කලු බබා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගෙ යලුවෙක්ගෙ අත්දැකිමක්
“අම්මො මේ බබාගේ කැත.. කලුම කලුයී.. මෙයා බඩේ ඉද්දී සිගරට් බීලද කොහෙද… අප්පෝ තොල් වල කලූ පාට.. නලලක් ඇත්තෙම නෑ… ඇගේ මවිල් ගොඩායී හරියට වලස් බබෙක් වගේ.. ලොකු උනාම සැලුන්වලම ඉන්නවෙයි…😀😁😁 කියලා මගේ මහත්තයාගේ නංගී චූටී රත්තරන් කරබු දෙකක් මගේ අතට දුන්නා.. මන් එක එහෙම්මම මහත්තයාට දුන්නා…😟😟
වෙලාව දවල් 12.20යි.. ඉක්මනට 1.00 වෙනවනම් හොදයි කියලා හිතුනා… අනිත් අම්මලා තමන්ගේ බබාව පවුලේ අයට පෙන්න පෙන්න සතුටු වෙනවා එයාලා ඒ බබාලව හුරතල් කරනවා… එත් මන්… 😖😖
ලේබ රෑම් එකෙන් වාට්ටුවට දැම්මෙත් මේ දැන්.. රෝස පාට පැනල් එකෙන් ලස්සනට ඔතපූ දූ සැපට හොදටම නිදී.. ඔව් එයා චුට්ටක් කලුයී…😍😍
ඇස්වල කදුලු පිරුනත් අඩන්න බෑ.. අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා.. එයාලට දුක හිතෙයී.. හිත ගල් කරගෙන හිටියා…😢😢😢
“අප්පො අපේ පුතා ඉපදෙනකොට සුදුම සුදුයී.. හරියට හා පැටියෙක් වගේ… අපේ පරම්පරාවටම මේ වගේ ලමයෙක් ඉපදිලා නෑ.. බුදු අම්මෝ.. මගේ අවුරුදු 30ක සර්විස් එක පුරාවටම මේ වගේ ලමයෙක් දැකලා නෑ.. මගේ ෆිල්ඩ් එකේ කලූම කලූ අම්මලාටත් සුදුම සුදු ලමයි හම්බවූනා.. අම්මයී තාත්තායී දෙන්නම කලූ අයටත් මෙච්චර කලු ලමයි හම්බවුනේ නෑ..”නැන්දම්මාත් පටන් ගත්තා… එයා මගේ පපුව මිරිකුවා “අම්මෝ වෙන අම්මලාගේ කිරී දෝරේ ගලනවා.. බෙඩ්ජෙකට් මාරූ කරලා ඉවරයක් නෑ…. කිරී නෑ දැන් ලමයා කහවෙයී.. බේබී රූම් දාන්නත් වෙයී…😠😠😠
“ඊයේ රූට කෑවට පස්සේ තාම මුකුත් කාලා නෑනේ එකයී..” අම්මා කිව්වා..😤😤😤
අනේ දෙවියනේ මගේ අම්මට තාත්තට මල්ලිට මොනව හිතෙයිද… “දරුවෙක් ඉපදීම දුක් ගොඩක පටන් ගැම්මක් අපී එ දුක සතුටින් භාර ගන්නවා” මට බණ පදයක් මතක් වුණා.. එත් දරුවගේ උපත මට මේ තරම් දුකක් වෙයි කියලා මන් හිතුවේ නෑ… පොඩී කාලේ පුලුවන් හැම පෝයටම සිල් ගත්ත, උසස්පෙල ලියන කාලේ හැම සති අන්තයකම භාවනා වැඩසටහන් වලට සහභාගි වුණ මට මෙහෙම වෙයී කියලා කවදාවත් හිතුවේ නෑ…😰😰😰
මට අම්මගෙයී තත්තගෙයී මූණූ බලන්නත් බෑ… අනේ ඉක්මනට 1 වෙනවනම්… වාට්ටුවේ හැමෝම මගේ බබා දිහා බලනවා.. ඊට පස්සෙ මන් දිහා බලනවා… මන් මගේ මහත්තායා දිහා බැලුවා.. එයාත් බබා දිහා බලන් නෑ මන් දිහා විතරක් බලන් ඉන්නවා…😦😦😩😩
“බබා හම්බවෙද්දී හිර වූණා ඒ නිසයී එයා කලූ වෙන්න ඇත්තේ..” මන් මගේ මහත්තයාට කිවූවා.. එයා මගේ ඔලුව අතගාලා කමක් නෑ මන් ගිහින් බබාට ඕන කරන බඩූ වගයක් අරන් එන්නම් කිවුවා…😦😦😟
නෑනගේ වෙඩින් එක තව මසෙකින් නිසා එයත් ෆෙශ්ල් එකකට යන්න ඕනේ කියලා එයා මැරීකරන්න ඉන්න අයියත් එක්ක ගියා.. මට නිදහසක් දැනුණා..🙁🙁
ඇසුත් රතු කරන් ඈතට වෙලා බලන් හිටපු මල්ලී ඇහූවා “අයීයා බත් පාර්සලේ කෝ කියලා” 😞😟😦
ආ ඒක නංගී ගාව කිව්වා.. මල්ලි මහත්තයාගේ නන්ගී පස්සෙන් දුවලා ගියා බත් පාර්සලය අරන් එන්න…😔😔😔
“අපේ දූගේ වෙඩින් එක ලගයි නේ..” එයාගෙ අම්මා මගේ අම්මත් එක්ක කිව්වා.. මහත්තයයි එයාගෙ අම්මයි බඩූ වගයක් අරන් එන්න ගියා…🙃🙃
මන් අම්ම දිහා බැලුවා..
“බය වෙන්න එපා අපි බබාව අපේ ගෙදර අරන් යමූ මන් වෙනිවැල්ගැට තම්බලා බබාව නාවන්නම් එතකොට හරීයාවී… මන් ඔලුව වැණුවා.. ☺️☺️☺️
තාත්තා මුකුත් නොකියා මන් දිහා බලන් හිටියා.. මට දුක හිතුනා.. කාගෙන්වත් වචනයක් අහන්න බැරිවෙන්න හදපූ මගේ අම්මටයී තාත්තාටයී අද මොනවා හිතෙන්න ඇතිද…😭😭😭😭
හති ඇර ඇර මල්ලි බත් එක අරන් ආවා… “මගේ යලුවෙක්ගේ අම්මා කෙනෙක්ට කියලයී මේ බත් එක උයා ගත්තේ මල්ලී කීවා..”😀😀
ලේබ රෑම් එකේ මිස්ලා මල්ලිට කියලා මට කොහෙන් හරි බත් එකක් ගෙනත් දෙන්න කියලා… මල්ලී යාලුවෙක්ට කෝල් කරලා බත් පාර්සලයක් හදාගෙන.. අම්මා කිව්වා 🙂🙂🙂
දූ තාම දොයී… අම්මා බල කල නිසා මන් බත් එක කෑවා.. බත් උගුරෙන් පහලට යන්නෙ නෑ ගල් වගේ.. හිත හොදටම රිදිලා.. අඩන්නත් බෑ… මට ගොඩක්ම දුක මගේ අම්මගෙ තත්තගේ මල්ලිගේ හිත රිදුනු එකට.. බබා උපදිද්දී දැනුන වේදනාවට වඩා වැඩී දැන් දැනෙන වේදනාව… බත් කාලා අත හොදගන්නකම් මල්ලිගේ යෙහෙලියක් මන් ලගින්ම හිටියා.. මට කගෙවත් මූණූ බලන්නත් බෑ.. ඇත්තටම දුකයී මට මන් ගැනම දුකක් දැනෙනවා..🤕🤕🤕
පව් අම්මයී තාත්තයී උදෙන්ම බස් එකේ එන්න ඇත්තේ ගමේ ඉදලා.. ආවට පස්සෙ එයාලගෙත් හිත රිදෙන්න ඇතී….😢😢😢
“අම්මා ඔයා අද ගෙදර යනවද..”🙁🙁
“නෑ තාත්තා යයී.. මන් ඉන්නම් අම්මා” කිව්වා…☺️☺️
1.15 විතර වෙනකම් අම්මයී තාත්තායී හිටියා.. තාම සමීර ආවේ නෑ.. 😔😔
මගේ ඇදේ හිටපූ අනිත් අක්කා කතා කලා..
නංගී, බබා සීසද… නෑ අක්කේ නොමල්..☺️☺️
අනිත් ඇදේ හිටපූ අක්කා ඇහුවා නංගී ඔයාගෙ නැන්දම්මාගේ අවුරුදු 30ක සර්විස් එක මොකද කියලා… එයා අක්කේ මිඩ්වයිෆ් කෙනෙක්…☺️☺️
ආආඅආ එතකොට ඒ හිටියේ ඔයාගේ මහත්තයගේ අක්කද… නෑ අක්කේ නංගී☺️☺️
“අද හවස මන් යනවා නංගීගේ බඩූ මෙතනින් තියා ගන්න..” මට දීපූ ඇදේ ඉන්න අක්කා කිව්වා..
මන් ඔලුව වනලා හා කිව්වා…☺️☺️
රජයේ රෝහල්වල බබාලා හම්බවුනු වාට්ටුවල එක ඇදක අම්මලා දෙතුන් දෙනෙක් ඉන්නවා.. ඉතින් ඒ අම්මලා බබාලව ඇදේ තියලා පුටුවලට වෙලා ඉන්නේ…😉😉
සමීර ආවා.. එයා බබාට කොට්ශීට් එක නෙට් එක එහෙම ගෙනත් තිබුනා.. අම්මා එතන හිටපූ අක්කා කෙනෙක්ට දුවව පොඩ්ඩක් බලන්න කියාලා කිව්වා..
ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න කියලා තාත්තා කිව්වා.. අම්මයී තාත්තායී සමීර එක්ක පිටත් වුණා… 😊😊😊
බබා තාම නිදී පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඔනේ ඉතින් මන් බබාව ඇහැරවලා කිරී දුන්නා.. මිඩ්වයිෆ් මිස්ලා විටින් විට ඇවිත් බබලා කිරි දෙන හැටි කියලා දුන්නා…
බබා ඇස් ඇරලා වටපිට බැලූවා එයාගේ ඇස් තරු කැට දෙකක් වගේ ලස්සනයී… එයගේ චූටි අත් කටට ලන් කරලා කට උල් අරනකොට පපුව කිරිවලින් පිරෙන්වා.. ඔව් ඕනම අම්ම කෙනෙකුට තමන්ගේ දරුවා ලස්සනයී.. මට උණහපුළු අම්මගේ කතාව මතක් වුණා…😍😍😍😍
මන් වටේම ඉන්න බබාලා දිහා බැලූවා.. ඒ බබාලගෙයී මගේ බබාගෙයී වෙනසක් නෑ.. පාට ටිකක් අඩුයී තමයී… මාත් චුටී කාලේ කලූයී.. මල්ලී සුදූයී… සමීරත් මට වඩා පාට අඩුයී.. එයාගෙ නන්ගීත් ගොඩක් සුදූ නෑ එයා මැරී කරන්න ඉන්න අයියත් සුදූ නෑ… බබාට ආයෙත් නින්ද ගියා… මාත් පුටුවේ ඉදගෙන ඇදට ඔලුව තියන් නිදා ගත්තා..😴😴😴😴
අම්මා යනකොට මට එයාගේ ෆෝන් එක දීලා ගියා.. අම්මා තුනට විතර කතා කලා.. අම්මා කෑම එකක් හදන් එන්නම් කිව්වා.. මන් දන්නවා අම්මාට තමයි උයන්න වෙන්නේ කියලා… අම්මත් පව් උදේ බස් එකේ ඇවිත් මහන්සිත් ඇතී… 😤😤😤😤
ඇත්තටම මට බබාගේ අඩුවක් පේන්නේ නෑ.. මගේ ලගට ආපූ මිස් කෙනෙක්ගෙන් මන් ඇහුවා බබාගේ අඩුවක් තියෙනවාද කියලා.. එයා හිනා වෙලා කිව්වා ඔයාගේ බබා හොදට ඉන්නේ කියලා… 😟😟
5.30ටත් කිට්ටුයී සමීර තාම නෑ.. බබගේ නැපිත් ඉවරයී ඉතිරි ටික ගෙදර… මගෙ ෆොන් එකේ සල්ලිත් නෑ… 5.45ට විතර අම්මයී සමීරයී සමීරගේ අම්මයී ආවා.. අම්මා මට බත් ගෙනාවා.. අම්මා තමයී උයලා තිබුනේ..😧😧
අපේ අම්මට හොදටම අමාරු ඊයේ රෑ ඉදලා හොස්පිටල් එකේනේ හිටියේ ඔලූව කැක්කුම හැදිලා.. එත් දැනුත් ආවා.. සමීර කිවා..😞😞
බබා ලස්සනයි නේද… මන් සමීරගෙන් ඇහුවා..😍😍😍 ඔයා දැන් කාලා ඉන්නකෝ.. එයා කිව්වා 😐😐😐
බබා කක්කා දැම්මද… නැන්දම්මා ඇහුවා..
“”ඔව් අම්මේ මේ”” මන් කක්කී රෙදී පෙන්නූවා…☺️☺️☺️
ඩොක්ටර් මොකද කිව්වේ.. ඩොක්ට ආවේ නෑ මන් කිව්වා..☺️☺️☺️
හරී මන් මිස්ව හම්බවෙලා එන්නම්කෝ.. කියලා සමීරගේ අම්මා ගියා…😐😐😐
බබා නිදී අම්මා බබා දිහා ආදරෙන් බලන් හිටියා..මන් කාලා ඉවර වෙලා අත සෝදන් එන ගමන් අනිත් බබාලා දිහා බල බල ආවේ ඒ බබාලගෙයී මගේ බබලගෙයී වෙනස්කම් හොයා ගන්න…😕😕😔
මට මතක් වූනා මන් පොඩී කාලේ කියවපූ පොතක් මට පොතේ නම මතක නෑ.. එත් ඒක ස්වාමීන්වහන්සේ නමක් තමන්ගේ නංගිට ලියපූ ලියූම්.. ඒ පොතේ තිබූනා අලුත උපන් බබාලා කැතයී.. මස තුනෙන් පස්සේ ලස්සන වෙන්නේ කියලා.. එක මතක් කරන් මන් හිත හදා ගත්තා…😤😤😤😤😤
අම්මා හෙට උදෙන්ම එන්නම් කියල ගියා…😊😊😊😊
ඔයාගේ බබා ඇඩුවේ නෑ නේද.. අනිත් ඇදේ අක්කා ඇහුවා…😊😊😊
මන් ඔලුව වනලා නෑ කිව්වා..😊😊😊
බබා අඩන්නේ මොකටද හැමවෙලේම බබා අතේ නේ ඒ ඇද බෙදාගෙන හිටපු අනිත් අක්කා කිව්වා…😀😀😀
බබා උණුසුමට ගුලිවෙලා නිදී.. තාමත් සමීරගේ අම්මයී නන්ගී කියපූ දේ මතක් වෙනවා… ඒ වෙලාවේ නංගී අම්මයී එහෙම කිව්වට පස්සේ හරී යවී මන් හිතුවා..🙄🙄🙄🙄
රෑ 11 ට විතර බබා අඩන්න පටන් ගත්තා මට නලව ගන්න බැරි වුණා.. චූටී මිස් කෙනෙක් ඇවිල්ලා බබා නලවලා දීලා බබාට කිරි දෙන්න කියලා ගියා.. එයා මටත් වඩා බාලයී එත් බබා තුරුල් කරන් බබාව නලවලා දුන්නා..😌😌😌
උදේ 6ට ලේබරූම් එකෙ ගාවට එන්න කියලා මිස් කෙනෙක් කියලා ගියා.. අම්මාලා තාම නෑ.. මට බබා දාලා යන්නත් බෑ නොගියොත් බැනුම් අහන්නත් වෙයී… මන් බබාව ඇදෙන් තියලා ලේබෙ රූම් එකට ගියා… 😯😣😶
මන් එනකොට අම්මා බබාව වඩගෙන ඉන්නවා..😍😍😍
බබා ඇඩුවද.. මන් ඇහුවා..😁😁
බබා දාලා කොහෙද ගියේ අම්මා මට සැර කලා..😬😬
මිස් කෙනෙක් එන්න කිව්වා එකයි ගියේ මන් කිව්වා..😞😞
මන් එනකොටම බබා අඩන්න පටන් ගත්තා වඩාගත්ත ගමන් හරි ගියා.. අම්මා ආදරයෙන් කිව්වා..ඔයා පොඩී කාලේ වගේමයී. තාත්තා කිව්වා තාත්තා දැකපූ ලස්සනම බබා මේ දූ කියලා අම්මා කිව්වා…😍😍😍😍😍😍
උදේ හතට විතර ලේඩී ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා බබා බැලූවා.. බබාගේ lungs heart sound බැලුවා… ඩොක්ටර් stethoscope එක ගලවපූ ගමන් මන් ඇහුවා බබාගේ අඩුපාඩු තියෙනවාද කියලා… ඩොක්ටර් මන් දිහා බලන් ඉදලා මුකුත් කියන් නැතුව ගියා.. 😯😯😯
නෑ මගේ බබාට කරදරයක් වෙන්න බෑ මන් තදින්ම හිතුවා.. 🙂🙂🙂
මිස් කෙනෙක් ඇවිත් කිව්වා ඔයාට දවල්ට යන්න පුලුවන් ගෙදර අයට කියන්න කියලා…😁😁😁
මට ගොඩක් සතුටු හිතුනා.. බබාගේ අඩුපාඩු තියෙනවානම් ගෙදර යවන්නේ නෑනේ…😍😍😍
නංගී ඔයාට අවුරුද්දට ගෙදර යන්න පුලුවන්.. අක්කා කීවා..
අක්කගෙත් ටිකට් කපයී අක්කාටත් යන්න පුලුවන් වෙවී.. මන් කීවා..
අක්කලා දෙන්න හිනා වූණා.. එයාල දවස් දහයක් තිස්සේ ඉන්නේ කියලා කිව්වා…😤😤😤
දවල් සමීර එයාගේ අම්මා මගේ අම්මා හැමෝම ආවා.. සමීරගේ අම්මා බබා ගත්තා අම්මා බඩු මලූ ගත්තා…
අපි ගෙදර ආවා… මේ අවුරුද්දේ විතරයී අපේ ගෙදර කෑවුමක් හැදුනෙ නැත්තේ.. ගෙට ගොඩ වෙනකොටම සමීරගේ අම්මා කිව්වා..😞😞
ඒ වුනාට අපිට අවුරුදු කුමරියක් ඉන්නවානේ… සමීරගේ තාත්තා කීවා…🙂🙂
සමීරගේ තාත්තා මගේ තාත්තාගේ යාලුවෙක් ඒ යාලුකමට ආපූ proposal එක නිසා තමයී අද මන් මේ ගෙදර ලේලී වූනේ.. බබා බඩේ ඉන්නකම් සමීරගේ අම්මගේ කටේ තිබුනෙම “මෙයාට බබා normal ලැබෙන්නෑ.. බබා normal හම්බවෙන්න වැඩ කරන්න ඕනේ.. මෙයා වැඩ කරන්නේ නෑනේ.. මෙයාට බබා හම්බවෙන්නේ නෑ..” මන් කරන වැඩ එයාට පෙන්නෑනේ මට හිතුනා..😣😣😣😣
බබා උඩට ගෙනියන්න එපා.. පඩිපෙල නැගලා මැහුම් කැඩෙයී.. සමීරගේ අම්මා කිව්වා..
“බබා කොහෙද තියන්නේ” මන් සමීරගෙන් ඇහුවා..
කමක් නෑ ඔයා උඩට යන්න පහලට එන්නේ නැතුවම ඉන්න.. සමීර කිව්වා..
මන් උඩට එන්නේ දවසට එක පාරයී.. ඒ බබාව නාවන්න විතරයි.. සමීරගේ අම්මා කීවා..
අම්මා මන් ලගට ආවා.. මන් හෙට (පරණ අවුරුදු දවස) හවස ගෙදර ගිහින් අවුරුදුදාට පහුවදාම එන්නද අම්මා ඇහුවා… අවුරුදු දා තාත්තාව බඩගින්නේ තියන්නත් බෑනේ අම්මා කිව්වා.. මෙහෙ ඉද්දී අම්මගේ හිතත් රිදෙනවා එතකොට මගේ හිත රිදෙනවාත් වැඩී… එනිසා අම්මා යන එක හොදයී.. මට හිතුනා… ඒනිසා මන් අම්මට යන්න කිව්වා… 🙂🙂🙂
අම්මා යනවා කියලා දැනගෙන සමීර මට දෝස් කීවා.. මන් මුකුත් කීවා… අම්මට මෙහෙ ඉන්න බැරි නිසයි යනවා ඇත්තේ මට හිතුනා.. එවා ඔයාට කියලා තේරුම් කරන්න බැරි බව මන් දන්නවා… ඒ නිසා නිහඩ වුනා..🙄🙄🙄🙄
බබා ගෙදර ගෙනාපූ දවසේ හවස බබාගේ ඇග ගිනිකබලක් වගේ රස්නේ වුනා..මං අම්මට කිව්වා සමීරගේ අම්මා බලලා ඒ හැටී කිවා.. මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ ඊට පස්සේ..😊😊
එදා හවසම ගමේ මිඩ්වයිෆ් මිස් ආවා.. මිස් බබාව බලලා බබාට උණ අරන් කීවා.. සමීරගේ අම්මා කිව්වා ඒ හැටී කියලා.. මිස් තුන් පාරක් thermometer එක තියලා check කලා.. පස්සේ සමීරට කිව්වා බබාව ඩොක්ටෙර්ට පෙන්නන්න කියලා.. 🤒🤒🤒
එවෙලේම බබාව ඩොක්ටර්ට පෙන්නුවා ඩොක්ටර් කීවා බබාට පැය දෙකෙන් දෙකට කිරි දෙන්න කියලා..😔😔
බබාට පහුවදා උණ අඩු වුනා…බබාට උණ හොද වුණ නිසා අම්මා හවස ගෙදර ගියා… 🙂🙂🙂
නොනකතේ ලබන්න කලින් බබා නාවන්න ඔනේ කියලා සමීරගේ අම්මා වතුර ලෑස්තී කලා.. උදේ 10.30ට විතර බබා නාවලා ඉවර වෙලා මට ඇල් වතුරෙන් නාගන්න කිව්වා… බබා අඩනවා.. මන් කිව්වා බබාට කිරී දීලා නිදි කරවලා මන් නාන්නම් කියලා.. ඉක්මනින් නාගෙන එන්න මන් බබා බලා ගන්නම් කියලා කියපූ නිසා මන් විනඩි කීහිපයකින් නාගෙන බබා ගන්න ගියා… බබෙක් අඩද්දී මොන අම්මටද නානා ඉන්න පුලුවන්… 😵😵😵
මන් බබා ගන්න යද්දී සමීරගේ අම්මා බබාට දාඩියයි එකෙයී අඩන්නේ කියලා ඇදුම් සේරම ගලවලා හුලන් වදින්න බැල්කනියෙ තියන් ඉන්නවා.. බබා අඩනවා බබා අඩනකොට කලුම කලූ පාට වෙනවා… 😳😳😳
හොදට පිහිද ගන්න නැත්තම් බබාට සිතලයී.. සමීරගේ අම්මා කිව්වා.. මන් ඉක්මනට කොන්ඩේ පිහිද ගෙන බබාව ගත්තා… 😢😢😢
අප්පෝ අඩද්දී යක් පැටියෙක් වගේ කියමින් සමීරත් එක්ක පහලට ගියා.. මන් බබාව පැනල් එකෙන් ඔතලා කිරි දිලා නිදි කරව ගත්තා…😞😞😞
මගේ බබා කලුයී කැතයී එත් ඒ මගේ දරුවා.. මගේ දරුවා මට වටිනවා… එයා කලුයී කියලා අයින් කරන්න බෑනේ…. මන් මගේ හිතත් එක්ක තර්ක කලා… 😍😍😍😍
අවුරුදු කෑමට කිරිබත් හදලා තිබුනා.. එදා අවුරුදු උදාව හවසයී තිබුනේ…😊😊😊😊
පහුවදා උදෙන්ම අම්මයී තාත්තායී ආවා.. තාත්තා හවස ගියා අම්මා නතර වුණා…😊
මගේ පවුලේ අයට මගේ බබා ලස්සනයි එත් මගේ මහත්තයාගේ පවුලේ අයට මගේ බබා විරූපී.. මට නැන්දම්මා පේන්න බැරිවුණා..එත් මන් ඉවසගෙන හිටියා.. ඇත්තයම මන් නැලවිලි ගී කියන්න විතරමයි කට ඇරියේ.. මුළු රෑම බබා ඇහැරලා දවල්ට නිදී… 🙂🙂🙂
එදා රෑ මහත්තයා කාමරේට ආවා… මගේ අම්මා අතේ බබා හිටියේ… එයා බබා දිහා බලන් ඉදලා ඔලූවේ අත් දෙක බැද ගෙන “අනේ දෙවියනේ මන් මේ ලමයා කොහෝමද මගේ යලූවන්ට පෙන්නන්නේ මට පිස්සු වගේ කියලා කිව්වා…😵😵😵😵
“බය වෙන්න එපා අපේ බබා ලොකු වෙනකොට ලස්සන වෙයී..” මන් කිව්වා..😍😍😍 ඕනම අම්ම කෙනෙක්ගේ බලාපොරොත්තුව ඒක..
“මන් බබා අරන් දුවත් එක්ක ගමට යන්නම් මාස තුනක් යනකොට හරියයී..” අම්මා බබාව තුරුල් කර ගනිමින් කිව්වා..
“ඒ කෑලේ කොහොමද ලමයී හදන්නේ..” සමීරගේ අම්මා එතනට ආවා.. 😡😡
“ඉතින් මගේ ලමයි හැදුනෙත් ඒ කෑලේ තමයී” අම්මා ටිකක් සැරට කීවා..😠😠😠
මගේ මානසික තත්ත්වය ටික ටික බිද වැටුණා… බබා ඉපදිලා දවස් පහයී.. තාම මගේ මහත්තායා බබා අතට ගත්තේ නෑ… මට depression හැදුනා… 😵😵😵
පහුවදා මන් මහත්තයා කතා කරලා කිව්වා මට ඔයාගේ අම්මා පේන්න බෑ ඇත්තමයී මන් ඔයාගේ අම්මට ගහනවා කියලා…😠😠😠😠
සමීර බය වෙලා පහලට ගියා… එයාලා හැමෝමටම කතා කරලා.. 😨😨
මට මල්ලී කෝල් කරලා කිව්වා “අක්කේ ඔයා ගෙදර එන්න කියලා..”😞😞
සමීර ඇවිත් කිව්වා අපී psychiatrist කෙනෙක් ගාවට යමූ කියලා… 🙁🙁🙁
අම්මා අඩ අඩා සමීරට අත් දෙක එකතු කරලා වැදලා කීවා ” අනේ එපා පුතේ.. අපිට දුවයී දුවගේ දුවයී වැඩී නෑ අපී දරුවව අරන් ගෙදර යන්නම්” කියලා.. ඒත් මගේ ඇස්වලින් එක කදුලු බින්දුවක් වැටුනේ නෑ… ඒ තරම් මගේ හිත ගලක් වෙලා…😭😭😭😭😭😭
එදා ඉදාලා එයාගෙ අම්ම වැඩිය මන් ඉන්න තැනට ආවේ නෑ… එයාලා හැමෝටම කිව්වා මට පිස්සු හැදිලා කියලා….. නංගිනම් පේන්නවත් හිටියේ නෑ… එයා බබාව දකින්නත් බයයී..😵😵😵😵😵
සමීර මාව ගමට ගෙනත් ඇරලුවා…. මන් බබත් එක්ක ගමට වෙලා ඉන්නවා….. එත් තාමත් මට ඒ පරන මතකයක් හිත පාරනවා.. මහත්තයා සතියක් ඇර සතියක් බබා බලන්න එනවා.. 😢😢😢😢
අම්මා කිව්වා වගේම වෙනිවැල් තම්බලා නාවනකොට බබා පාට වැටුනා කලූ පාට අඩුවුණා.. 😊😊😊😊😊
ගමේ කවුරුත් බබාගේ අඩුපාඩු කිව්වේ නෑ.. දැන් මගේ බබා හිනා වෙනවා… ඇවිදිනවා… මටනම් මගේ බබා ගොඩක් ලස්සනයී…😊😊😊😊😊😊
ඔව් දැන් මගේ මහත්තයාටත් මගේ දුව ලස්සනට පේනවා…😊😊😊
එදා කලුයී කැතයී කියපූ කෙල්ල මගේ අම්මට තාත්තට මල්ලිට පින් සිද්ද වෙන්න අද ලස්සන දරුවෙක්…
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💞💞💞💞💞💞💞💜️💜️
ඔව් මේ ඇත්තම ඇත්ත කතාවක්
අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නේ අපමන දුක් විදලා… ඕනම අම්මා කෙනෙක් අකමැතී අනිත් අය ඒ දරුවගේ අඩුපාඩු කියනවාට… හොදක් කියන්න බැරිනම් අඩුම තරමේ කතා නොකර ඉන්නවානම් එක වටිනවා…… සමහර දේවල් හිත පතුලේ තැම්පත් වෙනවා..
පසු සටහන,,,
දැන් අවුරුදු කීයක්ද… ඔයාට තාම බැරිවුණානේ ඕක අමතක කරන්න.. ඔයාගේ හිතේ තියෙන කුහකකම තුච්චකම්..
“ඔව් මට මගේ ලමයට කිව්වා දේවල් අමතක කරන්නනම් මන් මැරිලා උපදින්න වෙයී…” මන් කිව්වා..
ඒ මතකයන් වතුර යට තියෙන බොලයක් වගේ එකපරටම උඩට මතු වෙනවා… කොච්චර උත්සාහ කලත් අමතක කරන්න බෑ… මන් තනිවම හිතුවා..
🥀🥀🥀ඔයාලා කියන්න මන් වැරදිද කියලා…..🥀🥀🥀
උපුටා ගැනීම :  Chinthaka Pathirana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!