැඩ කරා, එතන තැන මෙයාට උඩින් හිටිය කෙනා හරියන්නේ නැහැ. මෙයාට කපනවා. දවස් දෙකක් ඉදල ආව. ඔෆිස් එකක වගේ ජොබ් එකක් නම් හොදයි. පඩිය (එක ගානක් කිව, මම ඉතින් ඒ ගාන මෙතන දාන්නේ නැහැ, නමුත් සාමාන්යෙන් ඔයිට වඩා සුදුසුකම් තියන සාමාන්ය උපාධි එහෙම තියන කෙනෙක් ගන්න වැටුපටත් වැඩි ගානක්). උදේ හවස ගෙදර ඉදල යන්න පුළුවන් වෙන්න ඕනේ. ට්රාන්ස්පෝර්ට් දෙන තැනක් නම් හොදයි…” ඔය වගේ එක දේවල් කිව්වා. මම ඉතින් සර් එහෙම්මම එකක් නම් බැරි වෙයි, නමුත් මම උත්සහ කරන්නම්. කියල කිව්වා.
මම සීවී (එයාගේ පුද්ගලික විස්තර) එක දෙන්න කිව්වා. “ඒක පුතාට දෙන්න ඕනෙද?, වැඩ කරන්න හම්බෙන තැනට යැව්වම මදිද?” සර් ඇහුව. මම කිව්වා “මම මේක අදුරන කීප දෙනෙක්ට යවල ඉන්ටෙර්විව් එකක් අරගන දෙන්න බලන්නේ.” එයා කිව්වා “ඉන්ට්ර්විව් යන්න ඕනෙද? පුතාට බැරිද කෙලින්ම දාල දෙන්න ජොබ් එකකට? එතකොට ඒ කියන්නේ පුතාට මේක දෙන්නම ඕනේ නේද?”
මම කිව්වා ඉතින් එහෙම ඉන්ට්ර්විව් නැතුව ගන්නේ නෑනේ. අනික මට ඕක දුන්නොත් ලේසි. නැත්නම් ඉතින් එයාල කොහොමද දන්නේ මෙයා ඒ තනතුටට ඉන්ට්ර්විව් කතා කරන්න සුදුසුද කියල. ඔහොම එක එක දේවල් කියල අන්තිමට කිව්වා සර් එයාගේ පුතාට සීවී එක මට ගෙනල්ල දෙන්න කියල (අකමැත්තෙන් වගේ). මම ඒක අරගන බලද්දී මම දැක්ක ඒ ලෙවල් පාස් කීවට එකක් ෆේල් කියල. මං ඉතින් ඕක හයිලයිට් කරන්න ගියේ නැහැ.
මම ඉතින් ඕක අරගන ආව ආපහු. මම කිහිප දෙනෙක්ට කතා කරා එයාගේ මට්ටමේ වෙකන්සි තියනවාද කියල බලන්න. හොද උත්තරයක් ආවේ නැහැ. නමුත් මම කොහොම හරි කතා කරලා ඉන්ටවිව් එකක් අරගන දුන්න එක මම අදුරන කෙනෙක්ගේ ඉදිකිරීම් අංශෙට සම්බන්ද ෆැක්ටරි එකක. ඇත්තටම මෙයාට එක්ස්පිරියන්ස් නැති හන්ද ජොබ් එකකටම නෙවෙයි ඉන්ටවිව්. එයාට ට්රේනින් එකක් එක්ක, හම්බෙන ජොබ් එකක්. ඒ ෆැක්ටරි ඒකෙ අලුත් වැඩියා අංශෙ. වැඩේ හරි ගියොත් අර හොයපු පඩියම නැතත් සාමාන්යෙන් එයාගේ සුදුසුකම් තියන සාමාන්ය කෙනෙක් කරන ජොබ් එකට වඩා ලොකු පඩියක් ගන්න පුළුවන්.
මම ඉතින් ඕක ගැන විස්තර කතා කරලා කිව්වා. සර් ඉතින් කිව්වා “අය්යෝ, ඕක ඉතින් ගෙදර ඉදල යන්න පුළුවන් තැනක එකක් නෙවෙයිනේ. අනික ඔෆිස් එකකුත් නෙවෙයිනේ. ඔය වගේ තැන් වල ජොබ් හොයන්න ඕනේ කෙනෙක්ට පුළුවන්නේ. පුතාට කිව්වේ හොද තැනක බලන්න කියලනේ.” වගේ අනම් මනම් මට කියනවා. මම ඉතින් ඔක්කොම අහගන ඉදල කීවා දැන් ජොබ් වල තියන හිගය, තව එයාගේ සුදුසුකම් එක්ක ගන්න පුළුවන් ජොබ් අඩුයි කියල, ඒ වගේ දේවල් කියල මම විස්තරේ කියල දුන්න. නමුත් මම හිතන්නේ නැහැ එයාල තේරුම් ගත්ත කියල. මම කිව්වා එයාට කෝකටත් ගිහිල්ල බලන්න කියල ඉන්ටවිව් එකට.
මට එයා ඉන්ටවිව් ගිහිල්ල ඉවර උනාම මගේ ඒ ෆැක්ටරි ඒකෙ ඉන්න මගේ යාළුවා කතා කරා. “කවුද මචං මේ එව්ව පොර? උට ඕනේ ඔෆිස් එකකට වෙලා නිකන් ඉදගන ඉදල පඩි ගන්න ජොබ් එකක්. රජයේ ජොබ් තමයි උට හරියන්නේ. මට නම් බැරි වෙයි උට ට්රේනින් එකත් එක්ක ජොබ් එකක් දෙන්න මචං.” කියල. මම ඉතින් කමක් නැහැ, බොහොම ස්තුතිය් කියල වෙන එකක් හොයන්න ට්රය් එකක් ගත්ත.
එදා හවස ආයෙත් අර සර් කතා කරනවා “මොකද්ද පුතා ඒ ඉන්ටවිව් එක. ඔහොම තැන් වලට පුතාව යවන්න ඕනේ නම් පුතාට කියන්නේ නෑනේ. එතන මේ රෑ වෙනකන් ඉන්න ඕනේ තැනක්. ඔන් කෝල් ඉන්න ඕනෙලු. මෙකනික් වැඩ කරන්න නෙවයි පුතා කැමති. එතනට කතා කරලා කියන්න පුතා එන්නේ නැහැ වැඩට” කියල මට කිව්වා. (තව ඉතින් දේවල් ටිකක් කිව්වා ඔය ජොබ් එක පහත කරලා)
මෙච්චර උදව් කරන්න ට්රයි කරලා ඔහොම නෝක්කාඩු කතා අහන්න යද්දී මටත් ටිකක් කේන්ති ගියා. “සර්, මම හරි අමාරුවෙන් ඔය ඉන්ටවිව් එක හරි අරගන දුන්නේ. අනික පුතා කැමති උනත් එතැන ජොබ් එක හම්බෙන්නේ නැහැ. එයාල එයාව ඉන්ටවිව් එකෙන් ෆේල් කරලා. සර් මෙහෙමයි, සර්ට ඕනේ ජොබ් දෙන්න මේ දවස් වල සමාගම් වලට අවශ්යතාවයක් නැහැ. මේ දවස් වල ඔය සුදුසුකම් තියන අය ඇති තරම් ඉන්නවා. ඉන්න සේවකයෝත් මේ වෙලාවේ කොවිඩ් ප්රශ්නෙත් එක්ක අයින් කරන්න වෙලා තියෙද්දී, නිකන් පිනට ජොබ් දෙන්න කොම්පැනි වලට පිස්සු නැහැ”.
“එතකොට සමන් ගේ මල්ලිට හොද ජොබ් එකක් හොයල දුන්නේ. එයත් ඉතින් ඒ ලෙවල් ෆේල්නේ” සර් කිව. මට හිනත් ගියා. ඒ අහිංසක ළමය ඒ ලෙවල් ෆේල් උනාට වෘතිය සුදුසුකම් අකක් හදාගන, පස්සේ එක එක පාඨමාලා කරලා උපාධියක් එහෙමත් අරගන තිබ්බ පාර්ට් ටයිම්. අනික ඒ ඔක්කොම කරලා තිබ්බේ ෆුල් ටයිම් වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ඉගන ගන. අනික මිනිහ වැඩ වලට දක්ෂයි. වැඩේ කරන්න උනන්දුව තියනවා. ඉන්ටවිව් එක ඉවර උනාම එතන හිටිය මගේ යාළුවා කිවේ “මචං අවුලක් නැහැ, මුට ජොබ් එකක් දෙන්න පුළුවන්. උබ කියන්නේ නැතුව නිකන් ආවත් මම මූව තෝරාගන්නවා” කියල.
මම ඉතින් කිව්වා එයාගේ විස්තරේ එහෙමත්. නමුත් මම හිතන්නේ නැහැ සර් ට ඒවා තේරුම් ගියා කියල. මම අන්තිමට කිව්වා මම ආයෙත් බලන්නම් ජොබ් එකක් (මගෙත් ඉතින් ඉත්තාවෝ දුවනවනෙ, බැනුම් අහගන උදව් කරන්න).
මම ඉතින් ආයෙත් තව කිහිප දෙනෙක්ට කතා කරලා ජොබ් එකක් හොයන්න බැලුව. අන්තිමේදී කොහොම හරි යාලුවෙක් එකක් සෙට් කරලා දුන්න අරයට. පොඩි ඉන්ට්ර්විව් එකක් තියල කොහොමත් ගන්නම් කිව්වා. ජොබ් එක උනේ එක්තරා සමාගමක ගබඩාවක සහය ගබඩා බාරකරු වෙන්න. මම කිව්ව හන්ද ගන්නම් කියල තමයි එතන මැනේජර් කිවේ. මම ස්තුති කරලා සර් ට පණිවිඩේ දුන්න. එයාගේ ගෙදර ඉදල යන්න පුළුවන්. ජොබ් එක තියෙන්නේ සතියේ දවස් පහයි, පහට ඔෆ් වෙන්න පුළුවන්. ට්රාන්ස්පෝර්ට් නම් නැහැ. පඩියත් ඉතින් එයාල බලාපොරොත්තු වෙන එකට වඩා අඩුයි. තව ඉතින් මේසයක් උඩ ඉදගන ටයි එකක් දාගන කරන ජොබ් එකක් නෙවෙයි. බලාපොරොත්තු වෙන විදියේ ජොබ් එකක් නොවුනට ශේප් ඒකෙ කරගන්න පුළුවන් ජොබ් එකක්.
මට එයා කිවේ “හරි පුතා, මම අපේ පුතාව යවන්නම්. හැබැයි මේක එච්චර හරියන ජොබ් එකක් නෙවේ, දැනට මේක බලමු, පුතාට මීට වඩා හොද ජොබ් එකක් හොයල දෙන්න බලන්න” කිව. (ස්තුතියි ජොබ් එක හොයල දුන්නට කියල නම් කිවේ නැහැ).
ඔන්න දැන් අරය යනවා ජොබ් එකට. සතියකට විතර පස්සේ මට එනවා කෝල් එකක් එතන මැනේජර් ඉන්න මගේ යාලුවගෙන්. “මචං අර උබ එවපු හාදය ගැන විස්තරයක් දන්නවද?” මම කිව්වා නැහැ කියල. යාළුවා කියනවා “ඌ පෙරේද ඉදල නැහැනේ. අතුරුදහන් වෙලා. පස්සේ බලනකොට අර අපේ වැඩ කරන එකෙක්ට කියල උට ජොබ් එක හරියන්නේ නැහැ, වැඩ වැඩි, කියල ඌ ගෙදර ගිහිල්ල. බලනකොට උට මෙහෙන් දුන්න ෆෝන් එකත් අරගන ගිහිල්ල තියෙන්නේ උට ඉතින් වැඩ නම් වැඩි වෙන්න විදියක් නෑ, මුල් ටිකේ හන්ද දීල තියෙන්නෙත් ඉන්වෙන්ට්රි ටිකක් චෙක් කරන්න. හිටිය දවස් වලත් වැඩට ඇවිල්ල තියෙන්නේ පරක්කු වෙලා, ඇහුවම මොකක් හරි බොරුවක් කියල.”
මට පොලවේ වලක් කපන් වැලලෙන්න හිතුන. මම සොරි කියල මම කිව්වා මම ඒ ෆෝන් ඒකෙ ගාන එවන්නම් කියල. අරය එපා කිව්වා. නමුත් මට පට්ට අප්සට් හන්ද මම සල්ලි යැව්වා එයාලට අලුතෙන් එකක් ගන්න.
මට තිබ්බ කේන්තියට මම සර් ට කතා කරලා කිව්වා “අයනම් මට ජොබ් හොයන්න කියන්න එපා. ඔය හොයන විදියේ ගෙදරට ලග, උදේ ඇවිල්ල හවස යන, නිකන් ඉන්න පුළුවන් වැඩ නම් නැහැ.” කියල. එත් එක්කම ෆෝන් කතාවත් කිව්වා. ඒක අහල සර් ගේ පුතා කියනවා ලු “ඒ ෆෝන් එක තියාගන්න නේද දීල තියෙන්නේ?” කියල. (ඔච්චර මොට්ට කතා කියනවා කියල බනින්න යැ). ඊට පස්සේ කියනවා ඒක වික්කලු.
මම ඉතින් දන්නා වචන ඔක්කොම මතක් කරලා (කිවේ නැහැ). අය ජොබ් හොයන්න බැහැ කියල කිව්වා. අය අනම් මනම් කියන්න ගත්ත. මට ඉතින් ඇති ම වෙලා ෆෝන් එක තියන්න ඕනේ හන්ද පස්සේ බලමු අය ජොබ් තියනවද කියල කිව්වා.
නමුත් මම අය එයාට ජොබ් හොයන්න ගියේ නැහැ. මට අර මැනේජර් යාලුවට මුණ දෙන්න බැරි උන එක තමයි උනේ.
ලස්සනම කතාව ආරංචි උනේ මේ දැන් සතියකට විතර කලින්.
මගේ තව යාලුවෙක්ට අර සර් හම්බෙලා ටික දවසකට කලින්. කොහොම හරි කතාවේ සාරාංශය “මම ජොබ් හොයල දුන්නේ නැහැ එයාගේ පුතාට, මම එයාගේ පුතාට ඉරිසියයි, මම යාලුවෙක්ට කියල ජොබ් එකෙන් එලියට දම්මෙව්වා එයාගේ පුතාව. තවම ජොබ් එකක් නැහැ එයාට.”
මගේ යාලුවට හිනත් ගිහිල්ල. පොර දන්නවා මම කවුද කියල. ඉතින් ඔන්න ඔහොමයි කල හොද පස්සෙන් එලෙව්වේ මගේ. මම හිතන්නේ සර් ඕක තැන තැන කියා කියා ඇවිදිනවා ඇති.
අය නම් කොච්චර ඉත්තෑවෝ දිව්වත් ඔය වගේ ගොන් වැඩ කරන්නේ නැහැ කියල හිතාගත්ත (කියන්න බෑ ඉතින් ආයෙත් දුවන්න ගනීද කියල එත්)
උපුටා ගැනීම: Tilina Herath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!