කළු පැහැති සිරුර (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තමන්ගේ මුතුන් මිත්තෙකු වන අගාට් මාබෙල් නම් පුරාන නායකයාගේ කළු පැහැති සිරුර රැකබලා ගැනීම ඉන්දුනීසියානු පැපුවා හි දුර බැහැර ගමක සාමාජිකයින් සඳහා පැවරුනු ප්රධාන වගකීමක් වෙලා තියෙනවා.
පැපුවාන් මධ්යම කඳුකරයේ පිහිටි ඩැනී නම් ගෝත්රයේ මෙම මමීකරනය කල සිරුර රැකබලාගැනීම දක්නට ලැබෙනවා . එම ගෝත්රයේ වර්තමානයේ ප්රධානියා වන එලී මාබෙල්ගේ නිවසේ ආසන්නයේ පොඩි පැලක තමා මෙම මමිය තියාගෙන ඉන්නේ. ඡායාරූපයේ සිටින්නේ ඔහුයි. ඔහු දෑතින් රැගෙන යන මේ කළු පැහැති මමිය අවුරුදු 250 කට කලින් මියගිය, එම ගම්මානය පාලනය කළ අධිපතියකු වූ අගත් මාමෙට් ය.
ඔහුගේ මරණයෙන් පසු ඔහුව එම්බාම් කර දුම්ගසා, සත්ව තෙල් වලින් ආරාක්ෂා කර තබාගෙන සිටී. මේ කතාව අහද්දි ඔයාලා ටිකක් අමුතුයි වගේ වෙන්න පුළුවන්. අපි නොදන්න චාරිත්ර වාරිත්-වාරිත්ර මේ ලෝකෙ ඕනෑ තරම් තියෙනවා. අපිට ඒ දේ පිලිකුල් උනාට එයාලට ඒ දේවල් මාරම විදිහට වටිනවා. ඒ සංස්කෘති තියාගෙන යන්න. මෙම ගෞරවය නිකම්ම ලැබෙන්නේ නෑලු. ඒ එම ගෝත්රයේ වීරයන් වශයෙන් සැලකූ පුද්ගලයෙක්ට පමණක් ලැබෙන ගෞරවයක් විදිහට තමා සටහන් වෙන්නේ.
පරම්පරා නවයක් තිස්සේ මේ විදියට මේ සිරුර රැක බලා ගෙන තිබේ. ඒ සඳහා සෑම දිනකම දුම් ගැසීම අනිවාර්ය වේ. මේ තරම් කළු පැහැ වීමට හේතුව වන්නේ ද දුම් ගැසීම යි. ඒක හරියට අපි දුම් ගහලා වේලන කරවල වගේ. ඔයා කවදාවත් හිතුවද අපි දුම් ගහලා ඒ විදිහට කරවල වේලුවට, මේ ලෝකෙ මිනිස්සු දුම් ගහලා මනුස්සයෙක්වත් කරවල වගේ කරලා තියාගෙන ඉන්නව කියලා.
නමුත් මෙම ගෝත්රය ඉදිරියට නම් මෙවැනි කාර්යයක් දැකීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඊට හෙතුව වන්නේ ක්රිස්තියානි මිෂනාරිවරුන් සහ මුස්ලිම් දේශකයෝ මළ සිරුරු භූමදාන කිරීමට ගෝත්රිකයන් දිරිමත් කිරීමයි, ඒ විදිහට සියවස් ගණනාවක් ගෙවීගෙන යද්දි ඒ සම්ප්රදායත් මැකීගෙන යයි.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!