කම්හලේ බල්ලටයි ගෙදර සැමියාටයි දෙන්නටම තියෙන්නේ එකම ලෙඩේ
කම්හල් කරුවා කොයි මොහොතේ යකඩයක් ගිණියම් කර තලයිද , බල්ලා විගස දුවන් විත් එතැන බිම හිඳින්නේය .
ගැහැණිය කොතරම් බැන්නත් සැබෑ පුරුෂත්වය ඇය කිසි විටක හැර නොයන්නේය .
සමන්සිරි …….
ඔයැයිට රතුහාල් ගන්න ඕනෑ නේද ?
මාවනැල්ල බස් ස්ටෑන්ඩ් එක පහු වෙනවත් එක්කම කාංචනා පැවසුවේ ,
සමන්සිරිට නිදන් ගත රෝග කිහිපයක්ම පවතින නිසාත් , වෛද්යවරු ඔහුට කෑමට වඩාත් සුදුසු සහල් වර්ගයක් ලෙස රතු සහල් නම් කර තිබූ නිසාවෙනි,
ඔව් වෙනදා ගන්න තැනින්ම ගමු .
තවමත් තිස් පස් හැවිරිදි කාංචනා සහ සමන්සිරි එකම වසරේ ඉපදුනු සහ කොළඹ කැම්පස් එකේ එකටම අධ්යාපනය අවසන් කර මාවනැල්ල මයුරපාද පාසලේ ඉගැන්වීම් කටයුතු වල නියැලෙන අතර නිවස පිහිටා තිබුණේ හෙම්මාත ගම පාරේය .
පාරේ අයිනක නතර කරවූ කාරයෙන් බැස කඩයට ගොඩ වී සහල් රැගෙන පැමිණෙන විට කුඩා ලෑලි කඩයක ලෑල්ලකට ගසා තිබූ ඇණයක කමිසයේ අතක් පැටලුණු නිසාම එහි අයිතිකරුගෙන් ගාණ විමසන්නට විය .
මුදලාලි පැකැට් එකක් කීයද “?
පනහයි මහත්තයෝ……
පැකැට් දෙකක්ම දෙන්න ,
කමිසය ඇණයක වැදී නතර වීමට සිදු වීම නිසා ලැජ්ජාවට පැකැට් දෙකක් රැගෙන හාල් පහේ මිටියත් එල්ලාගෙන කාරයේ පිටුපස ආසනයෙන් තබා නැවත රියදුරු අසුනේ වාඩි විය.
මට මොකුත් ගෙනාවේ නැද්ද “?
නෑ ඇයි මොනාද ගේන්න ඕනෑ ?
අන්නාසි ගෙඩියක්වත් ?
නෑ ඇයි මම ඔයාට අන්නාසි ගේන්නේ “?
කාංචනා ඇඹුල් කරගත් මුහුණින් යුතුව දෑස් වල කඳුළු පුරවමින් පවසන්නට විය .
ඔව් මට තමයි මොකුත් දෙන්නේ නැත්තේ ?
මතකද 2007 මාර්තු අටවෙනිදා ?
නෑ ඇයි”?
එදා තමයි ඔයා මාව මුලින්ම කැම්පස් එකේ දැකලා කැන්ටිමට එක්කන් ගියපු දවස එදත් ඔයා අතේ සල්ලි නැතුව මගේ ගානේ ඩෙල්ටා ටොෆියක් අරන් දුන්නේ
එතකොට 2008 අප්රේල් පලවෙනිදා මතකද ?
ඔව් මෝඩයගේ දවසනේ ?
ඔය කිව්වේ , එදා තමයි අපි ගෙගරි වැව බලන්න මුලින්ම සෙට් එකත් එක්ක ගියේ එතැන කඩල තට්ටුවෙන් කඩල ගොටුවක් අරන් දෙන්න කීවාම මාරු සල්ලි නෑ කියලා මග හැරියා ,
එතකොට 2010 ජූනි මාසේ හත් වෙනිදා හවස තුනයි කාල මතකද ?
ඔව්නේ …….”?
ඇත්තටම කාංචනා එදා මොකද උනේ “?
එදා තමයි මාවනැල්ල බස්ස්ටෑන්ඩ් එකේ තිබ්බ ලොතරැයි බාර් එකේ අන්තිම ලොතරැයි මම ගමු කියද්දී ඕවා විකාර වැඩ කියලා මටත් බැන්නේ පහුවදා ලක්ෂ දහය ඇදිලා තිබුණේ ඒ ලොතරැයියට
ඒ ඕන නෑ 2021 පෙබරවාරි හතර වෙනිදා
ආයේත් අහලා එදා තමයි අපේ ජාතියේ හැත්තෑතුන්වෙනි ජාතික නිදහස් දිනය .
බම්බුව තමයි ඕයි……….
කාංචනා ගේ දෑස් වල පිරි කඳුලු බිමට ගලා ඒමට ඔන්න මෙන්න ,
මට උණ ගැනිලා උයන්න බෑ කඩෙන් කමු කිව්වාම තමුන් ගිහිල්ලා කිබුලා බනිස් දෙකක් ගෙනාවේ රෑට කන්න කියලා ,
අනේ අම්මේ තමුසේ වගේ කුණෙක් ,
අපේ අම්මා කිව්වා මට ,
තමුසෙට තියෙන්නෙම හොර කපටි මූනක් කියලා ,
දෙනෙත පුරා වැහැරෙන කඳුළු පිස දමමින් දින වකවානු මනාව කියවමින් සිටින අතර
සමන්සිරි ඇසුනු නෑසුනු ගානට වාහනය නිවස කරා ධාවනය කර වූ අතර නිවසට ලන් කරනවාත් එක්කම තරහව වැඩි කමට නැවත පිටුපස අසුන පැත්තට හැරුණු කාංචනා ,
කෙහෙල් ‘
මෙව්වා දෙනවා රිලවුන්ට කන්න ලෝබයා
කියාගෙන ,
හාල් මල්ල අසල තිබූ සිලි බෑගය අතට ගෙන ඉදිරි ජනේලයෙන් එලියට විසික්කන්න සූදානම් වන විට එහි ඇතුලත තිබූ දේ දැක .
හානේ අන්නාසී…………… මට ද ?
ගෙනාවේ .
එතෙක් වේලා කිසිත් නොකියා සිටි සමන්සිරි ආඩම්බර දෙනෙතින් කාංචනා දෙස බලා “
වෙන කාටද අනේ ඔයාට ගෙනාවේ .
සිදු වූ සියල්ල නිමේෂයකින් අවසන් විය.
අනේ අප්පච්චි කලින් කියපුවා ගනන් ගන්න එපා හොදේ “
මම ඉතින් ඔයාට ආදරෙයිනේ …….
මිදුල තුලට ඇතුල් කල කාරයෙන් එලියට බැස නිවසට ගොඩ වන විට සමන්සිරි තමාටම සිනා සෙන්නට විය.
ඒ සෑම වැරදීමක්ම , චාටර් වීමක්ම සැමියෙකු නිතරගයෙන් ලබන ජයග්රහණයකට හේතුවක් වන නිසාය.
සැමියෝ වැජබේවා!
උපුටා ගැනීම: අයිති නැති අකුරු