මේක මගේ යාළුවෙකුට සිද්ධ උන ඇත්තම සිද්දියක්.
අපි දෙන්නම වැඩ කරන්නේ කොළඹ ඔෆිස් එකක (මහ ලොකු එකක් නොවයි ඉතිං.). අපි මිනිහට ඉෂාන් කියලා කියමු. ඉෂාන් ඉගෙනගෙන තිබුනට සාමාන්‍ය දැනීම ටිකක් අඩුයි. අවස්තාවට අනුගත වෙන්න, අවස්තාවට අනුව වචන පාවිච්චි කරන්න මිනිහට තේරෙන්නනෙම නැති තරම්. මෙයා කෝච්චියෙන් තමයි හැමදාම උදේට වැඩට එන්නේ. මීරිගමට එනකන් බස් එකේ ඇවිත් එතනින් ට්‍රේන් එකේ කොළඹට එනවා.
දැන් මේකයි සිද්දිය. ට්‍රේන් වල යන එන උන් නම් දන්නවා, කම්මැලිකමටත් එක්ක ඔය ට්‍රේන් වලදී, ස්ටේෂන් වලදී යාළුවෝ එහෙම ඕන තරම් සෙට් වෙනවනේ. ඉෂාන්ටත් සෙට් වෙනවා ස්ටේෂන් එකේදී මේ වගේ යාළුවෙක්. අපි එයාට ලෝචන කියමු. දෙන්නම ඉතින් ට්‍රේන් එක එනකන් රටේ නැති වල්පල් කියව කියව, අරූගෙ, මුගේ ඇද හොය හොය තමයි ඉතින් ඉන්නේ. වෙන කරන්න දේකුත් නෑනේ.
දවසක් මෙහෙම ඉන්නකොට දෙන්නා සෙට් උනා හොඳ මාතෘකාවකට. මොකක්ද; “කෙල්ලෝ”..! දැන් ඉතින් දෙන්නා දකින දකින කෙල්ලොන්ගේ අරව මෙව්වා ගැනයි, එල්ලිච්ච එව්වා ගැනයි, ඉස්සිච්ච එව්වා ගැනයි ඇද උන එව්වා ගැනයි කතා කර කර ඉන්නවා. මේ අතරේ ලෝචන කියනවා “ මචං.. බලපං, ඉස්සර චූටිවට හිටපු හොටු කෙල්ලෝ දැන් ලොකු වෙලා, අඳුනගන්නත් බෑ පිස්සු හැදෙනවා” කියලා. අපේ එකාත්ටත් දෙවෙනි වෙන්න බෑනේ ඉතිං, “ඔව් බං කලිං දන්නවා නම් ලොකු උනාම මෙහෙම ඉඳී කියලා පොඩි කාලෙම දාගන්නවා” කියලා ඌත් කියනවා. අරූ කියන කියන එකට දෙවෙනි නොවී අපේ එකාටත් කියන්න මොකක්ම හරි දෙයක් තියෙනවා.
මෙහෙම කතාව ටන අතරේ ලෝචන කෙල්ලෙක්ව පෙන්නලා අපේ එකාට කියනවා “ අර බලපං අරක පට්ට කෑ#ල නේද” කියලා. මූත් ඉතිං ඒක බලලා “ම්ම්ම්.. ඔව් ඔව්” කියලා යාළුවට පෙන්නන්නත් හොඳ ඇඟපත පෙනුම තියෙන කෙල්ලෙක් හොයනවා. එතකොට තමයි මේ ගොනා දකින්නේ රතු පාට සාරියක් ඇඳපු “රිසි පුළුලුකුල රියසක යුරු තිසර තන” තියෙන ගෑණු ළමයෙක් ටිකක් ඈතට වෙන්න හිටන් ඉන්නවා මූ දකින්නේ. ඇත්තටම කෙල්ල ලස්සනයි.
එතනින් එහාට සිද්දිය හරිම ශෝකාන්තයි මිත්‍රවරුනි..!
ඉෂාන් :- මචං අර කෑල්ලත් පට්ට නේහ්..
ලෝචන :- කොයි මචං.. ?
ඉෂාන් :- අර, අර.. අර රතු පාට සාරියක් ඇඳන් ඉන්න සුදු කෑල්ල..
ලෝචන :- අඩෝ..! අපේ අක්කා බං..!
ඉෂාන් :-අඩෝ.. සොරි බං..
ලෝචන :- අවුලක් නෑ බං..
අවුලක් උනේ නෑ. ඉෂාන් එදා ඉඳන් ට්‍රේන් එකට නගින්නේ වේයංගොඩින්…
උපුටා ගැනීම: Sherlock Holms